settings icon
share icon
ප්‍රශ්නය

ව්‍යාජ (මිථ්‍යා) ගුරුවරයෙකු / ව්‍යාජ අනාගතවක්තෘන් මම හඳුනා ගන්නේ කෙසේද?

පිළිතුර


යේසුස් වහන්සේ අපට අනතුරු හඟවා (ආඥාකර) ඇත “ව්‍යාජ ක්‍රිස්තුස් හා බොරු අනාගතවක්තෘන්” පැමිණ දෙවියන් වහන්සේ තෝරා ගත් අයවද හසුකර (මුළාකර) ගනි (මතෙව් 24:23-27, එසේම බලන්න 2 පේත්‍රැස් 3:3 හා යූද් 17-18). ඔබගේ ජීවිතය ආරක්‍ෂාකර ගැනීම ව්‍යාජ තත්වයට විරුද්ධව ව්‍යාජ ගුරුවරුන්ට විරුද්ධව නම් සැබෑව දැන ගැනීමය. ව්‍යාජ තත්වය හඳුනා ගැනීමට, සැබෑ දෙය ඉගෙන ගන්න. ඕනෑම ඇදහිලිවන්තයෙකු “දේව වචනයේ සත්‍යතාව නිවැරදිව හසුරුවන” (2 තිමෝති 2:15) බයිබලය පිළිබඳව නිවැරදිව අධ්‍යනය කරන්නෙකුට ව්‍යාජ මූලධර්ම තේරුම් ගත හැක. උදාහරණයකට, පියාණනාගේ, පුත්‍රයාණන්ගේ ශුද්ධාත්මයාණන්ගේ ක්‍රියා කාර කම් කියවා ඇත්තෙකු මතෙව් 3:16-17 ත්‍රිත්වය එපා කරන ඕනෑම මූලධර්මයක් එපා කරයි. එමනිසා, පළමු පියවර බයිබලය ඉගෙන ගන්න, හා ලියවිල්ලෙහි සඳහන් දේ කරණකොට ඉගැන්වීම් විනිශ්චය කරන්න.

යේසුස් වහන්සේ පැවසුවා, “ගසක් එහි ඵල වලින් හඳුනා ගනී” (මතෙව් 12:33). “ඵල” සොයන කළ විශේෂිත කරුණු තුනක් ඇත, ඕනෑම ගුරුවරයෙකු ඔහුගේ / ඇයගේ ඉගැන්වීම නිවැරදි බව තහවුරු කිරීමට.

1) යේසුස් වහන්සේ පිළිබඳව මේ ගැරුවරයා කුමක් පවසයිද? මතෙව් 16:15-16, යේසුස් වහන්සේ ඇසුවා, “නුඹලා මා කවුරුදැයි පවසනවාද?” පේත්‍රැස් පිළිතුරු දුන්නා, “ඔබ ක්‍රිස්තුස්, ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයා,” ඒවගේම මේ පිළිතුරට පේත්‍රැස්ට “ආශීර්වාද” ලද් ලෙසට පැවසුවා. 2 යොහන් 9 අපි කියවනවා, “ඉගැන්වීමෙහි නොපැවතී ඉස්සරහට යන්නාවූ කිසිවෙකුට දෙවියන් වහන්සේ නැත්තේය. ඒ ඉගැන්වීමෙහි පවතින්නාටම පියාණන් වහන්සේද පුත්‍රයාණන් වහන්සේද සිටින සේක.” වෙනත් වචන වලින්, යේසුස් වහන්සේ හා උන් වහන්සේගේ ගැලවීමේ ක්‍රියා ඉතාමත් වැදගත්, යේසුස් වහන්සේ දෙවියන් වහන්සේට සමාන බව යමෙක් ව්‍යාජයි පැවසුවොත් විශ්වාස නොකරන්න. යේසුස් වහන්සේව පහත් කරන කෙනෙක් උන් වහන්සේගේ ප්‍රජාව පහත් කරන, හෝ යේසුස් වහන්සේගේ මනුෂ්‍යත්වය එපා කරන. 1 යොහන් 2:22 පවසනවා, “යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ නොවේ යැයි කියන තැනැත්තා මිස බොරු කාරයා වෙන කව්ද? විරුද්ධ ක්‍රිස්තුස් මොහුය, එනම් පියාණන් වහන්සේ හා පුත්‍රයාණන් වහන්සේ එපා කරන තැනැත්තාමය.”

2) මේ ගුරුවරයා ශුභාරංචිය දේශනා කරයිද? ශුභාරංචිය යහපත් ආරංචියක් ලෙසට යේසුස් මරණය, භුමදානය හා උත්ථානය ලියවිල්ලට අනුව (1 කොරින්ති 15:1-4). ඔවුන් ප්‍රකාශ කරන තරමට අලංකාරයි. ප්‍රකාශය “දෙවියන් වහනාසේ ඔබට ප්‍රේම කරයි” දෙවියන් වහන්සේට අවශ්‍යයි අපි බඩගිනි ඇත්තාට කන්ට දෙනවට. ඒවාගේම “දෙවියන් වහන්සේට අවශ්‍යයි ඔබ ධනවත් වීම” එය සම්පූර්ණ පණිවිඩය නොවේ. පාවුල් අනතුරු හඟවනවා ගලාති 1:7, “සමහරු නුඹලා කලඹා, ක්‍රිස්තුස් වහන්සේගේ ශුභාරංචිය පෙරළන්ට කැමතිවා මිස, ඒක වෙන ශුභාරංචියක් නොවේ.” කිසිවකු නොව, මහත් දේශකයෙකුටද දෙවියන් වහන්සේ දුන් පණිවිඩය වෙනස් කිරීමට හැකියාව නැත. “නුඹලා පිළිගත් ශුභාරංචිය හැර වෙන ශුභාරංචියක් යමෙක් නුඹලාට දේශනා කරතොත් ඔහු ශාපලද්දෙක් වේවයි අප වරක් කී හැටියට.” (ගලාති 1:9).

3) එම ගුරුවරයා දෙවියන් වහන්සේව මහිමයට පත්කරවන චරිත ගුණාංග පෙන්වනවාද? ව්‍යාජ ගුරුවරු ගැන කථා කරනවාද? යූද් 11 පවසනවා, “මක්නිසාද ඔවුහූ කායින්ග් මාර්ගයෙහි ගමන් කර කුලි පිණිස බාලාමිගේ මුලාවෙහි වේගයෙන් දිව ගොස් කෝරාගේ විරුද්ධ කථාවේදී විනාශ වූවෝය.” වෙනත් වචන වලින්, ව්‍යාජ ගුරුවරයෙකු ඔහුගේ උඬඟු කමෙන් හඳුනා ගත හැක (කායින් දෙවියන් වහන්සේගේ සැලැස්ම ප්‍රතික්ෂේප කළා), තණ්හාව (මුදල් වලට බාලාමිගේ අනාවැකි), හා කැරැල්ල (කෝරාගේ උසස්කම මෝසෙස් ඉදිරියේ). යේසුස් වහන්සේ පැවසුවා එවැනි අයගෙන් පරිස්සම් වීමට හා ඔවුන්ගේ ඵල වලින් හඳුනා ගන්න (මතෙව් 7:15-20).

ඉදිරියටත් ඉගෙන ගැනීමට, සභාව තුළ සිදුවිය හැකි ව්‍යාජ ඉගැන්වීම් වලට විරුද්ධව ඇති බයිබලයේ පොත් නැවත නැවත කියවිය යුතුය. ගලාති, 2 පේත්‍රැස්, 1 යොහන්, 2 යොහන් හා යූද්. එය බොහෝවිට අපහසුය ව්‍යාජ ගුරුවරයෙකු හඳුනා ගැනීමටත් ව්‍යාජ අනාගතවක්තෘන් හඳුනා ගැනීමට. සාතන් ආලෝකයේ දූතයා හැටියට තමාව හඳුන්වා දෙයි (2 කොරින්ති 11:14), ඒවගේම ඔහුගේ දූතයන් ව්‍යාජ ධර්මිෂ්ඨ සේවකයන් හැටියටත් (2 කොරින්ති 11:15). මොවුන්ව වෙන්කර හඳුනාගත හැකි වන්නේ සත්‍ය පිළිබඳව හොඳ දැනුමක් තිබේ නම් පමණි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ව්‍යාජ (මිථ්‍යා) ගුරුවරයෙකු / ව්‍යාජ අනාගතවක්තෘන් මම හඳුනා ගන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries