ප්‍රශ්නය
අප මරණයට පත් වන බව දැනගෙනත් අප හට සදාතන ජිවනය හිමි වන බව පැවසීමට හැක්කේ කෙසේද?
පිළිතුර
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන විශ්වාස කරන සියල්ලන්ට සදාතන ජිවනය හිමි වන බව දේව වචනය මගින් අපට සනාථ කරයි. (යොහාන් 3:6, 6:47, 1 යොහාන් 5:13) ග්‍රීක භාෂාවෙන් පරිවර්ථනය වී ඇති සදාතන ජීවනය නම් වචනයේ අර්ථය නම් "නිත්‍ය", "සදාකාලික," "නොකඩවා" යනුවෙන්ය. සමහර විට "නිත්‍ය" යන වචනය මගින් දේව වචනාකුල සංකල්පය වන සදාතන ජිවිතය ගැන වඩා හොදින් තේරුම් කර දෙන අතර එම ජිවිතය පටන්ගැන්මේ සිටම නිත්‍ය වශයෙන් සදාතනය දක්වා නොකඩවා පැවතේ. මනුෂ්‍යයාගේ ජීවිතය හුදෙක් කායික නොවන බවට ඇති මතය මෙමගින් සනාථ වේ. වඩා නිවැරදිව පවසන්නේ නම් මනුෂ්‍යයාගේ සැබෑ ජිවිතය ආත්මිකය, කායික ජිවිතය කෙලවර වන අතර, ආත්මික ජිවිතය නොකඩවා සදාතනය දක්වා පවතී. එය නිත්‍යය. එය වනාහී සදාතන ජීවනය වේ.
දෙවියන්වහන්සේ ආදම් සහ ඒව මවා ඔවුන්ව ජීවනයේ වෘක්‍ෂය සහිත උයනේ ස්ථානගත කලේ ඔවුන් සදාකල්ම කායිකව හා ආත්මිකව සතුටින් ජිවත් වනු ඇතැයි යන අභිලාෂයෙනි. නමුත් ඔවුන් පාපයට වැටීම නිසා කායික හා ආත්මික මරණය ඔවුන්ට සහ අන් සියඵම පරම්පරා වලටම අත්විය. (රෝම 5:12-14). එවිට දෙවියන්වහන්සේ ආදම් සහ ඒවා උයනෙන් නෙරපා දමා, ජීවන වෘක්‍ෂයේ මාර්ගය රැකවල් කිරීම සදහා චෙරුබිම්ව ස්ථානගත කලේ මනුෂ්‍යයන්ට සදහටම පව් බරින් ජීවත් වීමට සිදුවීම කරුණාවන්ත උන් වහන්සේ අකමැතිවු නිසාය. නමුත් පාපය සදහා දඩුවම් දිය යුතු අතර, ශුද්ධ වු දෙවි කෙනෙකු අනුමත කරන එකම දඩුවම වනුයේ සදාතන දඩුවම වේ. කෙසේවුවද, අපගේ කරුණාවේ දෙවිදුන්, උන්වහන්සේගේ පුත්‍රයා හට පරිසමාප්තවු යාගයක් ලෙස දුක්විදිමට වරක් එක් වරක් පමණක් සිදුකලේ මනුෂ්‍ය වර්ගයාගේ පාපයන් වෙනුවෙන් දඩුවමක් ලෙසටත්, උන්වහන්සේ ගැන විශ්වාස කරන සැවොම සදහා ජීවනයේ වෘක්‍ෂය සදහා සැබෑ මාර්ගය සදා දීමටත්ය (1 යොහන් 5:12, එලිදරව් 22:14).
අපගේම ප්‍රයත්නයන් අතහැර දමා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ ස්වාමින් හා ගැලවුම්කරු බව මුඵ හදින්ම පිලිගැනීම තුලින් අපට සදාතන ජීවනය අයක් වන අතර, එම මොහොතේදීම නව ජිවනයක් ලැබ ක්‍රිස්තුස්වහන්සේ තුල අප ජිවත් වනු ඇත. අපට ක්‍ෂණික වෙනසක් නොදැනෙනවා විය හැකිමුත්, අපගේ හදවත් නව ජිවයක් ලද බව සත්‍යය කරුණකි. (යොහාන් 3:6-7) එවිට අප මරණ බියෙන් නිදහස් වන අතර අප ආත්මික මරණයකට කිසිවිටකදි පත් නොවන බවට දෙවියන්වහන්සේගේ පොරොන්දුව අප සතුව ඇත. එහෙයින් අප සදාකල්ම ස්වාමිවු යේසුස්වහන්සේ සමග ජීවත් වනු ඇත (1 තෙසලෝනික 5:9–10). ඉන් පසුව අප කායිකව මරණයට පත්වු විට ක්‍ෂණිකයෙන්ම අපගේ ආත්මය ස්වාමින් වහන්සේ සමග සම්භන්ධ වන අතර, ඊටත් අනතුරුව උන් වහන්සේ නැවත පැමිණෙන විට අහසේ දී අප උන්වහන්සේ මුණ ගැසෙන පිණිස අපගේ ශරීර උත්තාන කරනු ලබනු ඇත. එමෙන්ම උන්වහන්සේ නැවත පැමිණිමේ දී ජිවත්ව සිටින සියඵ කිතුනුවන්ගේ ශරිර ඇස පිය ගසන සැණෙකින් වෙනස් කරනු ලබන අතර ඔවුන්ට කායික මරණයක් අත් නොවනු ඇත. (1 කොරින්ති 15:51-52) යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපෝස්තුඵ යොහන් තුමාට දේව වචනයේ අවසාන පොත ලිවීමට අනුබල දුන් අතර, අප නැවතත් ජීවන වෘක්‍ෂය ගැන එහි කියවමුව. "ජයග්‍රහකයාට දෙවියන්වහන්සේගේ පාරාදිසයෙහි තිබෙන ජිවන වාක්‍ෂයෙන් අනුභව කරන්නට දෙන්නෙම්" (එළිදරව් 2:7) එලිදරව් පොතේ සදහන් ජීවන වෘක්‍ෂය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සංකේතයක් විය හැකිය. සියඵම කිතුනුවන් ක්‍රිස්තුස් වහන්සේ තුල සහ අප දෙවියන්වහන්සේගේ බලය තුළ සැතපි සදාතනික ජීවනය ලබා ගන්නා බවද විශ්වාස කරති (1 පේතෘස් 1:3-5). ජීවිතය, මරණය සහ උත්තානය ඇතුඵ සෑම දෙයක්ම නිර්මාණ කලේ එකම වු සැබෑ වු දෙවියන්වහන්සේ වන අතර, උන්වහන්සේ තමාගේ පොරොන්දු ඉෂ්ඨ කරනු ඇත. අපගේ දෙවිදාණෝ මහත් බලවත් වන අතර එතුමා කරුණාවෙන් සපිරිය (යොහාන් 1:14). එසේම එතුමාගේ අභිලාෂය වනුයේ අපගේ සදාතන භාවය සහතික බව අප දැනගැනීමය. යේසුස් වහන්සේ මෙසේ වදාල සේක. "පුනරුජ්ජිවනය ද, ජීවනයද මම වෙමි. මා අදහාගන්නා කිසිවෙක් කිසි කලෙකත් නොමැරෙන්නේය" (යොහාන් 11:25).
English
අප මරණයට පත් වන බව දැනගෙනත් අප හට සදාතන ජිවනය හිමි වන බව පැවසීමට හැක්කේ කෙසේද?