settings icon
share icon
ප්‍රශ්නය

හොල්මන් හා හොල්මන් කිරීම් පිළිබඳව බයිබලය පවසන්නේ කුමක්ද?

පිළිතුර


හොල්මන් නම් සැබෑවක්ද? මෙම පැනයට සැබෑ පිළිතුර නම් හොල්මන්හි සැබෑ තේරුමයි. මෙය ආත්මික ඡීවයක් කීවොත් නිවැරදිය. එහෙත් මළාවූ අයගේ ආත්මයන් කීවොත් වැරදිය. බයිබලය බෙහෝ විට අපට පෙන්නුම් කර දෙන්නේ, යහපත් හා නපුරු යන ආත්ම වර්ග දෙකක් ඇති බවය. නුමුත් මළාවු මිනිස් ආත්ම වලට, පොළොවේ හොල්මන් කිරීම, බයිබලය තරයේ ප්‍රතික්ශේප කරයි.

හෙබ්‍රෙව් 9:27 සනාථ කරන්නේ, තවද එක්වරක් මරණයත්. ඉන්පසු විනිශ්චයත් මනුශ්‍යයන්ට නියමව තිබෙන්නාක් මෙන් එය සැබවින්ම මිනිසාගේ මරණයට පසු ඔහුගේ ආත්මයට සිදුවන්නකි එනම් විනිශ්චයයි. මෙහි ප්‍රතිඵලය නම් ඇදහිලිවන්තයාට, ස්වර්ගයද (2 කොරින්ති 5:8, පිලිප්පි 1:23) නොඇදහිලිවන්තයාට නිරයද යන්නයි. (මතෙව් 25:46, ලූක්16:22 -24) මෙම ස්ථාන දෙක අතර කිසිවක් නොමැත. හොල්මන් ලෙස පොළොවෙහි රැඳී සිටින ආත්මයන් සිටිය නොහැක. බයිබලයට අනුව හොල්මන් කියා දෙයක් තිබේ නම්, එය මිනිස් ආත්මයකට කිසිසේත් සම්බන්ධතාවයක් නොතිබිය යුතුය. දේවදූතයන් යනු දෙවියන් වහන්සේට ඉතා විශ්වාසවන්ත කමෙන් සේවයෙහි නිරත වන්නන්ය. දේවදූතයන් යනු ධර්මිෂ්ඨ, යහපත් හා ශුද්ධවන්තයන්ය. යක්ශයන් යනු නෙරපා හරිනු ලැබූ හා දෙවියන් වහන්සේට විරුද්ධකම්පාන දේවදූතයන්ය. සාතන් යනු පාපිෂ්ඨ, කපටි හා විනාශකාරී යනුයි. 2 කොරින්ති11:14-15 අනුව යක්ශයාගේ ව්‍යාඡ රංගනය නම් ආලෝකයේ දූතයෝ හා ධර්මිෂ්ඨකමේ සේවකයෝ ලෙස නිරූපණය කිරීමයි. මළ මනුෂ්‍යාත්මයකින් හෝ හොල්මනක් සේ පෙනී සිටිනවා නම් එය සැබවින්ම යක්ශයාගේ ශක්තීන් හා හැකියාවන් මවා පෑමකි.

බයිබලයෙහ් හොල්මන් වලට සම්බන්ධ ඉතා ආසන්නතම උදාහරණය වන්නේ, මාර්ක් 5:1-20. යක්ශ සේනාවක් එක් මිනිසෙකු වටා එක්රොක් වී හොල්මන් කිරිම සිදුවේ. හොල්මන් මේ කිසිදෙයකට සම්බන්ධ වන්නේ නැත. සිදුවන්නේ එක් මිනිසෙකු යොදාගෙන, එහි අවට සිටින මිනිසුන්ව යක්ශයා විසින් පාලනයට ගැනීමයි. යක්ශයා සැමවිටම සොරකම් කරන්නටත්, මරන්නටත්, විනාශකරන්නටත්ය. (යොහාන්10:10) ඔවුන් දෙවියන් වහන්සේගෙන් මිනිසාව උඳුරාගන්නට හා විනාශ කරන්නට බෙහෝ දේ කරයි. මෙය සැබවින්ම නූතනයේ අප දකින හොල්මන් කිරීමයි. එය හොල්මනක් වූවත්, භුතයෙක් වූවත්, මළගිය ප්‍රාණ කාරයෙක් වූවත්, මහා බලවත් යක්ශාත්මයක් සම්බන්ධ නම් එය සැබවින්ම යක්ශයෙකුගේ කාර්යයකි.

ධනාත්මක ආකාරයට හොල්මන් සැරිසනවා නම් ඒවා මොනවාද? මනෝවිද්‍යාඥයන් බොහෝ දෙනෙකු මෝහනය කර, අත්‍යවශ්‍ය කාරණා දැනගන්නේ මන්ද? නැවතත් අප මතක තබා ගත යුත්තේ යක්ශයාගේ අරමුණ නම් අපව මුළා කර විනාශ කිරීමයි. එහි ප්‍රතිඵලය නම් අප දෙවියන් වහන්සේට වඩා මනෝවිද්‍යාඥයන් විශ්වාස කළ විට, සාතන් සැමවිටම උත්සහ කරන්නේ එම තොරතුරු සත්‍ය ලෙස සනාථ කිරීමටය. සත්‍ය හා පැහැදිලි තොරතුරු වූවත්, මූලාශ්‍ර වන්නේ සාතන්ගේ ස්වරූපය නම් එය අපව විනාශ කරන අතර අපව නොමඟ යවයි. බොහෝ පරීක්ෂණ සීමාවන් ඉක්මවීම ශ්‍රීඝ්‍රයෙන් වැඩි වීම දක්නට ලැබේ. බොහෝ මිනිසුන් හා ව්‍යාපාරිකයන්, හොල්මන්හී ගොඳුරු බවට පත් වී ඇත. එනම් ඔවුන් ගෙවා තමාගේ නිවසට හොල්මන් ගෙන්වා ගැනීමයි. මනෝවිද්‍යාඥයන්, මළවුන් සමඟ සබදකම් ඇතිකර ගැනීමට වෙර දරන්නන්, හූනියම් කිරීම් අද සමාඡයේ බොහෝ වැඩි වෙමින් පවතී. ස්වභාවයෙන්ම මිනිසුන් ආත්මීක ලෝකය පිළිබඳව බොහෝ දැනුවත්ය. දුකට පත්වන කරුණ නම් බොහෝ මිනිසුන්, දෙවියන් වහන්සේගේ වචනය කියවා ධෙර්යමත් වී සත්‍ය අනාවරණය කර ගැනීම වෙනුවට ඔවුන් ලෝකයේ ආත්මයන්ට තමන්ව විනාශ කරන තෙක් රැඳී සිටීමයි. අද ලෝකයේ පවතින කපටිකමෙන් හා කුරිරු ලෙස ආත්මයන් විනාශ කිරීම ගැන, සාතන් සිනාවෙමින් සතුටු වෙනවා නිසැකය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

හොල්මන් හා හොල්මන් කිරීම් පිළිබඳව බයිබලය පවසන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries