settings icon
share icon
ප්‍රශ්නය

යේසුස් දෙවියන් වහන්සේද? යේසුස් කවදාවත් කියා පෑවාද දෙවියන් වහන්සේ බව?

පිළිතුර


ශුද්ධ බයිබලයේ කොහේවත් වාර්තා ගත වෙලා නැහැ යේසුස් “මම දෙවියන් වහන්සේ” යන වචනය පාවිච්චි කළ බව. කෙසේ වූවත් හඟවන්නේත් නැහැ එතුමා ප්‍රකාශ කළා කියා මම දෙවියන් වහන්සේ නොවේ කියා. උදාහරණයකට සලකන්න යේසුස්ගේ වචනය යොහාන් 10 : 30 “මම පියාණන් වහන්සේද එක තැනැත්තායයි කීසේක.” පළමුව බැලූ බැල්මට මෙය දෙවියන් වහන්සේ බව කියා පැවා කියා පෙනී යන්නේ නැත. ඒ කෙසේ වෙතත් බලමු එතුමන්ගේ මේ කියමනට යුදෙවිවන්ගේ ප්‍රතිචාරය, යුදෙවිවරු උන් වහන්සේට උත්තරදෙමින්: “අප නුඹට ගල් ගසන්නේ යහපත් ක්‍රියාචක් නිසා නොව දේව අපහසය නිසාය මනුෂ්‍යයෙක්වු නුඹ දෙවියන් වහන්සේ වෙන්ට සාදන නිසා යයි කීවෝය” (යොහන් 10 : 33). යුදෙව්වන් මේ කියමන වටහා ගත්තේ යේසුස් දෙවියන් වහන්සේ යැයි කියූ බවයි. මතු සඳහන් වාක්‍යය වලින් යේසුස් කවදාවත් යුදෙව්වන්ව නිවැරදි කරන්නට ගියේ නැහැ මෙය ප්‍රකාශ කිරීමෙන් “මම දෙවියන් වහන්සේ බව කියා පෑවේනැත කියා.” එමගින් හඟවනවා යේසුස් සත්‍ය ලෙස ප්‍රකාශ කල බව තමන් දෙවියන් වහන්සේ කියා,“මම පියාණන් වහන්සේද එක තැනැත්තායයි කීසේක” (යොහන් 10 : 30). යොහන් 8 : 58 තවත් එක් උදාහරණයක්. යේසුස් ප්‍රකාශ කළා “සැබවක් සැබවක් නුඹලාට කියමි - ආබ්‍රහම් උපදින්ට පළමුවෙන් මම සිටිමියි කීසේක!” නැවත යුදෙව්වන්ගේ ප්‍රතිචාරය, ඔවුන් යේසුස්ට ගසන පිණිස ගල් අතට ගැනීමයි (යොහන් 8 : 59). ඔවුන්ට අවමන් කරන දෙයක් එතුමන් නොකිව්වා නම් යුදෙව්වන් යේසුස්ට ගල් ගසන්ට තීරනය කලේ ඇයි, නම් වසයෙන් කියතොත්, දෙවියන් වහන්සේ බව අයිතිවාසිකම කීම නිසා

යොහන් 1 : 1 ප්‍රකාශ කරනවා, “වාක්‍යයාණෝ දෙවියන් වහන්සේව සිටි සේක”. යොහන් 1 : 14 පවසනවා, “තවද වාක්‍යයාණෝ මාංසවත්වී”. මෙය පැහැදිලිව පෙන්වා දෙනවා යේසුස් මාංසවත්වූ දෙවියන් වහන්සේ බව. ක්‍රියා 20 : 28 ප්‍රකාශ කරනවා, “දෙවියන් වහන්සේ විසින් තමන්ගේම රුධිරයෙන් මිලේට ගත් තමන්ගේ සභාව පෝෂණය කරන්නට ශුද්ධාත්මයාණන් වහන්සේ යම් රුළෙක්හි නුඹලා නායකයන් කොට නියම කළ සේක”. කව්ද තමන්ගේ රුධිරයෙන් සභාව මිලයට ගත්තේ? යේසුස් ක්‍රිස්තුස්. ක්‍රියා 20 : 28 ප්‍රකාශ කරනවා දෙවියන් වහන්සේ තමන්ගේම රුධිරයෙන් සභාව මිලයට ගත් බව. එහෙයින් යේසුස් නම් දෙවියන් වහන්සේ!

තෝමස් නම් ශ්‍රාවකයා (ගෝලයා) යේසුස් සම්බන්ධව ප්‍රකාශ කරනවා “මාගේ ස්වාමිනි මාගේ දෙවියනි” (යොහන් 20 : 28). යේසුස් ඔහුව නිවැරදි කලේ නැත. තීතස් 2 : 13 අපව ධෛර්ය්‍ය කරනවා අපේ දෙවියන් වහන්සේ හා ගැලවුම්කාරයා - යේසුස් ක්‍රිස්තුස්ගේ පැමිණීම ගැන. (බලන්න 2 පේත්‍රැස් 1 : 1). හෙබ්‍රෙව් 1 : 8 පියාණන් යේසුස් ගැන ප්‍රකාශ කරනවා, “නුමුත් පුත්‍රයා ගැන කථා කොට: දෙවියන් වහන්ස, ඔබගේ සිංහාසනය සදාකාලෙටම පවත්නේයු ඔබගේ රාජ්‍යයේ ජයකොන්තය යුක්තියේ ජයකොන්තයක්ය”. එළිදරව් පොතේ, දේව දූතයෙක් ධර්ම දූතක යොහන්ට උපදෙස් දෙනවා දෙවියන් වහන්සේට පමණක් නමස්කාර කරන ලෙසට (එළිදරව් 19 : 10). නොයෙක් අවස්ථාවල ශුද්ධ ලියවිල්ලේ සඳහන් වෙනවා යේසුස් නමස්කාරය ලැබූ බව (මතෙව් 2 : 11 14 : 33 28 : 9, 17; ලූක් 24 : 52; යොහන් 9 : 38). එතුමාව නමස්කාර කළ මිනිසුන්ව එතුමා කිසි විටෙකත් ප්‍රතික්ෂේප කලේ නැත. යේසුස් දෙවියන් වහන්සේ නොවේ නම් එතුමාව නමස්කාර නොකරන ලෙස සෙනඟට පැවසීමට ඉඩ තිබූණා. ශුද්ධ ලියවිල්ලේ වෙනත් බොහෝ වාක්‍යය සහ පද වලින් කරුණු ගෙන හැර දක්වනවා යේසුස්ගේ දේවත්වය ගැන.

අතීශයින් වැදගත් කාරණය නම් යේසුස් දෙවියන් වහන්සේ වීමයි, දෙවියන් වහන්සේ නොවුනා නම්, මුළු ලෝකයාගේ පාපවලට කුලිය වශයෙන් උන් වහන්සේගේ මරණය ප්‍රාණවත් නොවේ(1 යොහන් 2 : 2) එබඳු සීමාරහිත කුලියක් ගෙවීමට හැකි වන්නේ දෙවියන් වහන්සේට පමණි. ලෝකයාගේ පාපය දෙවියන් වහන්සේ පාපය වෙන්ට සැලසූ සේක (2 කොරින්ති 5 : 21). මිය ගොස් නැවත මළවුන්ගෙන් නැගිට - එතුමා මරණයට එරෙහිව ජයග්‍රහනය පෙන්විය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

යේසුස් දෙවියන් වහන්සේද? යේසුස් කවදාවත් කියා පෑවාද දෙවියන් වහන්සේ බව?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries