ප්‍රශ්නය
ඇදහිල්ලෙන් රෝග සුව කරන්නන් අව්‍යාජ සුව කරන්නන්ද? ඇදහිල්ලෙන් රෝග සුව කරන්නෙකුට යේසුස් වහන්සෙට තිබුණ බලයම තිබෙනවාද?
පිළිතුර
ඕනෑම අවස්ථාවක ඕනෑම වෙලාවක ඕනෑම කෙනෙක්ව සුව කිරීමට දෙවිහන් වහන්සේට බලය ඇති බවට කිසිම සැකයක් නැත. නමුත් ප්‍රශ්ණය වී ඇත්තේ එම ක්‍රියාව සඳහා මෙසේ පවසන "ඇදහිල්ලෙන් රෝග සුව කරන්නන්" එතුමාණන් තෝරා ගත්තාද යන්නය. මෙම පුද්ගලයින් දෙවියන් වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල මත ඔවුන් සිටීම ප්‍රියවන බව ඔවුන්ට හැඟී යන්නට සලස්වා ඒ සඳහා සාමාන්‍ය පරිදි සම්මාදමක්ද ලබා ගන්නේ එසේ දීම කරණකොටගෙන ආශීර්වාද කරන බවත් ඔවුන්ගේ ඇදහිල්ල මත යේසුස් වහන්සේගේ බලය කරණකොටගෙන සුව වන බවත් පවසමින්ය.
නූතන ඇදහිල්ලෙන් රෝග සුව කරන්නන් සහ යේසුස් වහන්සේගේ සුව කිරීමේ මෙහෙයන් සසඳා බලන කල අපට තීරණය කළ හැකිවේ, ඔවුන්ගේ ප්‍රකාශයන්හි ලියවිලිවල යම් පදනමක් ඇත්ද යන්න. ඔවුන් පවසන අන්දමට යේසුස් වහන්සේගේ බලයෙන්ම ඒ ආකාරයෙන්ම ඔවුන් සුව කරන්නේ නම්, එහි ඔවුන් අතර පැහැදිලි සමානකම් අපට දකින්නට තිබිය යුතුය. නමුත් සැබෑව නම් ඊට පටහැනි දෙයම සිදුවේ. මාර්ක් පොතෙහි 1:29-34 දක්වා යේසුස් වහන්සේගේ එක් දවසක සුව කිරීමේ මෙහෙයක් පිළිබඳ විස්තරයක් ගෙන දේ. ආත්මික සහ ශාරීරික පාපයේ ශාපයේ සියලු ආකාර බලපැම් වලට එරෙහිව සුව කරන්නටත් හාස්කම් කරන්නටත් එතුමන්ට බලය ඇති බවට පැහැදිලිවම ඔප්පු විය. එපමණක් නොව ශරීරික ලෙස පීඩා විදින සියලුම ආකාරයේ රෝග, අසනීප සහ තුවාල පමණක් නොව මළවුන් නැඟිටවීමටත් යක්‍ෂයා විසින් පීඩා කරනු ලැබූවන් නිදහස් කරන්නනටත් එතුමාට සියලු බලය විය. මිනිසාගේ වැටීම කරණකොටගෙන පැමිණි විපාක වන පාපය, ලෙඩ රෝග සහ මරණයෙන් මුදවා ගත හැක්කේ දෙවියන් වහන්සේටම පමණක් වන අතරම එතුමාණන්ගේ දේවත්වය යේසුස් වහන්සේ හාස්කම් සහ ආශ්චර්යන් මඟින් ඔප්පු කල සේක. යේසුස් වහන්සේ සුව කල සුවිශේෂි ආකාරයන් කිහිපයක් නූතන ඇදහිල්ලෙන් සුව කරන්නන් තුළදක්නට නැත. පළමුව, එතුමන් ක්‍ෂණයකින් සුව කළේය. පේත්‍රස්ගේ නැන්දම්මා (මාර්ක් 1:31), සියයකට මුලාදෑනියාගේ සේවකයා (මතෙව් 8:13), යායිරස් ගේදුව (මාර්ක් 5:41-42) සහ අංශභාග රෝගියා (ලූක් 5:24-25) මොවුන් සියලු දෙනා සැනෙකින් සුව විය. බොහෝ ඇදහිල්ලෙන් සුව කරන්නන්ගේ ප්‍රකාශයක් ලෙස ඔවුන්ට ගෙදර යාමෙන් පසු ක්‍රම ක්‍රමයෙන් සුවවීමක් සඳහා බලා සිටින්නට සිදු නොවීය. දෙවනුව, යේසුස් වහන්සේ පූර්ණ වශයෙන් සුවපත් කළ සේක. පේත්‍රස්ගේ නැන්දම්මා බලවත් ලෙස රෝගාතුරවී ඔත්පළවී සිටි නමුදු යේසුස් වහනන්සේ සුව කළ සැනින් ඇය සම්පූර්ණයෙන්ම ක්‍රියාකාරී වූවා පමණක් නොව නිවසේ සිටි සියල්ලන්ට ආහාර වේලක්ද පිළියෙළ කලාය. මතෙව් 20:34 සිටින අන්ධ සිඟන්නන්ට ක්‍ෂණයකින් පෙනීම ලැබුණෝය. තුන්වෙනුව, යේසුස් වහන්සේ හැම කෙනෙකුවම සුව කළ සේක (මතෙව් 4:24, ලූක් 4:40). ඔවුන් සුවය ලබා ගැනීමට යේසුස් වහන්සේ වෙත පැමිණීමට පෙර ගෝලයන් විසින් පූර්ව පරීක්‍ෂාවකට ලක් නොකළ නමුදු, වර්තමානයේ ඇදහිල්ලෙන් සුව කරන්නන්ගේ සම්මත ක්‍රියා පටිපාටිය එය වේ. ඔවුන්ට සුදුසුකම් ලැබීමට සුව කිරීමේ පෝළිමක් නොතිබුණි. යේසුස් වහන්සේ නිතරම, බොහෝ ස්ථානවල සුව කළේ පරිස්සමින් පාලනය කළ චිත්‍රා ගාරයක් තුළ නොවේ.
හතර වෙනුව, යේසුස් වහන්සේ සුව කළේ සැබෑ ඓන්ද්‍රීය රෝග මිස ඇදහිල්ලෙන් සුව කරන්නන් මෙන් රෝග ලක්ෂණ නොවේ. යේසුස් වහන්සේ කිසි විටෙක හිසේ රුදාවක් හෝ කොන්දේ කැක්කුමක් සුව නොකල සේක. ලාදුරු, අන්ධභාවය සහ අංශභාගය වැනි සත්‍යෙක්ෂණය කළ හැකි ප්‍රාතිහාර්යයන්ගෙන් එතුමන් සුව කළ සේක. අවසාන වශයෙන් යේසුස් වහන්සේ සුව කළ අවසාන රෝගය නම් මරණයයි. එතුමන් දින හතරකට පසුව සොහොන් ගෙය තුළින් ලාසරුස්ව පිටතට ගෙන ආවේය. කිසිම ඇදහිල්ලෙන් සුව කරන්නෙකුට එය අනු පිටපත් කළ නොහැක. ඊට අමතරව උන් වහන්සේගේ සුවයට පූර්ව කොන්දේසියක් ලෙස ඇදහිල්ල අවශ්‍ය නොවීය. ඇත්ත වශයෙන්ම එතුමන් සුව කළ අයගෙන් බොහෝ දෙනෙක් නොඇදහිලිවන්තයෝ වූහ.
මූල්‍යමය වාසි තකා දුක් වේදනා හා මංමුලා සහගත දේවලට ගොදුරු කරගන්නා බොරු සුව කරන්නන් සැමවිටම සිටිති. බොරු පොරොන්දු මත මුදල් නාස්ති කරන බොහෝ දෙනෙක් ක්‍රිස්තුස් වහන්සේව ප්‍රතික්‍ෂේප කරන්නේ සුව කරන්නන් පොරොන්දුවූ දේ නොකරන නිසාය. ඇදහිල්ලෙන් සුව කරන්නන්ට සුව කිරීමට බලය තිබේ නම්, රෝහල් වල ශාලාවලට ගොස් ඔවුන් සියල්ලන් සුවපත් කර නිදහස් නොකරන්නේ මන්ද? ඔවුන් සායනවලට ගොස් සියලුම ඒඩ්ස් රෝගීන් සුව නොකරන්නේ ඇයි? ඔවුන් එසේ නොකරන්නේ ඔවුන්ට නොහැකි නිසාය. සුව කිරීමේ බලය ඔවුන්ට නැත.
English
ඇදහිල්ලෙන් රෝග සුව කරන්නන් අව්‍යාජ සුව කරන්නන්ද? ඇදහිල්ලෙන් රෝග සුව කරන්නෙකුට යේසුස් වහන්සෙට තිබුණ බලයම තිබෙනවාද?