settings icon
share icon
ප්‍රශ්නය

දේව බිය තිබීම යන්නෙහි අදහස කුමක්ද?

පිළිතුර


නොඇදහිලි වන්තයන්ට, දේව බිය නම් දෙවියන් වහන්සේගේ විනිශ්චය දවස ගැන ඇති බිය, දෙවියන් වහන්සේගෙන් සම්පූර්ණයෙන් වෙන් වෙන දවස එය නිසා (ලූක් 12:5; හෙබ්‍රෙව් 10:31). ඇදහිලිවන්තයන්ට නම් දේව බිය යනු ඊට වඩා වෙනස් දෙයකි. ඇදහිලිවන්තයන්ට බිය නම් දෙවියන් වහන්සේට ඇති ගෞරවයයි. මෙයට හොඳම හැඳින්වීම හෙබ්‍රෙව් 12:28-29, “එහෙයින් සොලවන්ට බැරි රාජ්‍යයක් ලබන්නාවූ අපි, ගෞරවයෙන්ද දේවභයින්ද දෙවියන් වහන්සේට ප්‍රසන්න වන ලෙස සේවය කරන පිණිස, අනුග්‍රහය ඇතුව සිටිමු. මක්නිසාද අපගේ දෙවියන් වහන්සේ විනාශ කරන ගින්නක්ය.” මේ ගෞරවය හා බිය කිතුනුවන්ට දේව බිය වේ. මෙයින් විශ්වයේ මැවුම්කාරයා හට කීකරුවීමට අපව යොමු කරයි.

හිතෝපදේශ 1:7 “ස්වාමින් වහන්සේ කෙරෙහි භයවීම දැන ගැන්මේ පටන් ගැන්මය.” දෙවියන් වහන්සේව නිවැරදි ලෙස තේරුම් ගැනීම හා ගෞරවාන්විතව උන් වහන්සේට බිය වීම වේ. අපට අප විසින් සැබෑ ප්‍රඥාව ලබා ගැනීමට නොහැක. සැබෑ ප්‍රඥාව පැමිණෙන්නේ දෙවියන් වහන්සේව තේරුම් ගැනීමෙන් හා උන් වහන්සේ ශුද්ධ බව පිළිගැනීම හා ධර්මිෂ්ඨකම. ද්විතීය කථාව 10:12; 20-21 වාර්තා කරනවා, “ඉතින් ඊශ්‍රායෙල්, නුඹේ දෙවි ස්වාමින් වහන්සේට භයවීමත් උන් වහන්සේගේ සියලු මාර්ගවල හැසිරීමත් උන් වහන්සේට ප්‍රේම කිරීමත් නුඹේ දෙවිවූ ස්වාමින් වහන්සේට නුඹේ මුළු සිතින්ද නුඹේ මුළු ආත්මයෙන්ද සේවය කිරීමත්, නුඹේ දෙවිවූ ස්වාමින් වහන්සේට භයව, උන් වහන්සේට සේවය කොට, උන් වහන්සේටම ඇලුම්ව සිට, උන් වහන්සේගේ නාමයෙන්ම දිවුරාපන්න. උන් වහන්සේම නුඹේ ප්‍රශංසා භුමියය, උන් වහන්සේම නුඹේ ඇස් වලින් දුටු මේ මහත්වූ භයානකවූ දේ නුඹ උදෙසා කළාවූ නුඹේ දෙවියන් වහන්සේය.” දෙවියන් වහන්සේට බියවීම පදනම් වන්නේ අප උන් වහන්සේගේ මාවතේ ගමන් කිරීම, උන් වහන්සේට සේවය කිරීම, උන් වහන්සේට ප්‍රේම කිරීම මතය.

සමහරුන් දේව බිය යන්න මනුෂ්‍යයන් දෙවියන් වහන්සේට “ගෞරව” කිරීමට අවශ්‍ය හේතුවෙන් ඉදිරිපත් කරයි. ගෞරව කිරීම නියත වශයෙන්ම දේව බිය තුළ ඇතුලත් වේ. ඒ තුළ ඊට වඩා වැඩි යමක් ඇත. බයිබලානුකුල දේව බිය, ඇදහිලිවන්තයාට දෙවියන් වහන්සේ පාපයට අප්‍රසන්න බවත් උන් වහන්සේ පාපයට විරුද්ධව කරනා විනිශ්චය ගැන බියවීමත් තේරුම් ගැනීම ඇතුළත්වේ-ගැලවුම්කරුවෙකුගේ ජීවිතයේදී පවා. හෙබ්‍රෙව් 12:5-11 පැහැදිලි කරන දෙය නම් ඇදහිලිවන්තයෙකුව දෙවියන් වහන්සේ විනය හසුරුවන අයුරුය. එය ප්‍රේමයෙන් කරනු ලබන අතර (හෙබ්‍රෙව් 12:6), එය තවමත් බියකරු දෙයකි. දරුවන් වශයෙන්, දෙමව්පියන් අපව විනය හැසිරවීම හේතුවෙන් ඇතිවන බිය හේතුවෙන් සමහර නපුරු දේවල් මග හරවයි. එය දෙවියන් වහන්සේ සමග අපගේ සම්බන්ධකම තුළම සමානය. අප උන් වහන්සේගේ විනය හැසිරවීමට බිය විය යුතුය. එමෙන්ම උන් වහන්සේට ප්‍රසන්න ජීවිතයක් ගත කළ යුතුය.

ඇදහිලිවන්තයන් දෙවියන් වහන්සේට බිය වීමට අවශ්‍ය නැත. උන් වහන්සේට බිය වීමට කිසිම හේතුවක් අපට නැත. අපට පොරොන්දුවක් ඇත කිසිම දෙයකින් අපව උන් වහන්සේගේ ප්‍රේමයෙන් වෙන් නොකරයි (රෝම 8:38-39). උන් වහන්සේ අපව කිසිවිටක අත් නොහරින බවට පොරොන්දුවක් දී ඇත (හෙබ්‍රෙව් 13:5). දෙවියන් වහන්සේට බිය වීම තුළ උන් වහන්සේට ගෞරව කිරීම අපගේ ජීවිතය අප ජීවත්වන ආකාරය තුළ පිළිබ්ඹු කරයි. දේව බිය නම් උන් වහන්සේට ගෞරව කිරීමයි, කීකරුවීමයි, උන් වහන්සේගේ විනය හැසිරවීමට අවනතවීමයි, හා උන් වහන්සේට පූජාවක් ලෙස (ගරුසරු ඇතිව) නමස්කාර කිරීමයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දේව බිය තිබීම යන්නෙහි අදහස කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries