settings icon
share icon
ප්‍රශ්නය

සදාතනික සුරක්ෂිතභාවය ශුද්ධ බයිබලයට (බයිබලීයද?) අනුකුලද?

පිළිතුර


තමාගේ පුද්ගලික ගැලවුම්කරු ක්‍රිස්තුන් ලෙස පිලිගන්නා අය දෙවියන් වහන්සේ සමග සම්බන්ධතාවයක් ඇති කර ගන්නා අතර මේ තුළින් ඔවුන්ගේ සාදාතනික සුරක්ෂිතභාවය තහවුරු වේ‍. යූදස් (යූද්) 24 සඳහන් පරිදි “ඉතින් නුඹලා නොපැකිලෙන ලෙස ආරක්ෂා කරන්ටත් මහත් ප්‍රීතියෙන් යුක්තව උන් වහන්සේගේ තේජස ඉදිරියෙහි කැලැල් රහිතව තබන්ටත් සමර්ථවූ” යනුවෙන් දක්වයි‍. දෙවියන් වහන්සේගේ බලයට ඇදහිලිවතුන්ව පැකිලීමෙන් තොරව තබා ගැනීමට හැක‍. උන් වහන්සේගේ තේජස ඉදිරියෙහි අපව තැබීම අපට නොව උන් වහන්සේට අයත් කාර්‍යයකි‍. අපගේ සදාතනික සුරක්‍ෂිතභාවය හිමිවන්නේ දෙවියන් වහන්සේ අපව දරාගෙන සිටීම නිසා විනා අප අප විසින් ගැලවීම පවත්වාගෙන යාම නිසා නොවේ‍.

ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා “මම ඔවුන්ට සදාකාල ජීවනය දෙමි ඔව්හූ කිසිකලකත් විනාශ නොවන්නෝය, කිසිවෙක් මාගේ අතින් ඔවුන් උදුරා නොගන්නේය‍. ඔවුන් මට දුන්නාවූ මාගේ පියාණන් වහන්සේ සියල්ලන්ටම වඩා උතුම්වූ පියාණන් වහන්සේගෙන් අතින් ඔවුන් උදුරාගන්ට කාටවත් බැරිය” (යොහන් 10 : 28-29ආ)‍. දෙවියන් වහන්සේ සහ යේසුස් වහන්සේ යන දෙදෙනාම අපව ඉතාමත් තදින් ඔවුන්ගේ අත්වලින් අල්ලාගෙන ඇත‍. පියාණන් සහ පුත්‍රයාණන්ගේ අතින් අපව උදුරා ගන්න (වෙන් කරන්ට) පුළුවන් කාටද?

එපීස 4 : 30 අපට කියනවා ඇදහිලිවතුන්ව මිදීමේ දවසට මුද්‍රා කර ඇති බවට‍.” ඇදහිලිවතුන්ට සදාතනික සුරක්‍ෂිතභාවය නොවන්නේ නම් මිදීමේ දිනට කර ඇති මුද්‍රාව, සත්‍ය නොවන අතර, එය පව් කිරීමටත්, අවිශ්වාසයටත් සඳහාවු දිනයට සඳහා වනු ඇත‍. යොහන් 3 : 15-16 අපට කියනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ අදහන කවුරුන් හෝ “සදාතනික ජීවිතය ලබන බව‍.” පුද්ගලයෙකුට සදාතනික ජීවිතය පොරොන්දු වී එය ආපසු ගනු ලබනවා නම්, එය “සදාතනික” පටන් ගැන්මක් නොවනු ඇත‍. සදාතනික සුරක්‍ෂිතභාවය යනු බොරුවක් නම්, ශුද්ධ බයිබලයේ සඳහන් සදාතන ජීවිතය පිළිබඳ පොරොන්දු වල වැරුද්දක් ඇත‍.

සදාතනික සුරක්‍ෂිතභාවය සම්බන්ධයේ බලවත්ම තර්කය ඉද්රිපත් කර ඇත්තේ රෝම 8 : 38-39 “මක්නිසාද මරණයටවත්, ජීවනයටවත්, දූතයන්ටවත්, අධිපතිකම්වලටවත්, දැන් පවතින දේවලටවත්, මතු පැමිණෙන දේවලටවත්, පරාක්‍රමවලටවත්, උසටවත්, ගැඹුරටවත්, අන් කිසි මැවිල්ලකටවත්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇත්තාවූ දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන්කරන්නට නොහැකිවන්නේයයි ඒකාන්තයෙන්ම දනිමි‍.” අපගේ සදාතනික සුරක්‍ෂිතභාවය පදනම් වී ඇත්තේ දෙවියන් වහන්සේ විසින් මුදවා ගත් අය උදෙසා වන්නාවු දෙවියන් වහන්සේගේ ප්‍රේමය මතය‍. අපගේ සදාතනික සුරක්‍ෂිතභාවය ක්‍රිස්තුස් වහන්සේ විසින් මිලදී ගනු ලැබ, පියාණන් විසින් පොරොන්දු දී ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් මුද්‍රා කර ඇත‍.

English



නැවතත් සිංහල මුල් පිටුවට

සදාතනික සුරක්ෂිතභාවය ශුද්ධ බයිබලයට (බයිබලීයද?) අනුකුලද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries