settings icon
share icon
ප්‍රශ්නය

ගැලවීම ලබාගත හැක්කේ ඇදහිල්ලෙන් පමණක්ද? නැතිනම්ඇදහිල්ල සමග ක්‍රියා වලින්ද?

පිළිතුර


මෙය මුළු කිතුණු දේවධර්මයේම රුඳී පවත්නා වඩාත්ම වැදගත් ප්‍රශ්නය සේ සැලකිය හැක. මෙම ප්‍රශ්නය ප්‍රතිසංස්කරණට හේතුවී තිබේ. රෙපරමාදු සභාව හා කතෝලික සභාව අතර වෙන්කිරීම වන ප්‍රතිසංස්කරණයට මෙම ප්‍රශ්නය හේතුවී තිබේ. බයිබලීය කිතු දහම හා බොහෝ “කිතුණු” ලබ්ධි අතර මූළික වෙනස්කම මෙම ප්‍රශ්නය වේ. ගැලවීම ලබාගත හැක්කේ ඇදහිල්ලෙන් පමණක්ද? නැතිනම් ඇදහිල්ල හා ක්‍රියා වලින්ද? මා ගැලවී සිටින්නේ ඇදහිල්ලෙන් පමණක්ද? නැතිනම් මා යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාස කොට යම් යම් දේවල් කළ යුතුද?

ඇදහිල්ලෙන් පමණක්ද නැතිනම් ඇදහිල්ල සමග වෙනත් ක්‍රියා කළ යුතුද යන ප්‍රශ්නය සැසඳීම අමාරු ඇතැම් බයිබල් ඡේද නිසා දුෂ්කරතාවයට පත්වී තිබේ. රෝම 3 : 28; 5 : 1 හා ගලාති 3 : 24 සමග යාකොබ් 2 : 24 සංසන්දනය කර බලන්න. ඇතැම් අය පාවුල්තුමා (ගැලවීම ලබාගත හැක්කේ ඇදහිල්ලෙන් පමණය) හා යාකොබ් (ගැලවීම ඇදහිල්ලෙන් හා ක්‍රියා වලින්) අතර වෙනසක් දකින්නෝය. යථාර්ථය වන්නේ පාවුල්තුමා හා යාකොබ් කිසිවිටකත් එකඟ නොවුනේ නැති වීමය. ඇතැම් අය ප්‍රකාශ කරන පරිදි එකඟ නොවුන එකම කාරණය වන්නේ ඇදහිල්ල හා ක්‍රියාවන් අතර සමිබන්ධතාවයයි. විරුද්ධවාදයක් නොඉවසමින් පාවුල්තුමා පවසන්නේ ඇදහිල්ලෙන් පමණක් ධර්මිෂ්ඨ (එපීස 2 : 8-9) කරන බවය. යාකොබ් ඒ අතර පවසන්නේ ධර්මිෂ්ඨ කරන්නේ ඇදහිල්ල සමග ක්‍රියා වලිනුත් බවය. පැහැදිලිවම පෙනෙන මෙම ගැටළුව පිළිබඳව යාකොබ් නිත්‍ය වශයෙන් කථා කරන්නේ කුමක්ද යන්න පරික්‍ෂා කිරීමෙන් පිළිතුරු ලබාගත හැකි වන්නේය. කෙනෙකු යහපත් ක්‍රියා නොකර ඇදහිල්ල ඇතිව සිටිය හැකිය යන විශ්වාසය යාකොබ් බිඳ දමන්නේය (යාකොබ් 12 : 17-18). ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අව්‍යාජ ඇදහිල්ල කෙනෙකුගේ ජීවිතය වෙනස් කිරීමක් කරන බව හා ඔහුගේ ජීවිතයේ යහපත් ක්‍රියා (යාකොබ් 2 : 20-26) උපද්දවන්නේය. යන කාරණය යාකොබ් අවධාරණය කරයි. ධර්මිෂ්ඨ කිරීම ඇදහිල්ල සමග කරන ක්‍රියා වලින් බව යාකොබ් පවසන්නේ නැත. ඔහු පවසන්නේ ඇදහිල්ල තුළින් අව්‍යාජ ලෙස ධර්මිෂ්ඨ කරනු ලැබූ පුද්ගලයෙකුගේ ජීවිතයේ යහපත් ක්‍රියා තිබෙන බවය. කෙනෙකු ඇදහිලිවන්තයෙකු යයි ප්‍රකාශ කරමින් ජීවිතයේ යහපත් ක්‍රියා නොමැතිව සිටී නම් ඔහුට ක්‍රිස්තුස් වහන්සේ තුළ අව්‍යාජ ඇදහිල්ලක් නොමැතිවිය හැකි බවය (යාකොබ් 2 : 14,17,20,26).

පාවුල් තුමාද සිය ලේඛනවල ඒ දෙයම ප්‍රකාශ කරයි. ඇදහිලිවන්තයින්ගේ ජීවිත තුළ තිබිය යුතු හොඳ ඵල ගලාති 5 : 22-23 හි සඳහන් වේ. අප ගැලවෙන්නේ ක්‍රියාවලින් නොව ඇදහිල්ලෙන් යයි (එපීස 2 : 8-9) කී විගසම අප මවනු ලැබ ඇත්තේ යහපත් ක්‍රියා කරන පිණිස යයි (එපීස 2 : 10) පාවුල් තුමා ප්‍රකාශ කරයි. යාකොබ් මෙන්ම පාවුල් තුමාද ජීවිතයේ වෙනසක් බලාපොරොත්තු වන්නේය. “යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේයු මෙන්න, සියල්ලම අලුත් වී තිබේ” (2 කොරින්ති 5 : 17)! ගැලවීම ගැන ඉගැන්වීමේදී පාවුල් තුමා හා යාකොබ් එකඟ නොවන්නේ නැත. ඔවුන් දෙදෙනාම එකම විෂයට වෙනස් දෘෂ්ටි කෝණ වලින් සමීප වෙති. ධර්මිෂ්ඨකම ඇදහිල්ලෙන් පමණක් ලබාගත හැකි බව පාවුල් තුමා අවධාරණය කරන අතර ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇදහිල්ල ඇති කර ගැනීමෙන් යහපත් ක්‍රියා උපදවන බව යාකොබ් අවධාරණය කරන්නේය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ගැලවීම ලබාගත හැක්කේ ඇදහිල්ලෙන් පමණක්ද? නැතිනම්ඇදහිල්ල සමග ක්‍රියා වලින්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries