settings icon
share icon
ප්‍රශ්නය

සාතන් කැරළි ගසන බව දෙවියන් වහන්සේ දැන සිටි සේක් නම් ඔහුව නිර්මාණයකරනු ලැබුවේ මන්ද?

පිළිතුර


මෙම ප්‍රශ්ණය කොටස් දෙකකින් සමන්විතය. පළවෙනි කොටස නම් "සාතන් කැරළි ගසන බව දෙවියන් වහන්සේ දැන සිටි සේක්ද"? ලියවිල්ල හරහා දෙවියන් වහන්සේ "සර්වඥ" බව එනම්, එහි පද ගත අර්ථය නම් "සියල්ල දත්" වේ. යෝබ් 37:16, ගීතාවලිය 139:2-4,147:5, හිතෝපදේශ 5:21, යෙසායා 49: 9-10 සහ 1යොහාන් 3:19-20 අනුව කිසිදු සැකයකින් තොරව දෙවියන් වහන්සේගේ ඥානය / දැන ගැන්ම අසීමිත බවත්, අතීතයේ සිදුවූ සියල්ලත්, වර්තමානයේ කුමක් සිදුවෙමින් පවතින්නේද යන්න හා අනාගතයේ සිදුවීමට තිබෙන සියලුදේද එතුමාණන් දන්නා බවත් සහතිකය.

මෙම වාක්‍ය තුළ ඇති සමහර ඉතා උසස් තත්වයේ ඇති ගුණාංග කිහිපයක් දෙස බැලීමෙන්, "ඥානයෙන් පරිපූර්ණ වීම" "එතුමාගේ අවබෝධ කරගැන්මේ ශක්තිය සීමාරහිතවීම", අපගේ දැන ගැන්මට එහා ගිය දැන ගැන්මක් නොව සැබවින්ම එම ඥානය අසීමිත විශාලතර වූවක් බව හැඟේ. මුළුමනින්ම එතුමා වහන්සේ සියල්ල දන්නා සේක. දෙවියන් වහන්සේගේ ඥානය පරිපූර්ණ නොවේ නම්, එතුමාගේ ස්වාභාවයේ ඌන තාවයක් තිබිය යුතුය. දෙවියන් වහන්සේගේ ස්වභාවයේ යම්කිසි ඌන තාවයක් ඇත්නම් එතුමාට දෙවියන් වහන්සේ විය නොහැක. එතුමාගේ ස්වභාවයේ සෑම ගුණාංගයකම පරිපූර්ණභාවය අත්‍යාවශ්‍ය වේ. එබැවින් පළමු පැණයට පිළිතුර නම්" එසේය සාතන් කැරළි ගසන බව දෙවියන් වහන්සේ දැන සිටි සේක".

ප්‍රශ්ණයේ දෙවන කොටසට යන විට කාලයටත් ප්‍රථම සාතන් කැරළි ගසන බව දැන ගෙන ඔහුව නිර්මාණය කළේ මන්ද? මෙම ප්‍රශ්ණය යම් ආකාරයකින් ප්‍රයෝගාකාර වූවකි. මන්ද යත් අප "ඇයි" යන ප්‍රශ්ණය අසන බැවිනි. එසේ වන්නේ බයිබලය එවැනි පැණයන්ට සමව බෝධිත පිළිතුරු සපයන්නේ නැති බැවින්ය. එසේ තිබියදී අපද සීමාසහිත දැනගැන්මක සිටිය යුතුය. දැනටමත් දෙවියන් වහන්සේ සර්වඥ දෙවිදුන් බව අපි දැන සිටින්නෙමුව. එබැවින් සාතන් කැරළි ගසා ස්වර්ගයෙන් පහළට වැටෙන බව දැන දැනත් දෙවියන් වහන්සේ ඔහු නිර්මාණයකළේ නම්, එහි අර්ථය වනුයේ, ආරම්භයේ පටන් සාතන්ගේ වැටීම දෙවියන් වහන්සේගේ සැලැස්මේ කොටසක් බවය. මීට අමතරව වෙනත් කිසිම පිළිතුරක් අප මෙතෙක් දුටු දෙයට අවබෝධයක් නොදේ.

පළමුව අප වටහා ගත යුතු කරුණ නම් සාතන් කැරළි ගසන බව දැන සිටි මහා කැරළි ගැසීමට සාතන්ව යොමු කිරීම යන දෙකම සමාන නොවන බවය.

ලුසිෆර් දේව දූතයා ස්ව කැමැත්ත කරණකොටගෙන තමාගේ තීරණ ගත්තේය. දෙවියන් වහන්සේ ලුසිෆර් යක්‍ෂයෙක් ලෙස නිර්මාණය නොකළ සේක. දෙවියන් වහන්සේ ඔහුව යහපත් ලෙස මවනු ලැබීය (උත්පත්ති 1:31).

සාතන් කැරළි ගසන බව දැන ගෙනත් දෙවියන් වහන්සේ ඔහුව නිර්මාණය කරනු ලැබුවේ මන්ද යන්න තේරුම් ගැනීමට උත්සාහ කිරීමේදී පහත සඳහන් කරුණු අපි අනුගමනය කළ යුතු වෙමූ.

1. වැටීමට ප්‍රථමයෙන් සාතන්ට යහපත් හා පූර්ණ පරමාර්ථයක් විය. ලුසිෆර්ගේ කැරළි ගැසීම නිසා දෙවියන් වහන්සේගේ මූලික අභිප්‍රායයහපත් දෙයකින් අයහපත් දෙයකට වෙනස් / මාරු නොවේ.

2. දෙවියන් වහන්සේගේ ස්වෛරීභාවය සාතන්ගේ වැටුණු ස්වභාවයේදී විහිදුවා හරින ලදී. සාතන්ගේ යක්‍ෂනික ක්‍රියාවන් දෙවියන් වහන්සේ ශුද්ධ සැලැස්මේ පරම සිද්ධාන්තය ඇති කිරීමට පරිහරණය කළහැකි විය (1 තිමොති 1:20 සහ 1 කොරින්ත 5:5 බලන්න).

3. දෙවියන් වහන්සේගේ මිදීමේ ක්‍රියාවලිය පූර්වයේ නියමකරනු ලැබූ අතර, (එළිදරව් 13: 8) මුදවන පිණිස යමක් අවශ්‍ය විය. එබැවින් දෙවියන් වහන්සේ සාතන්ට කැරළි ගසා පාපය පැතිර වීමට අවකාශය දුන් සේක.

4. සාතන් ලොවට ගෙන ආ දුක් විඳීම, සැබවින්ම යේසුස් වහන්සේ විසින්ම අදහස් කරණ ලද්දක් විය. එතුමාගේ මනුසත් බව තුළ සම්පූර්ණ සහ පරිපූර්ණ මනුෂ්‍ය සංහතියේ ගැලවුම්කරු බිහිවිය." යමෙකු නිසාත් යමෙකු කරණකොටගෙනත් සියල්ල පවත්නේද, ඒ තැනන්වහන්සේ විසින් බොහෝ පුත්‍රයන් තේජසට ගෙන යන කල ඔවුන්ගේ ගැළවීමේ කතෘන් වහන්සේ දුක් විඳිම කරණකොටගෙන සම්පූර්ණකරන්ට යුතු වූයේය" (හෙබ්‍රෙව් 2:10).

5. ආරම්භයේ පටන්ම ක්‍රිස්තුස්වහන්සේ තුළ දෙවියන් වහන්සේගේ සැලැස්ම වූයේ යක්‍ෂයාගේ ක්‍රියාව විනාශ කිරීමය (1 යොහාන් 3: 8 බලන්න).

අවසාන වශයෙන්, සැබවින්ම දෙවියන් වහන්සේ සාතන් කැරළි ගසන බව දැන දැනත් ඔහුව නිර්මාණය කළේ මන්ද යන්න අපට ස්ථීර ලෙස දැන ගත නොහැකිය. සාතන්ව කිසිදින නිර්මාණය නොවුයේ නම් හෝ වෙනස් ආකාරයකට දෙවියන් වහන්සේ ක්‍රියා කළේ නම් සියල්ල යහපත්ව තිබෙන්නට හැකිය යන උප කල්පනයන්ට එළඹීමට පරික්‍ෂාවක් පැමිණිය හැක. නුමුත් එවැනි ප්‍රකාශයන් හා උපකල්පනයන් නොසුදුසුය. විශ්වය ක්‍රියාත්මක කිරීමට දෙවියන් වහන්සේට වඩා අපට හැකිය යන ප්‍රකාශයන් තමන් මහෝත්තමයාණන්ට වඩා උසස්ය යන යක්‍ෂයාගේ ප්‍රවර්ධනයට නැවතත් හසුවීමක්ය (යෙසායා 14: 13-14). English



නැවතත් සිංහල මුල් පිටුවට

සාතන් කැරළි ගසන බව දෙවියන් වහන්සේ දැන සිටි සේක් නම් ඔහුව නිර්මාණයකරනු ලැබුවේ මන්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries