settings icon
share icon
ප්‍රශ්නය

අන්තර්ජාතීය විවාහ පිළිබඳව ශුද්ධ බයිබලය පවසන්නේ කුමක්ද?

පිළිතුර


අන්තර්ජාතීය විවාහයන් සිදුකර නොගන්න යයි පරණ ගිවිසුමි ව්‍යවස්ථාව ඊශ්‍රායෙල් වරුන් හට නියොග කර තිබුණි (ද්විතීය කථාව 7 : 3-4). එයට හේතු වූයේ ඊශ්‍රායෙල්වරුන් රූප නමස්කාර කරන්නන්, මිථ්‍යා දෘෂ්ටිකයන් හෝ ක්‍රිස්තු ධර්මය නොඅදහන්නන් සමග විවාහ වුවහොත් ඔවුන් නොමග යා හැකිවූ බැවින්ය. ඒ හා සමාන මූලධර්මයක් අලුත් ගිවිසුමෙහිද තබා තිබේ. එහෙත් වෙනස් ආකාරයකටය. ඒ මෙසේය, “නොඇදහිලිකාරයන් සමග අසම ලෙස සම්බන්ධ නොවන්න. ධර්මිෂ්ඨ කමෙත් අධර්ම්ෂ්ඨකමෙත් ඇති සහභාගිකම මොකද? නොහොත් අන්ධකාරය සමග ආලෝකයේ ඇති පංගුකාරකම මොකද? (2 කොරින්ති 6 : 14). ඊශ්‍රායෙල්වරුන්ට (එකම සැබෑවූ දෙවියන් වහන්සේ ඇදහු අය) නොඇදහිලිවන්තයින් සමග විවාහ නොවන්නට ආඥා කළා සේ කිතුනුවන්ට (එකම සැබෑවූ දෙවියන් වහන්සේ අදහන අයට) නොඇදහිලිවන්තයින් හා විවාහ නොවන ලෙස ආඥා කර ඇත. මෙම ප්‍රශ්නයට විශේෂ පිළිතුරක් ලෙස නැතැයි කීමට අන්තර්ජාතීය විවාහයන් වැරදි බව ශුද්ධ බයිබලය ප්‍රකාශ නොකරන්නේය.

කෙනෙකු විනිශ්චය කළ යුත්තේ ඔහුගේ හෝ ඇගේ හමේ පාටින් නොව චරිත ගුණාංග වලින්ය. අප සියලුම දෙනා ඇතැම් අයට අනිසි පක්‍ෂපාතිත්වයක් හෝ පක්‍ෂපාතිත්වයක් හෝ ජාතිවාදි බව නොපෙන්වීමට ප්‍රවේශම් විය යුතුය (යාකොබ්2 : 1-10, 1 හා 9 යන පද විශේෂයෙන් බලන්න). තමාගේ සහකරුවා හෝ සහකාරිය තෝරා ගැනීමේදී කිතුනු ස්ත්‍රියක හෝ පුරුෂයෙකු සොයා බැලිය යුත්තේ තමා තෝරා ගන්නා පුද්ගලයා කිතුනුවෙකුද යන්න ගැනය (2 කොරින්ති 6 : 14), යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇදහිල්ලෙන් නැවත ඉපදුනාවූ කෙනෙකුද යන්න (යොහන් 3 : 3-5) ගැනය. තම සහකරුවා තේරීමේදී බයිබලීය ප්‍රමිතිය වන්නේ හමේ පාට නොව ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇදහිල්ලය. අන්තර්ජාතීය විවාහය හරි වැරුද්ද පිළිබඳ කාරණයක් නොව ප්‍රඥාව, අවබෝධය හා යාච්ඤාව පිළිබඳ කාරණය වේ.

අන්තර්ජාතීය විවාහයක් පිළිබඳව ප්‍රවේශමෙන් සිතා බැලිය යුත්තේ ඔවුන්ව පිළිගැනීමේදී අන්‍යයන්ට අමාරු කාලයක් මතුවිය හැකි බැවින් ඒ තුළින් ම්ශ්‍ර ජාතික යුවලක් අත්දැකිය හැකි දුෂ්කරතා නිසාය. බොහෝ අන්තර්ජාතික අඹු සැමියන් තමන්ගේම පවුල් වලින් පවා ඇතැම් අවස්ථාවලදී වෙනස්කම් හෙළා දැකීම් අත් දකින්නට පුළුවන. ඇතැමේ අන්තර්ජාතීය අඹු සැමියන් තම අරුවන්ගේ හමෙහි වර්ණය දෙමවිපියන්ට හා / හෝ සහෝදර සහෝදරියන්ට වඩා වෙනස් පාටින් යුක්ත වන අවස්ථාවන්හි දුෂ්කරතා අත්දකිති. අන්තර්ජාතීය යුවලක් විවාහ වීමට සූදානම් වන්නේ නම් මෙම කාරණා සලකා බලා ඒවාට සූදානම් විය යුතුය. එසේවූවත් කිතුනුවකු විවාහ විය යුත්තේ කා සමගද යන කාරණයට බයිබලීය තබා ඇති සීමාව වන්නේ එම පුද්ගලයා ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ සාමාජිකයෙකුද යන කාරණය පමණය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

අන්තර්ජාතීය විවාහ පිළිබඳව ශුද්ධ බයිබලය පවසන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries