ප්‍රශ්නය
මනුෂ්‍ය ප්‍රාණය යනු කුමක්ද?
පිළිතුර
බයිබලය සම්පූර්ණ වශයෙන් පැහැදිලිවම මනුෂ්‍ය ප්‍රාණයේ ස්වභාවය ගැන සඳහන් නොකරයි. නමුත් ලියවිල්ලෙහි ප්‍රාණය යන වචනය අධ්‍යනය කිරීමෙන් , අපට සමහර නිගමනයන් කරා එළඹිය හැක. සරල වශයෙන් පැවසුව හොත් මනුෂ්‍ය ප්‍රාණය මනුෂ්‍ය ශරීරයේ මාංසික නොවන කොටසකි. එය සැම මනුෂ්‍යයෙකුගේම ශරීරය මරණය අත්දුටුවායින් පසුව සදාකාලිකව පවතින්නට යන්නාවූ කොටස වේ. උත්පත්ති 35:18 හි රාඛෙල් මරණය පිළිබඳ විග්‍රහයක් වේ. යාකොබ්ගේ භාර්යාව තම පුතුට නම් තබන ලද්දේ "ඇයගේ ප්‍රාණය ඇගෙන් නික්ම යන කල්හිය". මෙයින් අප දැන ගනු ලබන්නේ ප්‍රාණය ශරීරයට වෙනස් කොටසක් බව හා මාංසික මරණයෙන් පසුවද එම කොටස ජීවත්වන බවය.
මනුෂ්‍ය ප්‍රාණය මනුෂ්‍යයාගේ පුද්ගලභාවයෙහි කේන්ද්‍රීය ස්ථානය වේ. සී එස් ලුවිස් පවසන අන්දමට "ඔබට ප්‍රාණයක් නැත. ඔබ ප්‍රාණයයි. ඔබට ශරීරයක් තිබේ". තවත් ආකාරයකින් පවසන්නේ නම් පුද්ගලභාවය ශරීරයක් තිබීම මත රඳා නොපවතී. අවශ්‍ය වන්නේ ප්‍රාණයයි. බයිබලයේ නැවත නැවතත් මනුෂ්‍යයන් "ප්‍රාණින්" බවට සඳහන් කරයි (නික්මයාම 31:14, හිතෝපදේශ 11:30). විශේෂයෙන් මනුෂ්‍යයාගේ ජීවිතයේ ඇති වටිනාකම සහ පුද්ගලභාවය හෝ "මුළු මනුෂ්‍යයා" යන සංකල්පය මත (ගීතාවලිය 16:9-10, එසකියෙල් 18:4, ක්‍රියා 2:41, එළිදරව් 18:13) වේ.
මනුෂ්‍ය ප්‍රාණය හෘදය වස්තුවෙන් වෙන්ව පවතී (ද්වීතීය කථාව 26:16, 30:6) සහ ප්‍රාණය ( 1 තෙසලෝනික 5:23, හෙබ්‍රෙව් 4:12) සහ මනස (මතෙව් 22:37, මාර්ක් 12:30, ලූක් 10:27). මනුෂ්‍ය ප්‍රාණය මවනු ලැබුවේ දෙවියන් වහන්සේ විසින්ය (යෙරමියා 38:16). එය ශක්තිමත් වන්නට හෝ අස්ථීර වන්නටද හැකිය (2 පේත්‍රස් 2:14), එය නැතිවන්නට හෝ ගැළවෙන්නට හැකිය (යාකොබ් 1:21, එසකියෙල් 18:4). මනුෂ්‍ය ආත්මයට සමගිකමක් අවශ්‍ය බව අපි දන්නෙමුව. එලෙසම සත්‍යතාවයෙන් හා ශුද්ධාත්මයාණන් වහන්සේගේ ක්‍රියා කරණකොටගෙන එය පවිත්‍රව තබා ගැනීම හා ආරක්‍ෂා කර ගැනීම අපගේ කොටස වේ (1 පේත්‍රස් 1:22). යේසුස් වහන්සේ අපගේ ප්‍රාණවල ආත්මවල උතුම් එඬේරාණෝය (1 පේත්‍රස් 2:25).
මතෙව් 11:29 පවසන්නේ අපගේ ප්‍රාණයට / ආත්ම වලට සහනය ලැබීමට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙතට හැරීමට හැකි වන අතර ගීතාවලිය 16:9-10 මෙසායනික ගීතිකාවක් සේම එයින් යේසුස් වහන්සේටද ප්‍රාණයක් තිබූ බවට දැන ගැනීමට ඉඩ ලබා දේ. දාවිත්තුමා ලියන ලද "එබැවින් මාගේ සිත සන්තෝෂවේ. මාගේ ගෞරවය ප්‍රීතියෙන් පිනයි. මාගේ මාංසයද සුරුකිව වන්නේය. මක්නිසාද ඔබ මාගේ ආත්මය ෂෙයෝලෙහි තිබෙන්ට නාරිනසේක. ඔබගේ ශුද්ධ තැනැත්තාට කුණුවීම දකින්නට නොදෙන සේක. මෙය දාවිත්තුමා ගැන කළ ප්‍රකාශයක් නොවිය හැකිය.( මක්නිසාද පාවුල්තුමා මෙය පිළිබඳව ක්‍රියා 13:35-37 දක්වා අවධානය යොමු කරවයි). මන්දයත් දාවිත්තුමා මරණයට පත්වූ කල්හි ඔහුගේ ශරීරය නරක්විය, දිරාපත්විය. නමුත් යේසුස් වහන්සේගේ ශරීරය නරක් නොවීය (එතුමාණන් මළවුන් ගෙන් උත්ථාන විය) එමෙන්ම එතුමාගේ ප්‍රාණය ෂෙයෝලයෙහි තිබෙන්ට නෑරියේය. යේසුස් වහන්සේ මනුෂ්‍යය පුත්‍රයා වූ බැවින් ප්‍රාණය තිබිය යුතුය.
බොහෝ අවස්ථාවල මනුෂ්‍ය අත්මය හා මනුෂ්‍ය ප්‍රාණය පිළිබද වියවුල් ස්වභාවයක් ඇත. සමහර ස්ථානවල ලියවිල්ල මෙම පදයන් මාරුකර පරිහරණය කර ඇත. නමුත් එහි සමහරවිට තේරුම් ගැනීමට අපහසු වෙනස්කමක් ඇත. නැතහොත් දෙවියන් වහන්සේගේ වචනය "ආත්මයත් ප්‍රාණයත් වෙන්කරන්නට තරම්" කාවදින්නේ කෙසේද (හෙබ්‍රෙව් 4:12)? බයිබලය මනුෂ්‍යයාගේ ආත්මය ගැන කතා කරන කල්හි, එහි සාමාන්‍යයෙන් කතා කරනුයේ මනුෂ්‍යයාව දිශාවකින් තවත් දිශාවකට ගෙන යන්නාවූ සප්‍රාණික ඇතුලාන්තර බලපෑමක් ගැනය. එය නැවත නැවත යෝජනාකරු හෝ අද්විතීය බලයක් ලෙස පෙන්නුම් කරයි (ගණන් කථාව 14:24).
සදකාලිකව පවතින දේවල් දෙකක් ගැන කියා තිබේ. දෙවියන් වහන්සේගේ වචනය (මාර්ක් 13:31) සහ මනුෂ්‍යයන්ගේ ප්‍රාණය. මෙය මක්නිසාද දෙවියන් වහන්සේගේ වචනය මෙන්ම, ප්‍රාණයද විනාශ කළ නෝහැකි දෙයකි. මෙම සිතිවිල්ල කලබල නොවන / සිහිසන් ඇති උත්කෘෂ්ට / ගෞරවය ඇති කරන දෙයාකාර විය යුතුය. ඔබට මුණ ගැසෙන හැම මනුෂ්‍යයෙකුම සදාකාල ප්‍රාණියෙකි. මෙතෙක් ජීවත්වුනු හැම මනුෂ්‍යයෙකුටම ප්‍රාණයක් වූ අතරඑම සෑම ප්‍රාණයක්ම කොහේ හෝ ස්ථානයක තවමත් ජීවත්වෙමින් පවතී. ප්‍රශ්ණය කොහේද යන්නයි. දෙවියන් වහන්සේ ගේ ප්‍රේමය ප්‍රතික්‍ෂේප කළාවූ අය තමන්ගේ පාපයට ගෙවන පිණිස සදාකාලික නිරයේ දඬුවමට පත්කර ඇත (රෝම 6:23). නමුත් තමාගේ පාපිෂ්ට ස්වභාවය මෙන්ම දෙවියන් වහන්සේගේ දයාන්විත සමාවදීමේ” තෑග්ග පිළිගන්නාවූ අය කිසිම හිඟයකින් තොරව දිය ඇළ අසල තමන්ගේ එඬේරාණන් සමඟ සදාකාලිකව ජීවත්වනවා ඇත.
English
මනුෂ්‍ය ප්‍රාණය යනු කුමක්ද?