settings icon
share icon
ප්‍රශ්නය

කිතුනු සිහින පරිවර්ථනය? අපගේ සිහින දෙවියන් වහන්සේගෙන්ද?

පිළිතුර


ප්‍රශ්න ලැබුණා ආරභයේ කිතුනු සිහින පරිවර්ථනය සේවාවක් නොවේ. අපි සිහියන පරිවර්ථනය නොකරයි. අපි දැඩි ලෙස විශ්වාස කරනවා යම් පුද්ගලයෙකුගේ සිහින හා එහි තේරුම මේ සිහින වල දෙවියන් වහන්සේ හා ඔවුන් අතර පමණක් බවට. දෙවියන් වහන්සේ තවමත් සිහින තුලින් කථා කරයිද? ලියවිල්ල පුරාවට දෙවියන් වහන්සේ සිහින තුළින් මනුෂ්‍යයන්ට කථා කරන ලදි. උදාහරණයකට යෝසෙප්, යාකොබ්ගේ පුත්‍රයා (උත්පත්ති 37:5-10), යෝසෙප්, මරියාගේ ස්වාමියා (මතෙව් 2:12-22), සලමොන් (1 රාජාවලිය 3:5-15), හා තවත් සමහරු (දානියෙල් 2:1; 7:1; මතෙව් 27:19). එසේම අනාගතවකතෘ යෝවෙල් පිළිබඳ අනාවැකිද ඇත (යෝවෙල් 2:28), අපෝස්තුලු පේත්රැතස් විසින් ක්‍රියා 2:17, උපුටා දක්වයි නම් දෙවියන් වහන්සේ සිහින පාවිච්චි කිරීම ගැන සඳහන් කරයි. ඉතින් සරළ පිළිතුර නම් ඔව් දෙවියන් වහන්සේ සිහින තුළින් කථා කරයි.

කෙසේ වෙතත්, එම සත්‍ය අපි අදටත් අදාලකර ගැනීම තුළ වෙනසක් ඇත. අපි මතක තබා ගත යුතුයි බයිබලය ලියා අවසානයි. අපි දැනටත් සදාකාලයටත් දැන ගත යුතු දේවල් පිළිබඳව. ඉන් අදහස් කරන්නේ නෑ දෙවියන් වහනාසේ හාස්කම් නොකරන හා සිහින තුලින් කථා නොකරන බවට. නමුත් දෙවියන් වහන්සේ පවසන ඕනම දෙයක්, එය සිහිනයක් හෝ දර්ශනයක්, හැඟීමක් හො “තවමත් සියුම් හඬක්” සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා උන් වහන්සේගේ වචනයෙන්, එළිදරව් කළ දෙය වේ. සිහින වලට ආධිපත්‍යදීමට නොහැක ලියවිල්ලට.

ඔබට සිහිනයක් තිබුනහොත් එමෙන්ම එය දෙවියන් වහන්සේ දුන් බවට හැඟවෙනවා නම් යාච්ඤාවෙන් යුක්තව ලියවිල්ල තුළ සොයා දැන ගත යුතුය. එම සිහිනය ලියවිල්ල සමග එකඟ වෙනවාද යන්න. එසේ නම් යාච්ඤාවෙන් තේරුම් කර ගන්න ඔබ මේ සිහිනයට කුමන ප්‍රතිචාරයක් දැක්විය යුතුද යන්න (යාකොබ් 1:5). ළියවිල්ල තුළ කවදා උනත් කෙනෙකු දෙවියන් වහන්සේගෙන් සිහිනයක් අත් දැක්කොත් දෙවියන් වහන්සේ නිතරම සිහිනයේ තේරුම පැහැදිලි කරා, සමහරවිට එය එම පුද්ගලයාට කෙලින්ම හෝ දේවදූතයෙක් තුළින්, පණිවිඩකරුවෙකු තුලින් (උත්පත්ති 40:5-11; දානියෙල් 2:45; 4:19). දෙවියන් වහන්සේ අපිට කථා කරන විට, උන් වහන්සේ එය අපට තේරෙන ලෙසට ඉදිරිපත් කිරීමට සියලු දේ කරයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුනු සිහින පරිවර්ථනය? අපගේ සිහින දෙවියන් වහන්සේගෙන්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries