settings icon
share icon
ප්‍රශ්නය

බයිබලයෙහි ඊර්ෂ්‍යාව ගැන සඳහන් කරන්නේ කුමක්ද?

පිළිතුර


අප දන්නා ආකාරයට, ඊර්ෂ්‍යාව යන්නෙහි සැබෑ තේරුම නම් අපට නැති එහෙත් තවත් කෙනෙකුට ඇති දෙයකට ඊර්ෂ්‍යාව වීමයි. ඊර්ෂ්‍යාව යනු පාපයක ගති පැවතුමක් වන අතර එය කිතුනුවෙකුගේ ගති ලක්ෂණයම නොවේ. එය සැබවින්ම නිරූපනය කරන්නේ අප තවමත් අපගේ හැඟීම වලින් පාලනය වන බවය (1 කොරින්ති 3:3). ගලාති 5:26 පවසන ආකාරයට, අප සැමවිට නිෂ්ඵල පාරට්ටු නොකරමු, එකිනෙකා කෝප නොකරමු, එකානෙකා ඊර්ෂ්‍යා නොකරමු.

බයිබලය සැමවිට පවසන්නේ අපට දෙවියන් වහන්සේගෙන් වූ සර්ව සම්පූර්ණ වූ ප්‍රේමය ඒ ආකාරයෙන්ම පැවතිය යුතුය යන්නයි. ප්‍රේමය බෙහෝ ඉවසිලිවන්තය, ගුණවන්තය, ප්‍රේමය ඊර්ෂ්‍යා වන්නේ නැත. පාරට්ටු කර ගන්නේද නැත. උඩඟුවන්නේද නැත. අශෝභන ලෙස හැසිරෙන්නේද නැත. (1 කොරින්ති 13:4-5) අප අපගේ කැමැත්තන් හා අප ගැන පමණක් අරමුණු කර ගන්නා විට. දෙවියන් වහන්සේට අරමුණු වීමට අපට නොහැකි වේ. අප අපගේ සිත් වලින් බොහෝ දරදඬු වී සත්‍ය සොයන විට දෙවියන් වහන්සේට අවනත වීමට හා උන් වහන්සේගෙන් කරුණාව ලබා ගැනීමය අපට නොහැකි වේ. (මතෙව්13:15) නුමුත් අප ශුද්ධාත්මයාණන්ට අපව පාලනය කිරීමට ඉඩ දීමෙන්, අප තුළ ගැළවීමේ ඵලය නිපදවයි. එයින් ප්‍රේමය, ප්‍රීතිය, ඉවසීම, කරුණාව, යහපත්කම, විශ්වාසවන්තකම, මෘඳුකම, පමණ දැන ක්‍රියා කිරීම යන්නයි (ගලාති 5:22-23).

ඊර්ෂ්‍යා වීමෙන් පෙන්නුම් කරන්නේ දෙවියන්වහන්සේ අපට දී තිබෙන දෙයින් අප තෘප්තිමත් නොවන බවයි මක්නාසාද ස්වාමින් වහන්සේ කිසිසේත් අපෙන් අහක්ව නොයන අතර කිසි අන්දමකින්වත් අපව අත් නොහරියි යන්නයි. (හෙබ්‍රෙව්13:5) අප ඊර්ෂ්‍යාව සමඟ පොරබැඳීම නම් අප සැමවිටම උත්සහ කළ යුත්තේ අපගේ මතය කිරීමට නොව දෙවියන් වහන්සේගේ මතය කිරීම කෙරෙහිය. අපට උන් වහන්සේව දැනගත හැකා හොඳම ක්‍රම නම් යාච්ඤා කිරීමෙන්, බයිබලය අධ්‍යයනය කිරීමෙන් හා පිරිපුන් අදෙහිලිවතුන් ඇසුරු කිරීමයි. අප සැමවිටම අන් අයට සැළකීමේදී උත්සහ කිරීමෙම්දී, නිසැකවම අපගේ සිත් වෙනස් වීමට ලක්වෙයි. නුඹලා මේ ලොකයේ ආකාරයට සමාන නොවී, දෙවියන් වහන්සේගේ කැමැත්ත, එනම් යහපත් වූ පිළිගත යුතුවූ සම්පූර්ණවු දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස. සිත අළුත් කර ගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙයල්ලා ( රෝම 12:2).

English



නැවතත් සිංහල මුල් පිටුවට

බයිබලයෙහි ඊර්ෂ්‍යාව ගැන සඳහන් කරන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries