settings icon
share icon
ප්‍රශ්නය

මම දෙවියන් වහන්සේ සමඟ නිවැරදි සමිබන්ධතාවයක් තබා ගන්නේ කෙසේද?

පිළිතුර


දෙවියන් වහන්සේ සමඟ නිවැරදි සමිබන්ධතාවයක් ඇති කර ගැනීමේ ප්‍රථම අදියර ලෙස අපට වැරදි ඇත්තේ කොහේද කියා අපි අවබෝධ කර ගත යුතුයි. පිළිතුර නම්අපගේ පාපයයි. සියල්ලෝම මුළාව ගොස් සිටිති, එක ලෙස කිලුටුව සිටිති, යහපත කරන්නෙක් නැත. එසේය, එක් කෙනෙක්වත් නැත (ගීතාවලිය 14 : 3). අපි දෙවියන් වහන්සේගේ ආඥාවලට විරුද්ධව කැරලි ගසා, බැටළුවන් මෙන් මුළාවී, එකිනෙකා තම තමාගේම මාර්ගයට හැරී ගියෙමුව (යෙසායා 53 : 6).

අසුභ ආරංචිය නම්පාපයේ කුලිය මරණයයි. පව් කරන ප්‍රාණයම නසින්නේය (එසකියෙල් 18 : 4). ශුභ ආරංචිය නම්ප්‍රේමණීය දෙවියන් වහන්සේ අපගේ ගැලවීම උදෙසා මිලයක් ගෙවීමයි. යේසුස් ප්‍රකාශ කලා එතුමාගේ අභිප්‍රාය නම්, මනුෂ්‍ය පුත්‍රයා නැතිවූ දේ සොයායන්නටද, ගළවාගන්ටද ආයේයයි කීසේක (ලූක් 19 : 10). ක්‍රිස්තුස් වහන්සේ කුරුසියෙහි ප්‍රකාශ කළා උන් වහන්සේගේ කාර්යය නිමාවට පත් කළ බව මේ වචන වලින්, තීන්දු වුණේය (යොහන් 19 : 30).

ප්‍රථමයෙන් ඔබගේ පාපය ගැන එත්තු ගැනීමෙන් ඔබට දෙවියන් වහන්සේ සමඟ නිවැරදි සම්බන්ධතාවයක් ගොඩනගා ගත හැකිය. මීළඟට යටහත් පහත් ලෙස අපගේ පාප උන් වහන්සේට කියා සිට (යෙසායා 57 : 15) පාපයට විරුද්ධව සිටීමට තීරණය කර ගත යුතුය. ගැලවීම පිණිස මුඛයෙන් කියා දෙන්නේය (රෝම 10 : 10).

මෙලෙස පසු තැවිලි විය යුත්තේ ඇදැහිල්ලෙන් යුතුවය. එනම්යේසුස් වහන්සේ අප වෙනුවෙන් මරණයට පත්වී, ප්‍රාතිහාර්මය ලෙස උත්ථානවී යොග්‍යතාවය ලබනවා එතුමන් ඔබගේ ගැලවුම්කාරයා බවට. යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේයයි නුඹේ මුඛයෙන් ප්‍රකාශ කරන්නෙහි නම්, දෙවියන් වහන්සේ විසින් උන් වහන්සේව මළවුන්ගෙන් නැගිටවූ බව සිතින් අදහන්නෙහි නම්, නුඹ ගළවනු ලබන්නෙහිය (රෝම 10 : 9). වෙනත් පාඨ වලින් ඇදැහිල්ල ගැන සඳහන් වෙනවා එනම් යොභන් 20 : 27, ක්‍රියා 16 : 31, ගලාති 2 :16, 3 :11, 26 සහ එපීස 2 : 8.

දෙවියන් වහන්සේ තුළ ධර්මිෂ්ඨ බව යන්නෙන් අදහස් කරන්නේ උන් වහන්සේ ඔබ උදෙසා කළ සියල්ලට ඔබ ප්‍රතිචාර දක්වන ආකාරය අනුවය. උන් වහන්සේ ගැලවුම්කරු එවා, එතුමන්ව අපගේ පාප උදෙසා පරිත්‍යාග කරා (යොහන් 1 : 29) තවද, අපට පොරොන්දුවක් දුන්නා, ස්වාමින් වහන්සේගේ නාමයෙන් යාචිඤා කරන කවරෙත් ගළවනු ලබන්නේයයි දෙවියන් වහන්සේ කියන සේක (ක්‍රියා 2 : 21).

පශ්චාත්තාපයේ හා සමාව දීමේ අගනාම උදාහරණය නම්නැතිවුනු පුත්‍රයා පිළිබඳ උපමාවය (ලූක් 15 : 11-32). නොබෝ දිනකට පසු බාල පුත්‍රයා සියල්ල එකතු කර ගෙන, දුර රටකට ගොස් තමාගේ සම්පත් සියල්ල නාස්ති කර දැමීය (13 වැනි පදය) ඔහු කල වරද වැටහුනු විට නැවත තම පියා ලඟට යෑමට තීරනය කළා (18 වැනි පදය) ඔහු හිතුවා ඔහුව පුතකු හැටියට තම පියා බාර නොගනි කියා (19 වැනි පදය) නමුත් ඔහුගේ සිතුවිල්ල වැරදියි. නමුත් ඔහුගේ පියා ඔහුව ඉතා ආදරයෙන් වැළඳ ගත්තේය (20 වැනි පදය). ඔහුට සමාව දී සියලු දෙනාම ප්‍රීති වෙන්නට පටන් ගත්තෝය (24 වැනි පදය).

දෙවියන් වහන්සේ පොරොන්දු රකින යහපත් තැනන් වහන්සේය. එයට සමාව දීමේ පොරොන්දුවද ඇතුලත්ය. ස්වාමීන් වහන්සේ බිඳුනු සිත් ඇත්තන්ට ළංව සිටින සේක, තැළුණු ආත්ම ඇත්තන් ගළවන සේක (ගීතාවලිය 34 : 18).

ඔබට දෙවියන් වහන්සේ තුළ ධර්මිෂ්ඨ වන්න අවශ්‍ය නම්මෙන්න සරල යාච්ඤාවක්. මතක තබා ගත යුත්තේ මේ යාච්ඤාව හෝ වෙන යාච්ඤාවක් කීමෙන් හෝ ඔබට ගැලවීම ගෙන දෙන්නේ නැත. ඔබ ක්‍රිස්තුස් වහන්සේ අදහා ගත්තොත් එයින් ඔබට පාපයෙන් ගැලවෙන්න පුලුවන්. මේ යාච්ඤාව තුළ සරල ලෙස ඔබට දෙවියන් වහන්සේට ඔබගේ ඇදැහිල්ල ප්‍රකාශ කොට, උන් වහන්සේ ලබා දුන් ගැලවීම උදෙසා ස්තුති කළ හැකිය.

දෙවියන් වහන්ස, ඔබට විරුද්ධව මා පව්කළ බවද, එයට මා දඬුවම්ලැබිය යුතු බවද දනිමි. එහෙත් ක්‍රිස්තුස් වහන්සේ මාගේ පාපය දරාගෙන ඇදහිල්ල කරණකොටගෙන මට සමාව ලැබී බේ. මාගේ පාපයන් ගෙන් හැරී ගැලවීම කෙරෙහි විශ්වාසය තබමි. ඔබ වහන්සේගේ ඉමහත්වූ කරුණාවට හා සමාව දීමට ස්තුතියි. එමෙන්ම අනර්ඝ වූ දීමනාව වන සදාකාලික ජීවනයටද ස්තුතියි-ආමෙන්!

මෙය කියවීමෙන් පසු ඔබ ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව තීරනයක් ගත්තාද? එසේ නම් මම අද ක්‍රිස්තුස් පිලිගතිමි කියා පහත සඳහන් බොත්තම ක්ලික් කරන්න.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මම දෙවියන් වහන්සේ සමඟ නිවැරදි සමිබන්ධතාවයක් තබා ගන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries