settings icon
share icon
ප්‍රශ්නය

සුරැකි දූතයා?

පිළිතුර


මතෙව් 18:10 ප්‍රකාශ කරනවා “මේ බාලයන්ගෙන් එකෙකුටවත් හෙළා නොදක්නා ලෙස බලා ගනිල්ලා. මක්නිසාද ස්වර්ගයේදී ඔවුන්ගේ දූතයෝ ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන් වහන්සේගේ මුහුණ නිතරම දකිතියි.” මේ වැකියෙහි “මේ බාලයන්” යන්න සමහරවිට උන් වහන්සේව විශ්වාස කරන අය විය හැකිය (6 පදය) හෝ එය කුඩා දරුවන් ගැන විට හැකිය (3-5 පද). සුරැකි දූතයන් පිළිබඳව කථා කරන මූලික පදය එයයි. යහපත් දූතයා සුරැකීමට උපකාර වන බවට සැකයක් නැත (දානියෙල් 6:20-23; 2 රාජාවලිය 6:13-17), තොරතුරු එළිදරව් කරයි (ක්‍රියා 7:52-53, ලූක් 1:11-20), මග පෙන්වීම (මතෙව් 1:2021; ක්‍රියා 8:26), සැපයිම (උත්පත්ති 21:17-20; 1 රාජාවලිය 19:5-7), හා පොදුවේ ඇදහිලිවන්තයන්ට උපස්ථාන කිරීමට (හෙබ්‍රෙව් 1:14).

ප්‍රශ්නය නම් එක් එක් ඇදහිලිවන්තයාට එක් එක් සුරැකි දූතයෙකු සිටිනවාද යන්නයි. පරණ ගිවිසුමේ, ඊශ්‍රායෙල් ජාතියට අග්‍ර දේවදූතයෙකු සිටියහ (මිකායෙල්) එයට අදාලව (දානියෙල් 10:21; 12:1), නමුත් දැන් ලියවිල්ලේ එක් එක්කෙනා වනුවෙන් “පත්කෙරුනු” දූතයෙකු ගැන පවසනවා (සමහර අය ළඟට සමහර දූතයන්ව යවනලදි, නමුත් එහි ස්ථීර පත්කිරීමක් ගැන සඳහන් නොවේ). යුදෙව්වන් සම්පූර්ණයෙන් සුරැකි දූතයන් එක් එක්කෙනාට සිටින බවට පරණ හා අළුත් ගිවිසුම කාලය පුරාවට විශ්වාස කලා. තවත් සමහර මිල් පියවරුන් විශ්වාස කලා එක්කෙනාට හොඳ දූතයෙකු සේම නපුරු දූත‍ෙයකුද පත්කර ඇති බවට. සුරැකි දූතයා පිළිබඳ විශ්වාසය බොහෝ කාලයක් තිස්සේ පැවත එයි, නමුත් එයටම කියා පදනම්වූ බයිබල් පදයක් නැත.

මතෙව් 18:10 හී “ඔවුන්ගේ” යන වචනය ග්‍රීක් භාෂාවෙන් සාමුහික සර්වනාමයකි, ග්‍රීක් භාෂාවෙන් අර්ථවත් වීමක් වන අතර එහි අරුථ ඇදහිලිවන්තයන්ට දේවදූතයන් සියලු දෙනා පොදුවේ සේවය කරන බවයි. මේ දූතයන් “සැමවිටම” දෙවියන් වහන්සේගේ මුහුණ බලාගෙන සිටිනවා උන් වහන්සේගේ මුහුණ දෙස බලාගෙන නිතරම උන් වහන්සේගේ ආඥාවට ඇහුම්කන් දෙන පිණිස එවිට ඔවුනට පුලුවන්වෙනවා ඇදහිලිවන්තයන්ගේ සෑම අවශ්‍යතාවයකට උපස්ථාන කිරීමට. මේ කොටසෙහි සඳහන් කරන්නේ නැහැ දේවදූතයන් එක් එක්කෙනාව සිට රක්‍ෂා කරන බවට. මෙතරම් දෙවියන් වහන්සේට ඇහුම්කන් දීගෙන සිටිනවා නම්, එසේ නම් ඒ රාජකාරිය ක්‍රියාත්මක වන්නේ දෙවියන් වහන්සේගෙන් දූතයන්ට වඩා. එහි තේරුම දෙවියන් වහන්සේ පමණයි. සර්වඥාන උන් වහන්සේ සෑම ඇදහිලිවන්තයෙක්වම එක් මොහොතේ බලනවා. එසේම උන් වහන්සේ දන්වා අපගෙන් කෙනෙකුට කොයි අවස්ථාවේද දේවදූත උපකාරය අවශ්‍ය වන්නේ කියා. මන්ද ඔවුන් නිතරම උන් වහන්සේගේ මුහුණ දෙසම බලා සිටින නිසා. දේවදූතයන් නිතරම දෙවියන් වහන්සේගේ “ලාබාලයින්” උපකාර කරීමට බැඳී සිටිනවා.

සෑම පුද්ගලයෙකුටම ඔහුට / ඇයට සුරැකි දූතයෙකුට සිටීම හෝ නොසිටීම පිළිබඳව ලියවිල්ලේ කෙලින්ම සඳහන් කර නැත. පෙර කියූ ලෙසට, දෙවියන් වහන්සේ දූතයන්ව අපට උපස්ථාන කරනා පිණිස පාවිච්චි කරයි. උන් වහන්සේ අපව පාවිච්චි කරන ලෙසට ඔවුන්වද භාවිතා කරනා බව ලියවිල්ලේ සඳහන් වේ, එනම්, උන් වහන්සේට උන් වහන්සේගේ සේවය කර ගන්නා පිණිස අපව හෝ ඔවුන්ව අවශ්‍ය නැත. නමුත් ඔවුන්වත් පාවිච්චි කිරීමක් වේ (යෝබ් 4:18, 15:15). අවසානයේදී අපව රැකීම දූතයෙකු සිටියත් නැතත් ඊට වඩා මහත් රැකවරණයක සහතිකය දෙවියන් වහන්සේ තුළ අපට තිබේ. ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන අපට ඇදහිල්ල ති නමි උන් වහන්සේ සියල්ල එකට ගත් කළ යහපත කරයි (රෝම 8:28-30). එසේම යේසුස් වහන්සේ අපව අත්නාරියි, අහක නොයයි (හෙබ්‍රෙව් 13:5-6). අපට සර්වඥාන, සර්වබලධාරි සියල්ලට ප්‍රේම කරන දෙවියන් වහන්සේ කෙනෙක් සිටින විට අපව රැකීමට සුරුකි දේවදූතයෙකු සිටිනවාද නැද්ද යන්න වැදගත්ද?

English



නැවතත් සිංහල මුල් පිටුවට

සුරැකි දූතයා?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries