settings icon
share icon
ප්‍රශ්නය

නෝවාගේ ජලගැල්ම ගෝලීයද (ලෝකව්‍යාප්තද) ප්‍රාදේශීයද?

පිළිතුර


ජලගැල්ම පිළිබඳව බයිබලයේ සඳහන් කරුණු සලකා බලන විට එම ජලගැල්ම මුළු ලෝකයටම (ලෝකව්‍යාප්ත) බවට පැහැදිලි වේ. උත්පත්ති 7:11 පවසනවා “මහත් ගැඹුරේ සියලු උල්පත් බිඳී ගියේය, ආකාශයේ කවුළුද ඇරුණේය.” උත්පත්ති 1:6-7 හා 2:6 අපට පවසනවා පෙර-ජලගැල්ම අද අපි අත් විඳින ජලගැල්මට වඩා බොහෝ වෙනස්ය. මේවා හා අනෙකුත් බයිබලානුකුල හැඳින්වීම් මත පදනම් වේ, එය සාදාරණ අනුමාන කරන අදහස් කිහිපයක් නම් යම් කාලයකදී පොළව යම් ආකාරයේ ජල අඹරාවකින් (උඩු වියනකින්) ආවරණය වූ බවට. මෙම උඩු වියන වාෂ්පීය උඩු වියනක් විය යුතුය, කාණ්ඩ කිහිපයකින් සමන්විත, එය ශනිගේ (සෙනසුරු) මිදුනු දිය බිඳු වළලු සේය. මේ පොළව යට ජලය ස්තර (පටල) එකතුවකි, පොළව මතට පතිත විය (උත්පත්ති 2:6) එහි ප්‍රතිඵලය ගෝලීය ජලගැල්මක් විය හැක.

ජලගැල්මක් පැවතුණා යැයි කීමට පැහැදිලි පදය නම් උත්පත්ති 7:19-23. ජලය පිළිබඳව “ජලය පොළොව පිට අතීශයින් බලවත්විය, මුළු අහස යට පිහිටි සියලු උස් කඳු වැසී ගියේය. කඳු වැසී ඊට ඉහළින් රියන් පසළොසක් ජලය උස්ව ගියේය. පක්‍ෂීහුද සිව්පාවෝද මෘගයෝද පොළොවෙහි බඩගා යන සියල්ලෝද සියලු මනුෂ්‍යයෝද යන පොළොව පිට හැසිරෙන මාංසමයවූ සියල්ලෝ නැසුණෝය. තමන්ගේ නාස්පුඩුවල ජීවන හුස්ම ඇත්තාවූ එනම් ගොඩ බිම සිටි සියල්ලෝම මළෝය. මෙසේ මනුෂ්‍යයා පටන් සිව්පාවාද බඩගා යන සත්වයාද ආකාශයේ පක්‍ෂියාද දක්වා භුමිය මතු පිට සිටි සියලු ප්‍රාණීහුම විනාශ කරන ලද්දෝය, ඔව්හූ පොළොවෙන් විනාශ කරන ලද්දෝය. නෝවා සහ ඔහු සමග නැවෙහි සිටියාහු පමණක් ඉතිරි වූවෝය.”

ඉහත කොටසෙහි අපිට “සියලු” යන වචනය නැවත නැවත ඇති බව පමණක් සොයාගත හැකිවා පමණක් නොව “මුළු අහස යට පිහිටි උස් කඳු වැසී ඊට ඉහළින් ජලය අඩි විස්සක් උස්ව තිබුණේය,” හා “පොළොව මත ජීවත්වූ සියල්ල විනාශ විය,” මෙම ලියවිලි කොටස් මුළු විශ්වීය ජලගැල්ම පිළිබඳව හඳුන්වා දෙයි. එසේම, ජලගැල්ම ප්‍රාදේශීය නම් ඇයි දෙවියන් වහන්සේ නෝවාට නැවක් සාදන්න පැවසුවේ, නෝවාටත් හා සත්වයන්ටත් වෙනත් ස්ථානයකට යාමට නොපවසා? ඒවගේම දෙවියන් වහන්සේ නෝවාට පැවසුවේ ඇයි ලෝකයේ ජීවත්වන සියළු සත්වයන් ජෝඩු බැගින් දමන පිණිසත් ඔහුගේ පවුලට ජීවත්වන පිණිස ඇති තරම් නැවක් සාදන්න කියා. ජලගැල්ම මුළු ලෝකයටම නොවේ නම්, නැවක අවශ්‍යතාවයක් නැත.

පේත්‍රැස් පවා විස්තර කරනවා, සාර්වත්‍රික ජලගැල්ම පිළිබඳව 2 පේත්‍රැස් 3:6-7 හී ඔහු පවසනවා, ඒ කරණකොටගෙන එකලට තිබුණු ලෝකය ජලගැල්මට යටවී විනාශවූ බවත් ඔව්හූ කැමැත්තෙන්ම මතක නැති කරති. නුමුත් දැන් පවතින අහසද පොළොවද එම වචනයෙත් විනිශ්චයෙත් අභක්තිකයන්ගේ විනාශයෙත් දවස දක්වා ඉතුරු කරනු ලැබ ගින්නෙන් දැවීමට තබා තිබේ.” මේ පදවල පේතෘස් සංසන්දනය “විශ්වීය” එන්නාවූ විනිශ්චය නෝවාගේ කාලයේ ජලගැල්ම හා ඒ වනවිට තිබුණාවූ ලෝකය ජලයට යටවිය. ඉදිරියටත් බොහෝ බයිබලානුකුල ලියන්නෝ (කතෘන්) ලෝකය පුරාම වූ ජලගැල්මේ ඓතිහාසිකත්වය පිළිගත්තා (යෙසායා 54:9; 1 පේත්‍රැස් 3:20; 2 පේත්‍රැස් 2:5; හෙබ්‍රෙව් 11:7). අවසානයෙන්, ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විශ්වීය ජලගැල්ම විශ්වාස කළා, ඒ වගේම එය එන්නට තිබෙන්නාවූ විනාශය ඔහුහේ නැවත පැමිණීම කාලයේදී (මතෙව් 24:37-39; ලූක් 17:26-27).

තවත් බයිබලයේ අමතර සාධක තිබෙනවා මුළු ලෝකයේ විනාශකාරි අවසානය හරියටම ගෝලීය ජලගැල්ම සේ. තවත් පුළුල් පාෂාණීය මිනීවලවල් සියළු මහාද්වීපවල විශාල ප්‍රමාණයේ බිම් අඟුරු සංධාපනයන් එහි සීග්‍ර ගහ කොල විශාල ප්‍රමාණයක් ආවරණය කෙරේ. සමුද්‍ර පාෂාන ලෝකය වටා සියලු කඳු මුදුන් වල සොයා ගත හැක. ශිෂ්ඨාචාර (සංස්කෘති) ලෝකයේ සියළු කොටස්වල යම් ආකාරයේ ජලගැල්ම ගැන විස්තරයක් ඇත. මේ සාදක හා බොහෝ අය ගෝලීය ජලගැල්මට සනාථ කිරීමේ සාධක වේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

නෝවාගේ ජලගැල්ම ගෝලීයද (ලෝකව්‍යාප්තද) ප්‍රාදේශීයද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries