settings icon
share icon
ප්‍රශ්නය

ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චාසනය යනු කුමක්ද?

පිළිතුර


රෝම 14:10-12 පවසනවා “මක්නිසාද අපි සියල්ලෝම දෙවියන් වහන්සේගේ විනිශ්චාසනය ඉදිරියෙහි පෙනී සිටින්නෙමු. එහෙයින් අප එක් එක්කෙනා තම තමා ගැන දෙවියන් වහන්සේට ගණන් දෙනවා ඇත.” 2 කොරින්ති 5:10 අපට පවසනවා “මක්නිසාද එකිනෙකා තම තමාගේ ශරීරයේදී කලාවූ දේවල ඵල, ඒ දේ යහපත් වූවත් අයහපත් වූවත්, කළ දේවල් හැටියට ලබන පිණිස, අප සියල්ලෝම ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චාසනය ඉදිරියෙහි ප්‍රකාශ වෙන්ට ඕනෑය.” මේ සංදර්භය, මෙම ලියවිලි පාඨ දෙකම කිතුනුවන් පිළිබඳව කථා කරයි, නොඇදහිලිවන්තයන් ගැන නොවෙයි. ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චාසනය සෑම කිතුනුවෙකුම ක්‍රිස්තුස් වහන්සේට තම ජීවිතය පිළිබඳව ගණන් දීමට යුතුව ඇත. ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චාසනයේදී මිනිසාගේ ගැලවීම තීරණය නොකරයි. ක්‍රිස්තුස් වහන්සේ අප වෙනුවෙන් එය උන් වහනාසේගේ පූජාවේදී තීරණය කරන ලදි (1 යොහන් 2:2) හා උන් වහන්සේ පිළිබඳව අප තුළ ඇති ඇදහිල්ල (යොහන් 3:16). අපගේ සියලු පාප වලට සමාව දෙන ලදි. එමෙන්ම නැවත ඒවා උදෙසා වරදට පත් නොකරනු ඇත (රෝම 8:1). අපි විනිශ්චාසනය දෙස බලන විට දෙවියන් වහන්සේ අපගේ පාප විනිශ්චය කිරීම හැටියට නොබැලිය යුතුය. නමුත් දෙවියන් වහන්සේ අප‍ෙග් ජීවිතය පිළිබඳව අපට විපාක දෙන සේක. ඔව්, බයිබලය පවසන පරිදි, අපගේ ජීවිතය පිළිබඳව අප උන් වහන්සේට ගණන් දිය යුතු වේ. මේ‍ෙකන් කොටසක් නියත වශයෙන් අපි කරපු පව් වලට උත්තර දීමක්ද විය හැක. කෙසේ වෙතත්, නමුත් එය ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චාසනයේ ප්‍රධාන අරමුණ නොවේ.

ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චාසනය ඉදිරියේදී, ඇදහිලිවන්තයන් ක්‍රිස්තුස් වහන්සේට අවංක ලෙස සේවය කළේ කෙසේද යන්න විපාක ලබයි (1 කොරින්ති 9:4-27; 2 තිමෝති 2:5). සමහරවිට අපි මහ ආඥාවට කීකරුවුනේ කෙසේද යන්නට විපාක ලැබේ (මතෙව් 28:18-20), අපගේ පාපයෙන් ජය ග්‍රහනය කෙසේද යන්න (රෝම 6:1-4), හා අපගේ දිව පාලනය කර ගනානේ කෙසේද (යාකොබ් 3:1-9). බයිබලය පවසනවා කිතුනුවන්ට ඔටුනු පලදවන බවට ඔවුන් ක්‍රිස්තුස් වහන්සේට සේවය කිරීමේ විශ්වාසවන්තකමට (1 කොරින්ති 9:4-27; 2 තිමෝති 2:5). 2 තිමෝති 2:5; 2 තිමෝති 4:8; යාකොබ් 1:12; 1 පේත්‍රැස් 5:4; හා එළිදරව් 2:10 හී නොයෙක් ඔටුනු පිළිබඳව විස්තර කර ඇත. යාකොබ් 1:12 අපි ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චාසනය පිළිබඳව සිතිය යුතු අයුරු පිළිබඳව සාරංශ කර ඇත. “පරික්‍ෂාව ඉවසන තැනැත්තා වාසනා වන්තය, මක්නිසාද ඔහු එත්තුගනු ලැබූ කළ, තමුන්ට ප්‍රේම කළ වුන්ට ස්වාමින් වහන්සේ විසින් පොරොන්දු වූ ජීවනය නම් ඔටුන්න ලබන්නේය.”

English



නැවතත් සිංහල මුල් පිටුවට

ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චාසනය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries