settings icon
share icon
ප්‍රශ්නය

සදාතන රුකවරණය පාපය කිරීමට “අවසර පතක්ද” (බලපත්‍රයක්ද)?

පිළිතුර


“සදාතන රුකවරණය” යන මූලධර්මයට ඉතා බහුලව විරෝධත්වය දක්වන්න හේතුව නම් සියලුම කිතුනුවන්ට තමන්ට අවශ්‍ය ඕනම ලෙසට ජීවත්වීමට හැකියාව ඇති බවත් ඒ ජීවත්වීම කෙසේ වුනත් ඔහුගේ / ඇයගේ ගැලවීම නැති නොවේ යැයි යන හැඟීම / අදහස මනුෂ්‍යා දරණ නිසයි. මෙය “ප්‍රායෝගකිව” සත්‍යයක් නමුත් එය නොවෙයි සදාතන රුකවරණය යනු. ක්‍රිස්තුස් යේසුස් වයන්සේව තම පුද්ගලික ගැලවුම්කරුවා වශයෙන් සත්‍ය ලෙස පිළිගත් මනුෂ්‍යයකු කිසිම විටක ඔහු තුළ පාපය කිරීමේ හැකියාව හා කැමැත්ත ඇති චරිත ගුණාංග තිබුනත් ඔහු / ඇය කිසිම විටක එසේ නොකරයි. අප කිතුනුවෙකු ජීවත් විය යුත්තේ කෙසේද හා ගැලවීම ලැබීමට මනුෂ්‍යයකු කුමක් කළ යුතුද යන්න මනා ලෙස වෙන්කර ගත යුතුය.

බයිබලය ඉතා පැහැදිලි ලෙස සඳහන් කරනවා ගැලවීම කරුණාවෙන් පමණක් ලැබෙන්නක් බවට, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ පමණක්ම බවත් (යොහන් 3:16; එපීස 2:8-9; යොහන් 14:6). මනුෂ්‍යයකු ඇදහිල්ල කරණකොටගෙන පමණක්ම ගැලවේ. පුද්ගලයකු සැබවින්ම ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහුවාම ඔවුනට ගැලවීම හා ගැලවීම තුළ සුරක්‍ෂිත භාවය ලැබේ. ඇදහිල්ල කරණකොටගෙනම පමණක් නොව ගැලවීම ලැබෙන්නේ එය තුළ ක්‍රියාවද තිබිය යුතුය. පාවුල් තුමා මේ පිළිබඳව ගලාති 3:3 ඔහු අසන විට “ඔබ මෙතරම්ම මෝඩද? ආත්මය සමග ආරම්භ වීමත් සමගම දැන් ඔබගේ ඉලක්කය කරා යාමට ඔබගේ මානුෂික ශක්තිය ප්‍රයෝජණයට ගන්නවාද?” අප ඇදහිල්ලෙන් ගැලවිලා නම් අපගේ ගැලවීමත් සුරක්‍ෂිත බවත් ඇදහිල්ලෙන්ම පවත්වාගන අපට අපගේ ගැලවීම හම්බකර ගත හැකිවක් නොව, එම නිසා අපගේ තනි හැකියාවෙන් පමණක් එම ගැලවීම පවත්වාගත යා නොහැක. අපගේ ගැලවීම සුරක්‍ෂිතව පවත්වාගන යන්නේ දෙවියන් වහන්සේය (යූද් 24 පදය). දෙවියන් වහන්සේ අපව උන් වහන්සේගේ හස්තයේ සුරක්‍ෂිතව තබා ගනී (යොහන් 10:28-29). කිසිවකට අපව වෙන් කරන්න බැරි වන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය නිසයි (රෝම 8:38-39).

සදාකාල සුරක්‍ෂිත භාවය ගැන කථා කරද්දී අප ප්‍රතික්ෂේප කළ යුතු දෙය නම්, මේ ගැලවීම අපගේ යහපත් ක්‍රියා හා උත්සහයෙන් ලබා ගත යුතු දෙයක් යැයි කීම. මෙය ගැලවීම කරුණාව නිසා ලැබීමත් යන්නට පටහැනිව ක්‍රියා කරයි. අපට ගැලවීම ලැබුණේ ක්‍රිස්තුස් වහන්සේගේ කරුණා ගුණය නිසා, අපගේ හොඳ කමක් නිසා නොව (රෝම 4:3-8). මෙය ලබා ගැනීම අපි උන් වහන්සේගේ වචනයට කීකරු විය යුතු අතර දේව භය ඇති ජීවිතයක් ගත කළ යුතුය. මේ ගැලවීම පවත්වාගෙන යාමට එසේ නම් එයින් අදහස් කරන්නේ අපගේ පාපයට කුලිය වශයෙන් තම ජීවිතය දුන් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත පූජාව ප්‍රමාණවත් නොමැති බවද? නැත එසේ නොව එම පූජාව අපගේ අතීත, වර්ථමාන හා අනාගත සියළු පාප වලට අවශ්‍ය කුලිය ගෙවා ඇත. පෙර ගැලවීම හා පසු ගැලවීමට (රෝම 5:8; 1 කොරින්ති 15:3; 2 කොරින්ති 5:21).

එසේ නම් මෙයින් පවසන්නේ කිතුනුවෙකුට කැමති ලෙස ජීවත් වුනත් ඔවුන්ගේ ගැලවීම නැති නොවේ යන්නද? මෙය සැබවින් සිද්ධාන්තික ප්‍රශ්ණයක්. මන්ද බයිබලය ඉතා පැහැදිලිව සඳහන් කරයි කිතුනුවා “ඔවුන්ට අවශ්‍ය ලෙසට ජීවත් නොවේ” යන්න. කිතුනුවා අලුත් (නව) මැවිල්ලක් (2 කොරින්ති 5:17). කිතුනුවා ආත්මයේ ඵල ඉදිරිපත් කරයි (ගලාති 5:22-23), මාංසයේ ක්‍රියා නොව (ගලාති 5:19-20). 1 යොහන් 3:6-9 පැහැදිලිව පවසනවා සැබෑ කිතුනුවෙකු පාපය තුළ අඛන්ඩව (නිරන්තරව) පැවතෙන්නේ නැති බවට. කරුණාව පාපයට විරුද්ධව දක්වන්නාවූ ප්‍රතිචාරයක් ලෙසට, පාවුලු තුමා ප්‍රකාශ කරනවා “අපි කුමක් කියමුද?, කරුණාව වර්ධනය වන පිණිස පාපය තුලම දිගටම පවතිමුද? පාපයට අප මැරී සිටිමුව, එසේ නම් තව දුරටත් ඒ තුළ ජීවත් වීමට අපට පුළුවන්ද?” (රෝම 6:1-2).

සදාකාලික සුරක්‍ෂිත බව පාපයට බලපත්‍රයක් නොව. එය අපට උන් වහන්සේ කෙරෙහි අදහන්නන්ට උන් වහන්සේගේ ප්‍රේමය දෙන බවට රැකවරණයක්. දෙවියන් වහන්සේගේ අනර්ග තෑග්ග වන ගැලවීම පිළිබඳව සම්පූර්ණයෙන් තේරුම් ගැනීම පාපය කිරීමට බලපත්‍රයක් දීම වෙනුවට ඊට විරුද්ධ වීමට යොමු කරයි. කිසිවෙකු කෙලෙස තේරුම් ගනීවිද ක්‍රිස්තුස් වහන්සේ අපගේ පාපයට කුලිය කෙලෙස ගෙව්වද යන්න, එය තේරුම් ගත් කෙනෙකු කෙසේ නැවත පාපය කරයිද (රෝම 6:15-23)? දෙවියන් වහන්සේගේ කොන්දේසි රහිත ප්‍රේමය මනුෂ්‍යකු කෙසේ තේරුම් ගනීවිද? (උන් වහන්සේ කෙරෙහි අදහන මනුෂ්‍යකුට ඇති ප්‍රේමය) එම ප්‍රේමය තේරුම් ගත් කෙනෙකු කෙසේද එම ප්‍රේමය උන් වහන්සේගේ මුහුණට දමා ගසන්නේ? එවැනි පුද්ගලයෙකු විසින් පිළිබිඹු කරන්නේ පාපයට බලපත්‍රයක් ඇති බව පමණක් නොව, කිස්තුස් වහන්සේ කරණකොටගෙන ඇති ගැලවීම සැබවින් අත් දැක නැති පුද්ගලයකු වේ. “යමෙක් උන් වහන්සේ තුළ පවතීද ඔහු පව් කරන්නේ නැත, පව් කරන තැනැත්තේ උන් වහන්සේ දුටු වේවත් ඇඳින ගත්තේවත් නැත” (1 යොහන් 3:6).

English



නැවතත් සිංහල මුල් පිටුවට

සදාතන රුකවරණය පාපය කිරීමට “අවසර පතක්ද” (බලපත්‍රයක්ද)?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries