ප්‍රශ්නය
මගේ හදවතේ ආශාවන් දෙවියන්වහන්සේගෙන් වන ඒවාද යන්න මා විසින් දැන ගනු ලබන්නේ කෙසේද?
පිළිතුර
යේසුස්වහන්සේ විසින් මෙම ප්‍රශ්නයට පිළිතුර අපට සපයා දෙනු ලබන සේක. "මක්නිසාද නපුරු සිතුවිලි මිනිමැරුම් කාමමිථ්‍යාචාරකම් වෙශ්‍යාකම් සොරකම් බොරු සාක්ෂිකීම් සහ අපහස කිරීම් සිතින් නික්මෙන්නේය" (මතෙව් 15:19). ඉන් අනතුරුව "නමුත් මනුෂ්‍යයා අපවිත්‍රවන්නේ ඔහුගෙන් පිටවන දෙයින්මය. මක්නිසාද ඇතුලතින් එනම් මනුෂ්‍යයන්ගේ සිතින් නපුරු සිතුවිලි වෙශ්‍යාකම් සොරකම් මිනිමැරීම් කාමමිථ්‍යාචාරකමි තණ්හා දුෂ්ඨකම් වංචාව සල්ලාලකම ඊර්ෂ්‍යාව අපහාසකිරීම් උඩගුකම සහ මෝඩකම නික්මෙයි (එනම් නපුරු ඇස) මේ සියලූ නපුරු දේ ඇතුළතින් නික්මී මනුෂ්‍යයා අපවිත්‍ර කෙරේ යයි කීසේක" (මාර්ක් 7:20–23).
මෙම පාඨයන් තුළින් යේසුස්වහන්සේ අපගේ ඕනෑකම් හී මූලාශ්‍රයන් අනාවරණය කරනු ලබන සේක: අපගේ මාංශික තෘෂ්ණාවන් පැමිණෙනු ලබන්නේ අපගේ අභ්‍යන්තරයෙනි. පාපය ඇති වන්නේ බාහිර බලවේගයන්හී ප්‍රතිඵලයක් ලෙස නොවේ. එය උපත ලබන්නේ අපගේ සිතුවිලි සහ චේතනාවන්හී සැගවුණු ස්ථානවලය, එනම් මනසට හා හදවතට පමණක් සිතාගත හැකි රහස් ආශාවන්ය. අවසාන ප්‍රතිඵලය නම් අපගේ වැටී ඇති තත්වය තුළ අපගේ හදවත් වල ආශාවන් දෙවියන්වහන්සේගෙන් නොපැමිණීමයි. යෙරමියා විසින් හදවතේ ස්වභාවය තවදුරටත් තහවුරු කරනු ලබයි: "සියල්ලට වඩා සිත රැවටිලිකාරව තිබේ. එය දුෂ්ටවම තිබේ. එය කාට දැනගන්ට පුළුවන්ද?" (යෙරමියා 17:9).
බොහෝ අයගේ මතය වී ඇත්තේ සියලූ මනුෂ්‍යයන් මූලික වශයෙන් යහපත් සහ විනීත අය බවත් දිළිඳුකම සහ අඩු පෝෂණය වැනි ජීවිතයේ තත්තවයන් අපව මිනිමරුවන් සහ සොරුන් බවට පත් කරන බවත්ය. එනමුත් දේව වචනයෙන් අපට උගන්වනු ලබන්නේ සියලූ මනුෂ්‍යයන් පොදු දුර්වලතාවයකින් පෙළෙන බවය – එනම් පාපය වේ. අපෝසතුළුවූ පාවුළු එය හඳුන්වන්නේ අපගේ පාපිෂ්ඨ ස්වභාවය ලෙසයග "මක්නිසාද මා තුළ එනමි මාගේ මාංසය තුළ කිසි යහපතක් වාසය නොකරන බව දනිමි. මක්නිසාද කැමැත්ත මට ඇත්තේයග නමුත් යහපත් දෙය කිරීම මට නැත්තේය. මක්නිසාද මම කැමති යහපත නොකර අකමැති නපුර කරමි. ඉදින් මම කැමති නැති දෙය කරමි නම් ඒක කරන්නේ මා නොව මා තුළ වාසය කරන පාපයය" (රෝම 7:18–20). අපගේ දුෂ්ට හදවත් අපව පාපයට යොමු කරනු ලබයි.
තවද හදවත කෙතරම් දූෂිත සහ රැවටිලිකාරද යත් අපගේ වේතනාවන් අපට පවා පැහැදිලි නැතග පව්කාර පුද්ගලයන් ලෙස අප විසින් දුෂ්ට දේ නිර්මාණය කිරීමට සහ උපක්‍රම යොදනු ලබන්නේ අපගේ හදවත් වල ඇති අහංකාර සහ ස්වයංපෝෂිත භාවය තුළය. (හිතෝපදේශ 16:30; ගීතාවලිය 35:20; මීකා 2:1; රෝම 1:30). සත්‍යය නම් අපගේ ගැඹුරු චේතනා සහ අභ්‍යන්තර අභිරුචියන් විමසා බැලිය හැක්කේ දෙවියන්වහන්සේට පමණක් වන අතර අපගේ හදවත් තුළ බැදී ඇති අවිනිශ්චිත භාවය සහ බලවත් දුෂ්චරිතය වළක්වා ගැනීමට අපට කවදා හෝ බලාපොරොත්තු විය හැක්කේ උන්වහන්සෙගේ බලය කරණකොටගෙන පමණි. උන්වහන්සේම සියල්ලම සෝදිසි කර බලන සේක් මෙන්ම අපවද සමීපව දන්නා සේක (හෙබ්‍රව් 4:11–13).
භාග්‍යකට මෙන් අපගේ වේදනාකාරි අභිරුචියන් සහ පාපිෂ්ඨ ප්‍රවණතාවයන් හා සමග අපට ඇති අරගලවලදී අපව දෙවියන්වහන්සේ අත්හැර නොදමන සේක. ඒ වෙනුවට පාපය අපගේ හදවතේ දොරටුවට තට්ටු කරන විට එයට එරෙහි වීමට සහ ජය ගැනීමට අවශ්‍යය කරුණාව හා ශක්තිය උන්වහන්සේ අපට සපයන සේක. ගීතිකාකරුවා අපට පවසන්නේ "ස්වාමින් කෙරෙහි ප්‍රීතිමත් වෙව, උන්වහන්සේද තාගේ සිතෙහි ආශාවන් ඉෂ්ට කරන සේක. තාගේ මාර්ගය ස්වාමින්ට භාරදෙව, උන්වහන්සේ කෙරෙහි විශ්වාසයද තබව උන්වහන්සේ එය ඉෂ්ට කරන සේක. උන්වහන්සේ තාගේ ධර්මිෂ්ඨකම එළිය මෙන්ද තාගේ යුක්තිය මද්දහන මෙන්ද නික්මවනසේක" (ගීතාවලිය 37:4–6).
දෙවියන්වහන්සේට තමන්වහන්සේගේම ආශාවන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිනිසාගේ හදවත තුළට රෝපණය කළ හැකිය, උන්වහන්සේ නොමැතිව එම හදවත අතිශයින්ම දුෂ්ට සහ රැවටිලිකාරවේ. උන්වහන්සේ විසින් නපුර යහපතට ආදේශ කර අපගේ හදවත් උන්වහන්සේ දෙසට යන මාර්ගයෙහි තබනුයේ අපගේම අභිරුචියන් ඉවත් කර ඒවා උන්වහන්සේට ආදේශ කර ගනිමිනි. මෙය සිදුවන්නේ අප පශ්චාතාප වී උන්වහන්සේ වෙතට පැමිණ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ගැළවීමේ ත්‍යාගය පිළිගත් විට පමණි. එම අවස්ථාවේදී උන්වහන්සේ විසින් අපගේ ගල් හදවත් ඉවත් කර ඒවා මාංශමය හදවත් වලට ආදේශ කරනු ලබන සේක (එසකියෙල් 11:19). උන්වහන්සේ මෙය ඉෂ්ට කරනු ලබන්නේ අධිස්වභාවික ලෙස උන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ අපගේ හදවත් වලට රෝපණය කිරීම තුළිනි. එවිට අපගේ ආශාවන් උන්වහන්සේගේ ආශාවන් බවට පත්වේ, අපගේ කැමැත්ත උන්වහන්සේගේ කැමැත්ත කිරීමට උත්සාහ දරයි, අපගේ කැරළිකාරකමි ප්‍රීතිමත් කීකරුකම වෙත හැරේ.
English
මගේ හදවතේ ආශාවන් දෙවියන්වහන්සේගෙන් වන ඒවාද යන්න මා විසින් දැන ගනු ලබන්නේ කෙසේද?