settings icon
share icon
ප්‍රශ්නය

මගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ කැමැත්ත මා දැන ගන්නේ කෙසේද?

පිළිතුර


කිසියම් අවස්ථාවක් සම්බන්ධයෙන් දෙවියන් වහන්සේගේ කැමැත්ත දැනගැනීම සඳහා ක්‍රම 2 ක් ඇත. (1) ඔබ අයදින්නේ හෝ කිරීමට අදහස් කරන්නේ ශුද්ධ බයිබලයට පටහැනි නොවන දෙයක් බවට සහතික වන්න. (2) ඔබ අයදින හෝ කිරීමට අදහස් කරන්නාවූ දෙයින්, දෙවියන් වහන්සේ මහිමයට පත්වන බවත්, ඒ තුළින් ඔබට ආත්මික වර්ධනයක් ලබා ගැනීමට හැකිවන බවටත් සහතික වන්න. මේකරුණු දෙකම නිවැරදි නමුත්, තවමත් දෙවියන් වහන්සේ ඔබ අයදින දේ නොදෙන්නේ නම් - ඔබ ඉල්ලන දේ දෙවියන් වහන්සේගේ කැමැත්ත නොවන බව හෝ එසේත් නැතිනම් සමහර විට තව කාලයක් ඒ වෙනුවෙන් බලා සිටිය යුතු බව හැඟේ. දෙවියන් වහන්සේගේ කැමැත්ත දැනගැනීම ඇතැම් විට අපහසුවේ. මිනිසුන් බලාපොරොත්තුවන්නේ දෙවියන් වහන්සේම ඔවුන් කළ යුතු දේ, වැඩ කළ යුතු තැන, ජීවත් විය යුතු තැන, විවාහ කර ගත යුත්තේ කාවද යනාදිය ඔවුන්ට පෙන්වා දිය යුතුය කියාය. රෝම 12 : 2 ප්‍රකාශ කරන පරිදි, “නුඹලා මේලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන් වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැන ගන්නා පිණිස, සිත අලුත් කර ගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙයල්ලා.”

දෙවියන් වහන්සේ විසින් අදාල විස්තර සෘජුවම මනුෂ්‍යයාට දෙනු ලබන අවස්ථා ඉතා විරලය. දෙවියන් වහන්සේ යම් දේවල් පිළිබඳව තේරීම් කරන්නට මනුෂ්‍යයාට ඉඩ දෙනවා. අප ගන්නාවූ තීරණ අතරින් පාපයක් කිරීමට හෝ උන් වහන්සේගේ කැමැත්තට විරුද්ධව ගන්නා තීරණයකට පමණක් දෙවියන් වහන්සේ අකමැති වේ. අපගේ තේරීම දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව ගන්නවාට උන් වහන්සේ කැමති වේ. ඉතින් ඔබ කොහොමද දැන ගන්නේ ඔබ වෙනුවෙන් දෙවියන් වහන්සේගේ කැමැත්ත කුමක්ද කියා? ඔබ දෙවියන් වහන්සේ හා සමඟ සමීපව ගමන් කරනවා නම් සහ ඔබ ඇත්තෙන්ම උන් වහන්සේගේ කැමැත්ත ඔබේජීවිතය තුළ අපේක්‍ෂා කරනවා නම් - දෙවියන් වහන්සේගේ උන් වහන්සේගේ ආශාවන් අප හද තුළ තබනවා. එහෙත් වැදගත් වන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තද? නැතහොත් අපේ තනි කැමැත්තද? යන්නය. “ස්වාමීන් කෙරෙහි ප්‍රීතිමත් වෙවු උන් වහන්සේද තාගේ සිතෙහි ආශාවන් ඉෂ්ට කරන සේක” (ගීතාවලිය 37 : 4). ශුද්ධ බයිබලය එයට විරුද්ධ නොවන්නේ නම්, එය නිසැකයෙන්ම ඔබව ආත්මිකව ඵලදායි කරනවා - එවිට ඔබට ඔබගේ හදවතට එකඟව තීරණ ගන්න “අවසරය” ශුද්ධ බයිබලය ලබා දෙනවා.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ කැමැත්ත මා දැන ගන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries