settings icon
share icon
ප්‍රශ්නය

ස්වර්ගයට යෑම-මගේ සදාකාල ඉරණම මම සනාත කර ගන්නේ කෙසේද?

පිළිතුර


එයට මුහුණ දෙන්න අප සදාකාලයට මුහුණ දෙන දවස අපි සිතනවාටත් වඩා වේගයෙන් (ඉක්මනින්) උදාවේ. ඒ අවශ්‍යතාවයට සූදානම් වීමක් වශයෙන්, අපි මෙම සත්‍යතාවය දැන ගත යුතුය-සියලු දෙනාම ස්වර්ගයට යන අය අතරින් අපි එක්කෙනෙක්ද කියා. අවුරුදු 2000 කට පෙර පේත්‍රැස් හා යොහන් ශුභාරංචිය යෙරුසලමේදී මහත් සමූහයකට දේශනා කළේය. එම අවස්ථාවේදී පේත්‍රැස් කළ ප්‍රකාශයක් අද නූතන සමාජයටත් ආදල වේ. “වෙන කිසිවෙකු තුළ ගැළවීම නැත්තේය. මක්නිසාද අපේ ගැළවීමට අවශ්‍යවූ; මනුෂ්‍යයන් අතරේ දෙන ලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේයයි කීවේය” (ක්‍රියා 4:12).

එය එවකට වුනත් අදටත් “නිතරම ස්වර්ගය මග පෙන්වයි” වාතාවරණය, මෙය දේශපාලනාත්මක නිවැරදි පණිවිඩයක් නොවේ. බොහෝ දෙනෙක් සිතන දෙය නම් යේසුස් වහන්සේ නොමැතිව ස්වර්ගයට යා හැකි බවයි. ඔවුන්ට අවශ්‍ය මහිමයේ යහපත් පොරොන්දු, නමුත් කුරුසිය ගැන කරදර වන්නට ඔවුන් අකමැතිය, එහි එල්ලුනු පුද්ගලයා ගැන තරමක් අඩුවෙන් හා උන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන සියලු දෙනාගේ පාපය උදෙසා මැරුණ බව. බොහෝ දෙනෙක් යේසුස් වහන්සේව පිළිගැනීමට අකමැතියි එකම මාර්ගය ලෙසට. එමෙන්ම ඔවුනටම කියා මාවතක් සොයා ගැනීමට උත්සහා දරයි. නමුත් යේසුස් වහන්සේම පවසනවා සදාකාල පැවැත්මට වෙන කිසි මාර්ගයක් නොමැති බවත් එම සත්‍යතාවය පිළිනොගැනීමේ දඬුවම නිරයේ සදාකාල දුක් විඳීමයි. උන් වහන්සේ ඉතා සරළව අපට පවසා ඇත “පුත්‍රයාණන් කෙරෙහි අදහන්නාට සදාකාල ජීවනය ඇත, නුමුත් පුත්‍රයාණන්ට කීකරු නොවන්නා ජීවනය නොදක්නේය; දෙවියන් වහන්සේගේ උදහස ඔහු කෙරෙහි පවතියි” (යොහන් 3:36).

සමහරු පවසන තවත් කරුණක් නම් එය ඉතා පටු අදහසක් දෙවියන් වහන්සේගේ ස්වර්ගයට යාමට එක මාර්ගයක් පමණක් තැබීම. නමුත් මනුෂ්‍ය සංහතිය දෙවියන් වහන්සේට විරුද්ධව කැරළි ගැසීම හේතුවෙන් ඔවුනට ආලෝකය ගෙන දීමට දෙවියන් වහන්සේ එයා කාරයෙන් හෝ ස්වර්ගයට යාමට මාර්ගයක් අපට ඇති කර දීමද දෙවියන් වහන්සේගේ මහත් හදවත නිසයි. විනිශ්චය හිමි අපට එය වෙනුවට උන් වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන් එවා අපගේ පාපයන් වලින් ගැළවීමට මාවතක් අපට සාදා දුනි. මේ හදවත කෙනෙකු පුළුල් හෝ පටු යයි පැවසුවත් එය සත්‍යයකි. කිතුනුවන් පැහැදිලිව තේරුම් ගත යුතු දේ නම් ස්වර්ගයට යාමට එකම මාර්ගය ක්‍රිස්තුස් යේසුස් වහන්සේමය.

තවත් සමහරු අද පහත් විශ්වාසයක් දරයි එය පව් සමාව ලැබීමෙන් බොහෝ ඈත්ව යයි. ඔවුනට අවශ්‍ය ප්‍රේමය ගැන විශ්වාස කිරීමටත්, විනිශ්චයක් නොකරන දෙවි කෙනෙක් හා පව් සමාවක් බලාපොරොත්තු නොවන ඔවුන්ගේ ජීවන රටාව වෙනස් කිරීමක් අවශ්‍ය නොවන්නක්. ඔවුන් මෙවැනි දේ පැවසිය හැක “මම යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරන නමුත් මගේ දෙවියන් වහන්සේ විනිශ්චය නොකරයි. මගේ දෙවියන් වහන්සේ කිසි මනුෂ්‍යයෙක්ව නිරයට නොයවයි.” නමුත් අපට අපට එය දෙයාකාරිත්වයකින් ක්‍රියාත්මකව කර ගත නොහැක. අප කිතුනුවෙකු නම් අපි තේරුම් ගත යුතුයි ක්‍රිස්තුස් වහන්සේ පැවසුවා ස්වර්ගයට යෑමට එකම මාර්ගය උන් වහන්සේ බව. එය ප්‍රතික්ෂේප කිරීම යේසුස් වහන්සේව ප්‍රතික්ෂේප කිරීම. මන්ද මෙසේ පැවසුවේ උන් වහන්සේය, “මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත” (යොහන් 14:6).

ප්‍රශ්නය තවමත් ඉතුරුයි: සැබවින්ම දෙවියන් වහන්සේගේ රාජ්‍යට ඇතුල් වන්නේ කවුද? මාගේ සදාකාල ඉරණම ගැන මා සහතික කර ගන්නේ කෙසේද? මෙම ප්‍රශ්න වලට පිළිතුරු ස්වර්ගයට යන හා නොයන අය අතර පැහැදිලි පින්තාරුවකින් දැකිය හැක. “පුත්‍රයාණන් වහන්සේ ඇත්තාට ඒ ජීවනය ඇත, දෙවියන් වහන්සේගේ පුත්‍රයා නැත්තාට ඒ ජීවනය නැත” (1 යොහන් 5:12). ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නෝ, උන් වහන්සේගේ ප්‍රජාවේ පව් සමාවන්ට පිළිගැනීම, හා උන් වහන්සේව අනුගමනය කීකරුවන්නෝ සදාකාලයේ ස්වර්ගයේ සිටී. උන් වහන්සේව ප්‍රතික්ෂේප කරන්නෝට එය නොමැත. “උන් වහන්සේ කෙරෙහි අදහා ගන්නා විනිශ්චය කරනු නොලැබේ. අදහා නොගන්නා දෙවියන් වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන්ගේ නාමය කෙරෙහි අදහා නොගෙන සිටින බැවින් දැනටම විනිශ්චය කරනු ලැබ සිටියි” (යොහන් 3:18).

ක්‍රිස්තුස් වහන්සේ තමන්ගේ ගැලවුම්කරුවා ලෙසට පිළිගන්නා අයට ස්වර්ගය ඉතා අලංකාරවන අතරම උන් වහන්සේව නොපිළිගන්නා අයට නිරය ඉතා පිළිකුල් සහගත ස්ථානයක් වේ. නැතිව සිටින්නන්ට අපගේ පණිවිඩය ඔවුන් ගැලවීම ලැබීමට නම් දෙවියන් වහන්සේගේ ශුද්ධකම හා ධර්මිෂ්ඨකම උන් වහන්සේව එපා කරපු අයට තම පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින් සමාව ඇති බව තේරුම් ගෙන විශ්වාස කිරීමය. කෙනෙකුට බයිබලය උනන්දුවෙන් කියවීමට නොහැක. එය වරින් වර නොකියවා-රේඛාව ඇද ඇත. බයිබලය ඉතා පැහැදිලියි ස්වර්ගයට යාමට ඇති එකම මාර්ගය ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළින් පමණි. උන් වහන්සේ මේ ආඥාව අපට දී ඇත: “පටු දොරටුවෙන් ඇතුල්වෙයල්ලා. මක්නිසාද විනාශයට යන දොරටුව විශාලය, පාරත් පළලය, එයින් ඇතුල්වන්නෝද බොහෝය. මක්නිසාද ජීවනයට යන දොරටුව පටුය, පාර අවහිරය, ඒක සම්බවන්නේ ස්වල්ප දෙනෙකුටය” (මතෙව් 7:13-14).

ස්වර්ගයට ඇත්තේ එක මාර්ගයකි. එම මාර්ගය අනුගමනය කරන්නෝට එහි යාමට හැක. නමුත් සියල්ලෝම එය අනුගමනය නොකරයි. ඔබ කරනවාද?

මෙය කියවීමෙන් පසු ඔබ ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව තීරනයක් ගත්තාද? එසේ නම් මම අද ක්‍රිස්තුස් පිලිගතිමි කියා පහත සඳහන් බොත්තම ක්ලික් කරන්න.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ස්වර්ගයට යෑම-මගේ සදාකාල ඉරණම මම සනාත කර ගන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries