settings icon
share icon
ප්‍රශ්නය

මාගේ මිතුරන් හා පවුල්වලට භුභාරංචිය දේශනා කරන්නේ කෙසේද? ඔවුන් කෝපනොකර, ඔවුන් ඉවතට නොයන ලෙසටත්?

පිළිතුර


සමහර අවස්ථාවල, සෑම කිතුනුවකුටම නොඇදහිලිකාර පවුලේ සාමාජිකයෙක්, සේවකයෙක්, හෝ අඳුනන කෙනෙක් සිටිය හැක. අන් අය සමග ශුභාරංචිය බෙදා ගැනීම අපහසු වේ, ඒවගේම එය තවත් අපහසු වෙනවා එම පුද්ගලයා සමග කිට්ටු සමීප සම්බන්ධතා තිබෙනවා නම්. බයිබලය පවසනවා සමහර අය ශුභාරංචිය ඇසීම නිසා කෝප වෙනවා (ලූක් 12:51-53). කෙසේ වෙතත්, අපිට ආඥාකර තිබෙනවා ශුභාරංචිය බෙදා ගැනීමට, එය නොකර සිටීම ගැන සමාවට කරුණක් නැත (මතෙව් 28:1920; ක්‍රියා 1:8; 1 පේත්‍රැස් 3:15).

අපි කෙසේද, අපගේ පවුලේ සාමාජිකයන්, සම සේවකයන්, යහළුවන්, හා හිතවතුන් හට ශුභාරංචිය දෙන්නේ? අපිට ඔවුන් උඳෙසා කිරීමට හැකි ප්‍රධාන දෙය නම් යාච්ඤා කිරීම වේ. දෙවියන් වහන්සේ ඔවුන්ගේ හිත් වෙනස් කර ඇස් අරියි කියා යාච්ඤා කරන්න (2 කොරින්ති 4:4) ශුභාරංචියේ සත්‍ය කරා. යාච්ඤා කරන්න දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ ප්‍රේමය ඔවුනට හඟවා දෙයි කියලා හා යේසුස් වහන්සේ කරණකොට ඔවුන්ගේ ගැලවීමේ අවශ්‍ය තාවය ගැන (යොහන් 3:16). යාච්ඤා කරන්න ප්‍රඥාව ඉල්ලලා, ඔවුන්ට සේවය කරන්නේ කෙසේද කියලා (යාකොබ් 1:5). යාච්ඤාවට අමතරව අපි ඔවුන් ඉදිරියේ දේවභය (බක්තිමත්ව) ජීවත් විය යුතුය, එම හේතුව නිසා ඔවුන් දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතයේ කර ඇති වෙනස දකින්නට යනවා (1 පේත්‍රැස් 3:1-2). අසීසියේ ශාන්ත ෆ්‍රැන්සිස් පැවසුවා “ශුභාරංචිය ඕන වෙලාවක දේශනා කරන්න, හා වචන පාවිච්චි කරන්න අවශ්‍ය විට.”

අවසාන වශයෙන්, අපි තුළ ශුභාරංචිය බෙදා ගැනීමට සැබෑවූ කැමැත්තක් හා දිරියක් තිබිය යුතුය. ඔබගේ පවුල හා මිතුරන් අතර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණකොට ගැලවීම ගැන ප්‍රකාශ කරන්න (රෝම 10:9-10). නිතරම ඔබගේ ඇදහිල්ල ගැන කථා කරීමට සූදානම්ව සිටින්න (1 පේත්‍රැස් 3:15), එය ඉතා සියුම්ව හා ගෞරව ලෙස කළ යුතුය. අවසානයේදී, අපි ප්‍රේම කරන අයගේ ගැලවීම අපි දෙවියන් වහන්සේට භාරදිය යුතුය. මන්ද දවියන් වහන්සේගේ බලය හා කරුණාව මනුෂ්‍යන් ගලවන්නේ. අපගේ උත්සහය නොව. අපිට කරන්න පුළුවන් හොඳම දෙය ඔවුන් උදෙසා යාච්ඤා කිරීම වේ, ඔවුන්ට සාක්‍ෂි දැරීම, ඔවුන් ඉදිරියේ යහපත් කිතුනු ජීවිතයක් ගත කිරීම.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මාගේ මිතුරන් හා පවුල්වලට භුභාරංචිය දේශනා කරන්නේ කෙසේද? ඔවුන් කෝපනොකර, ඔවුන් ඉවතට නොයන ලෙසටත්?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries