settings icon
share icon
ප්‍රශ්නය

යේසුස් වහන්සේ ව්‍යවස්ථාව සම්පූර්ණ කිරීම හා එය අවලංගු නොකිරීම යනු කුමක්ද?

පිළිතුර


මතෙවි සුභාරංචියේ සඳහන් වන කන්ද උඩ දේශනාවේ, යේසුස් වහන්සේගේ වචන මෙසේ විය. ව්‍යවස්ථාව හෝ අනාගතවාක්‍ය හෝ අවලංගුකරන පිණිස මම ආවෙමියි නොසිතල්ලා. සම්පූර්ණ කරන්ට මිස අවලංගු කරන්නට නාවෙමියි. සැබවක් නුඹලාට කියමි. අහසත් පොළවත් පහව යන තෙක්, සියල්ල සිදු වන තුරු, ව්‍යවස්ථාවෙන් එක අකුරක්වත් බින්දුවක්වත් කිසිසේත් පහව නොයන්නේය (මතෙව්5:17-18).

යේසුස් වහන්සේ ව්‍යවස්ථාව අවලංගු නොකළේ නම් උන් වහන්සේ එහි බැඳීම සීමා කිරීම, බොහෝ මතිමතාන්තර වලට තුඩු දෙන හේතුවකි. එසේ නම් මෝසෙස්ගේ කාලය තුළ ස්ථාපිත වුන සබත කොරෙහි වූ අවධානය අදටත් එලෙසම පැවතිය යුතුව තිබේ. මෙම උපකල්පනය, සැබවින්ම අපට වැරදි වූ අදහසක් ලබා දෙයි. යේසුස් වහන්සේ සැබවින්ම පැවසුවේ, මෝසෙස්ගේ නීතිය හා කිසිඳු සබඳතාවයක් සදාකාලයට නොපැවැත්වෙන බවය. එම අදහස, අළුත් ගිවිසුමෙහි සඳහන් දේ හා පර්ස්පරවිරෝධී වනවා නිසැකය (රෝම10:4, ගලාති 3:23-25, එපීස 2:15).

ඉතා ඕනෑකමෙන් මෙම වචනය, එනම් අවලංගු කිරීම පිළිබඳව අධ්‍යනය කළ විට අපට පැහැදිලි වන දෙයක් ඇත. එහි ග්‍රීක බස තේරුම නම් කටාලුවෝ, එනම් ලිහිල් කිරීමයි. මෙම වචනය 17 වතාවක් අළුත් ගිවිසුමෙහි අපට හමුවේ. යුදා දේවමාළිගාව, රෝමවරු විසින් විනාශ කිරීම ගැන කථාවෙහිදී මේ ගැන කියවෙන තවත් ස්ථානයකි (මතෙව් 26:61, 27:40, ක්‍රියා 6:14) හා මරණයේදී අපගේ මිනිස් ශරීරය දිය වීම පිළිබඳ කථාවේද මේ පිළිබඳව සඳහන් වේ (2 කොරින්ති 5:1). මෙම වචනය දීර්ඝ ලෙස තේරුම ගත් කළ එහි අර්ථය නම් බලයෙන් නෙරපා දැමීමයි. එනම් නිශ්ඵල වීමට සලස්වනවා, සාර්ථකත්වය වළක්වනවා, සමාන්‍ය භාවිතයේදී, මෙය යොදා ගනු ලැබුවේ බොහෝ ආයතන හා නීති සම්බන්ධයෙන්, එනම් අවලංගු කිරීම සම්බන්ධයෙන්ය.

මතෙව් 5:17 හි වචන යොදා ගෙන ඇති ආකාරය ඉතා ඕනෑකමෙන් බැලීම කළ යුතුය. මෙහිදී අවලංගු කිරීම යන වචනය යොදා ගෙන තිබෙන්නේ සර්වසම්පූර්ණ යන වචනයට විරුද්ධවය. යේසුස් වහන්සේ පැමිණියේ... අවලංගු කිරීමට නොව, සර්වසම්පූර්ණ කිරීමටය. යේසුස් වහන්සේ මේ ලෝකයට ආ කාරණය නම්, ව්‍යවස්ථාවට විරුද්ධ වීමට නම් එය වැරදිය. උන් වහන්සේගේ අරමුණ නම්, ව්‍යවස්ථාවේ සර්වසම්පූර්ණ කම වැළකීමද නොවේ. ඔහු සැමවිටම කලේ එයට පූඡනීයත්වයෙන් සැළකීම, ආදරය කිරීම, ගෞරව කිරීම හා එහි ඵලය ලබා ගැනීමයි. උන් වහන්සේ, උන් වහන්සේ පිළිබඳව ලියවී ඇති අනාගත වාක්‍ය සම්පූර්ණ කිරීමට ආ බව පැහැදිලිය (ලූක් 24:44 ). යේසුස් වහන්සේ මෝසෙස්ගේ ව්‍යවස්ථාව සම්පූර්ණ කළ අතර ඔහු පැහැදිලි ලෙස එයට ගෞරව කළ බව හා අප හැම ඒ තුළින් සාපයකට යටත්ය යනුයි (ගලාති 3:10-13).

ව්‍යවස්ථාවේ දේවත්වය, සැබවින්ම එහි ලිහිල් කිරීම පෙන්නුම් කරයි. එය සැමවිටම අත්පත්කරගත යුතුදේ එලෙස අත්පත් කර ගනියි. මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ සබඳතාවය අදටත් මිනිසාට බලපානවා නම්, එය ලිහිල් කිරීමේ අදහසින් නම්, එය සර්වසම්පූර්ණ වි නොහැක හා යේසුස් වහන්සේ කිරීමට පැමිණි කාරණය නිෂ්ඵල වේ. අනෙත් අතට ගත් කළ දෙවියන් වහන්සේ උන් වහන්සේගේ අරමුණ ළඟා කර ගත්තා නම්, ව්‍යවස්ථාව සම්පූර්ණ වන අතර එය එනම් අද ලෝකයේ ආයතන වලට ලිහිල් ලෙස භාවිත වන්නේද නැත. මෝසෙස්ගේ ව්‍යවස්ථාව යේසුස් වහන්සේ විසින් සර්වසම්පූර්ණ කළේ නැත්නම්, එය අදටත් අප සමඟ අපගේ නීති පද්ධතිය ලිහිල් කිරීමක් කරයි. එය සාමාන්‍ය ලිහිල් කිරීමක් නොවනු ඇත. එය අවධානය ලබන්නාවූ නීති මාලාවක් විය හැකිය. යේසුස් වහන්සේ පැහැදිලි ලෙස පැවසුවේ, එක අකුරක්වත් බින්ඳුවක්වත්, එය සර්ව සම්පූර්ණ වන තුරු පහනොවන බවයි (හෙබ්‍රව් සුභාරංචියේ එන කුඩා වෙනස්කම්) ව්‍යවස්ථාවේ සඳහන් කිසිඳු දෙයක් මොනයම් හෝ ආකාරයකින්, එහි කාරණාව ඉෂ්ඨ නොකර පහව නොයයි. යේසුස් වහන්සේ ව්‍යවස්ථාව සම්පූර්ණ කරනු ලැබුවා. යේසුස් වහන්සේ මුළු ලියවිල්ල ඉෂ්ඨ කරනු ලැබුවා. අපට නිසැකවම යේසුස් වහන්සේ පූඡාවන ක්‍රමය ස්ථාපිත කළා හා ව්‍යවස්ථාවේ සමහරක් පැති ස්ථාපිත නොකළා යයි පැවසිය නොහැක. යේසුස් වහන්සේ ව්‍යවස්ථාව සම්පූර්ණ කළා නැතහොත් නැහැ. යේසුස් වහන්සේගේ මරණය යනු පූඡා වීමත්, එය සැබවින්ම ව්‍යවස්ථාව අනෙකුත් සියල්ල සර්වසම්පූර්ණ කිරීමය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

යේසුස් වහන්සේ ව්‍යවස්ථාව සම්පූර්ණ කිරීම හා එය අවලංගු නොකිරීම යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries