ප්‍රශ්නය
ඇදහිල්ල අවශ්‍ය වන අවස්ථාවලිදී ගැලවීම සදහා සිදු කරන ක්‍රියාවන් ප්‍රමානවත් නොවන්නේ කෙසේද? විශ්වාසය ඒ සදහා ප්‍රමාණවත් නොවේද?
පිළිතුර
අපගේ ගැලවීම සම්පුර්ණයෙන්ම රැදි ඇත්තේ යේසුස් වහන්සේ මතය. පාපයේ දඩුවමට ලක්ව යේසුස් වහන්සේ අප වෙනුවෙන් පෙනී සිටි සේක. (2 කොරින්ති 5:21) උන්වහන්සේ අපය පාපයෙන් ගලවාගත් තැනැන්වහන්සේය. (යොහාන් 1:29) අපගේ ඇදහිල්ලේ නිර්මාතෘවරයා සහ කෙලවරද උන් වහන්සේය. (හෙබ්‍රෙව් 12:2), ගැලවීම ලබාදීම සදහා අවශ්‍ය ක්‍රියාවන් සම්පුර්ණයෙන්ම නිම කලේ යේසුස්වහන්සේමය. එතුමා පරිපුර්ණ ජීවිතයක් ගත කල සේක. පාපය සම්බන්ධව දෙවියන් වහන්සේගේ විනිශ්චය පිලිගත් සේක. මරණින් නැවත නැගුටුන සේක. (හෙබ්‍රෙව් 10:12).
අප විසින් සිදුකරන ක්‍රියාවන්වල කුසලතාවය මගින් ගැලවීම ලැබිය නොහැකි බව දේවවචනය මගින් පැහැදිලි වේ. "අප ගැලවීම ලබා ඇත්තේ අප විසින්ම කළ දැහැමි ක්‍රියාවලින් නොවේ." (තීතස් 3:5) ගැලවීම පුණ්‍ය ක්‍රියාවල ප්‍රතිඵලයක් නොවේ. (එපීස 2:9) "ධර්මිෂ්ඨ වු කිසිවෙක් නැත." එක්කෙනෙක්වත් නැත. (රෝම 2:10) මෙමගින් තේරුම් වන්නේ පුජාවන් ඔප්පු කිරීමෙන්, ආඥා රක්ෂා කිරිමෙන්, දේව මෙහෙයන් වලට සහභාගී වීමෙන්, බව්තිස්ම ලැබීමෙන් හා වෙනත් යහපත් ක්‍රියා කිරීම වැනි යහපත් ගුණාංග වලට ගැලවීම ලබා දිය නොහැකි බවය. අප කොතරම් යහපත් අය වුවද, දෙවියන්වහන්සේගේ ශුද්ධවන්ත භාවයට සමාන තත්ත්වයකට අපට ලගා විය නොහැක. (රෝම 3:23, මතෙව් 19:17, යෙසායා 64:6)
ගැලවීම කොන්දේසි වලට යටත් බව දේවවචනයේ ඉතා පැහැදිලි ලෙස දක්වා ඇත. දෙවියන්වහන්සේ සෑම කෙනෙකුටම ගැලවීම ලබා නොදෙන සේක. යේසුස්වහන්සේ තුල ඇදහීම, ගැලවීමේ එකම කොන්දේසිය වේ. නව තෙස්තමේන්තුවේ වාර 200ක් පමණ ඇදහිල්ල (හෝ විශ්වාසය) යනු ගැලවීම ලබාගැනීමේ එකම කොන්දේසිය බව ප්‍රකාශ වී ඇත. (යොහාන් 1:12), ක්‍රියා 16:31).
එක්තරා දිනකදී මනුෂ්‍යයන් කීපදෙනෙකු දෙවියන්වහන්සේ සතුටු කිරීම සදහා ඔවුන් කුමක් කළ යුතුද කියා යේසුස්වහන්සේගෙන් විමසුහ. යේසුස්වහන්සේ එකෙනෙහිම ඇදහිල්ල වෙත ඔවුන් යොමු කළ සේක. දෙවියන් වහන්සේගේ අභිප්‍රාය වනුයේ, උන්වහන්සේ එවා වදාල තැනැන්තන් ඔබ විසින් අදහා ගැනීම යයි වදාල සේක. (යොහාන් 6:28–29) දෙවියන්වහන්සේගේ අවශ්‍යතාවය සම්බන්ධ ප්‍රශ්නය (බහු විධ) වන අතර, එයට යේසුස්වහන්සේ දුන් පිළිතුර වුයේ දෙවියන්වහන්සේගේ අවශ්‍යතාවය නම් උන්වහන්සේ අදහා ගැනීම යනුවෙනි. (ඒක විධ).
කරුණාව යනු අපට උපයා ගත නොහැකිවු එය ලබා ගැනීමට නුසුදුසු වු අපට දෙවියන්වහන්සේ විසින් ලබාදෙන දීමනාවකි. රෝම 11:6 අනුව කුමන ආකාරයක හෝ ක්‍රියාවන් මගින් කරුණාව විනාශ වේ. එමගින් අදහස් වනුයේ යම් වැඩක යෙදෙන්නෙකු වේතනයක් උපයා ගන්නා අතර කරුණාව ලබාගන්නා කෙනෙකු එය ලබාගන්නේ උපයා ගැනීමෙක් නොවේ යන්නය. ගැලවීම කරුණාව මගින් ලැබෙන බැවින් එය උපයා ගත නොහැක. එබැවින් ඇදහිල්ල ක්‍රියාවන් මගින් ඇති නොවේ. සත්‍යවශයෙන්ම ඇදහිල්ල ක්‍රියාවන් තුලින් ලබාගත හැකි දෙයක් ලෙස සැලකිය නොහැක. එසේ නොමැති වුවහොත් කරුණාව විනාශ වී යනු ඇත. (රෝම 4 මෙනෙහි කරන්න. එනම් ආබ්‍රහම්ගේ ගැලවීම පදනම් වුයේ දෙවියන්වහන්සේ ගැන ඔහු තුල තිබු ඇදහිල්ල මත මිස ඔහු විසින් සිදු කළ කිසිම ක්‍රියාවක් නිසාවෙන් නොවේ.)
යම්කිසි කෙනෙක් ඔබට රු. 1000000 ක් ලබා දුන්නේයයි සිතන්න. එම මුදල ඔබ සතු කර ගැනීමට නම් එම චෙක්පතෙහි ඔබගේ අත්සන තබා එය අනුමත කර ගත යුතුය. ඔබ එහි අත්සන තැබු බැවින්ම එම මුදල ඔබට ලැබුන බව සිතිය යුතු නැත. එසේම එවැනි විශාල මුදලක් ඔබට ලැබුනේ ඔබගේ ව්‍යාපාරයේ සාර්ථකත්වය මගින් බවට ඔබට පුරසාරම් දෙඩිය නොහැක. එම විශාල මුදල ඔබට ලැබුණේ ත්‍යාගයක් ලෙසිනි. එම චෙක්පතෙහි ඔබ අත්සන් තැබීමෙන් පමණක් එම මුදල සතු කර ගත හැක. එසේම ඇදහිල්ල ක්‍රියාත්මක කිරිම තුලින් පමනක් දෙවියන්වහන්සේගේ නොමසුරු දිමනා ලබා ගත හැකි වන අතර, ඇදහිල්ල එම දිමනා ලබා ගැනීම සදහා උපයෝගි වන ක්‍රියාවක් ලෙස සැලකිය නොහැක.
සැබෑ ඇදහිල්ල ක්‍රියාවක් ලෙස සැලකිය නොහැක්කේ ඇදහිල්ල මගින් අපගේ මාංශික ක්‍රියාවන් මර්දනය වන බැවිනි. සැබෑ ඇදහිල්ලේ අරමුණ විය යුත්තේ යේසුස් වහන්සේ සහ උන්වහන්සේ අප වෙනුවෙන් සිදු කළ ක්‍රියාවන්ය. (මතෙව් 11:28–29, හෙබ්‍රෙව් 4:10).
මේ සම්බන්ධව තවත් එක් ඉදිරි පියවරක් ගැනීමේ දී, සැබෑ ඇදහිල්ල ක්‍රියාවක් ලෙස සැලකිය නොහැක. එනම්, එය දෙවියන්වහන්සේගේ ත්‍යාගයක් මිස අප විසින් උපදවා ගත් දෙයක් නොවන බැවින්ය. "ඔබ ගැලවී සිටින්නේ දේව වරප්‍රසාදය ම!ගින් වු ඇදහීම කරණකොට ගෙනය. එය ඔබගේම ක්‍රියාවක් නොව, දෙවියන්වහන්සේගේ දීමනාවය" (එපීස 2:8).
"මා එවා වදාල පියාණන්වහන්සේ තමන් වෙත ඇද ගන්නා අයකු මිස අන් කිසිවකුට මා වෙතට පැමිණිය නොහැකීය." (යොහාන් 6:44). අප ගලවා ගැනීමට උන්වහන්සේට ඇති බලය හා එම ගැලවීම සැබෑවක් බවට පත් කළ හැකි ස්වාමින් වහන්සේට ප්‍රසංශා වේවා.
English
ඇදහිල්ල අවශ්‍ය වන අවස්ථාවලිදී ගැලවීම සදහා සිදු කරන ක්‍රියාවන් ප්‍රමානවත් නොවන්නේ කෙසේද? විශ්වාසය ඒ සදහා ප්‍රමාණවත් නොවේද?