settings icon
share icon
ප්‍රශ්නය

මරණින් පසු ජීවිතයක් ඇද්ද?

පිළිතුර


මරණින් පසු ජීවිතයක් ඇද්ද? මෙයට පළිතුරු වශයෙන් ශුද්ධ ලියවිල්ලේ ප්‍රකාශ කර ඇති පරිදි, “ස්ත්‍රීයගෙන් උපන් මනුෂ්‍යයා ස්වල්ප දවසක් පවතින්නාවූ කරදරයෙන් පූර්ණවූ කෙනෙක්ය. ඔහු මලක් මෙන් හටගෙන පහවී යන්නේය, ඔහු නොපැවතී සෙවණැල්ල මෙන් පලා යන්නේය, මනුෂ්‍යයෙක් මැරුණම ඔහු නැවත ජීවත්වේද?” (යෝබ්14 : 1-2, 14).

යෝබ්ට මෙන්ම අපි සියලු දෙනාටම මෙම ප්‍රශ්නය අභියෝගයක්. සත්‍ය වශයෙන්ම මරණින් පසු කුමක් වේද? පැහැදිලිවම අපගේ විද්‍යාමානාත්වය නතරවේද? කැරකැවෙන දොරක් සේ අපගේ ජීවිතය පිටවී ගොස් නැවතත් මේ පොළවට පැමිණෙනවාද අපගේ පෞද්ගලික උසස් බව මුදුන් පත් කර ගනු පිණිස? මරණින් පසු අප සියළු දෙනාම යන්නේ එකම ස්ථානයටද? එසේ නැති නම් විවිධ ස්ථානවලටද? ඇත්තෙන්ම ස්වර්ගය හා නිරය කියා ස්ථානයක් තිබේද? එසේ නැති නම් එය අපගේ මනසේ ඇති වන කල්පනාවක්ද?

ශුද්ධ ලියවිල්ලේ (බයිබලයේ) පවසනවා මරණින් පසු ජීවිතයක් පමණක් නොව, මහිමාන්විත සදාකාලික ජීවිතයක්, එනම්, “දෙවියන් වහන්සේ විසින් තමන් ප්‍රේම කරන්නන්ට සූදානම් කළ යම් දෙයක් ඇද්ද ඒ දේ ඇසට නොපෙනුණේය කනට නොඇසුණේය, මනුෂ්‍යයාගේ සිතට නොපැමිණෙන්නේය” (1 කොරින්ති 2 : 9). දෙවියන් වහන්සේම මාංශගතවී, ක්‍රිස්තුස් වහන්සේ තුළින් මොලොවට පැමිණියේ සාදාකාලික ජීවිතය නමැති උතුම්දීමනාව අපට ප්‍රදානය කරන්නටයි. “තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය, පොඩි කරනු ලැබුවේ අපේ අයුතු කම්නිසාය. අපට සමාදානය ගෙන දෙන දඬුවම උන් වහන්සේ පිටට පැමුණුනේය උන් වහන්සේගේ පහර වලින් අපට සුවය ලැබී තිබේ” (යෙසායා 53 : 5).

අප එකිනෙකාට යුතු දඬුවම වෙනුවෙන් ක්‍රිස්තුස් වහන්සේ උන් වහන්සේගේ අගනා ජීවිතය පරිත්‍යාග කළ සේක. දින තුනකට පසු උන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ බව සනාථ කරමින්, මරණය පරදා මහිමාන්විතව, ශාරරීකව මෙන්ම ආත්මිකව ජයග්‍රහිකව නැගිටුණු සේක. දින 40 ක් උන් වහන්සේ විශ්වයේ සිටි මින් දහසක් දෙනාට සාක්ෂි දරමින්, ඉන්පසු එතුමන් ගේ සදාකාලික නිවාසය වන ස්වර්ගයට නැගුණු සේක. රෝම 4 : 25 ප්‍රකාශ කරනවා, “උන් වහන්සේ වනාහි අපේ වරද නිසා පාවා දෙනු ලැබ, අප ධර්මිෂ්ඨ කොට ගණන් ගනු ලැබීම සඳහා නැගිටු වනු ලැබූ සේක”.

ක්‍රිස්තුස් වහන්සේ ගේ මරණින් නැගිටීම ලියවිලි සහිත වැදගත් සිද්ධියකි. පාවුලු තුමා මනුෂ්‍යයන්ට අභියෝග කරනවා ඇසින් දුටු සාක්ෂි වල වැදගත්කම අවශ්‍යනම්ප්‍රශ්ණ කරන්නට කියා. එහෙත් එහි සත්‍ය ගැන තරඟ කරන්නට කිසිවකු ඉදිරිපත් වූයේ නැත. උත්ථානය ක්‍රිස්තියානි ඇදහිල්ලේ මුල් ගල වේ. මන්ද යේසුස් වහන්සේ මරණින් නැවත නැගිටුණු නිසා අපටද විශ්වාස කළ හැකියි අපද මරණින් පසු නැවත නැගිටින බවට.

සමහර පෙරකාලීන ඇදහිලිවතුන්ට පාවුලු තුමා අවවාද කරනවා, යේසුස්ගේ උත්ථානය ගැන විශ්වාස නොකරන හෙයින්, “ඉඳින් ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් නැගිටුවනු ලැබූ සේක යැයි දේශනා කරනු ලැබේ නම්, මළවුන්ගෙන් නැගිටීමක් නැතැයි නුඹලා කියන්නේ කොහොමද? මළවුන්ගෙන් නැගිටීමක් නැත්නම්, ක්‍රිස්තුස් වහන්සෙත් නැගිටුවනු නොලැබූ සේක” (1 කොරින්ති 15 : 12-13).

මරණින් පසු නැවත ජීවිතය ලද අය අතරින් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රථම විශිෂ්ඨම ඵලය වේ. ශාරිරීක මරණය මෙලොවට පැමිණියේ එක මනුෂ්‍යයකු තුලිනි. එනම් ආදම්. අප සියළු දෙනාම පැවත එන්නේ ඔහු ගෙන්ය. ඇදහිල්ල කරණකොටගෙන දෙවියන් වහන්සේගේ පවුලට අපව භාරගෙන ක්‍රිස්තුස් වහන්සේ අපට නව ජීවිතයක් දානය කර ඇත (1 කොරින්ති 15 : 20-22). දෙවියන් වහන්සේ යේසුස්ගේ ශරීරය නැගිටුවා සේ, නැවත යේසුස්ගේ පැමිණීම සමග අපේ ශරීරද නැවත පණ උපදවනු ලැබේ (1 කොරින්ති 6 : 14).

කෙසේ හෝ අපගේ උත්ථානය සිදු වූවත්, සියළු දෙනාට ස්වර්ගය වෙතට එකට යාමට නොහැකි වේ. එක එක පුද්ගලයාට මේ ජීවිත ගමන අතරතුර තේරීමක් කරන්නට සිදු වේ, මරණින් පසු ඇය හෝ ඔහු යන්නේ කොහේද කියා. ශුද්ධ බයිබලය පවසන පරිදි අපව මරණයට නියම කර ඇත්තේ වරක් පමණි. ඉන්පසු, විනිශ්චය සඳහා අප මුහුණ දිය යුතුය (හෙබ්‍රෙව් 9 : 27). ධර්මිෂ්ඨයෝ ස්වර්ග රාජ්‍යයේ සාදාකාලික ජීවිතයටත්, මිථ්‍යාදෘෂ්ටිකයන් සාදාකාල දඬුවමට හෝ නිරයට ගමන් කරනවා ඇත (මතෙව් 25 : 46).

ස්වර්ගය මෙන් නිරයද පවතින තත්වයක් නොව, එහෙත් සදාකාලික ඇත්තෙන්ම සත්‍ය වූ ස්ථානයකි. අධර්මිෂ්ඨ සෙනඟ දෙවියන් වහන්සේගේ සාදාකාලික උදහස අද්දකින්නාවූ නිමක් නොමන්නාවූ වේදනාත්මක ස්ථානයකි. ඔවුන්ට මානසික, ශාරීරික, මෙන්ම සිතුවිලි වලින්ද මහත්වූ පීඩාවල් වලටද නිරන්තර දුක් විදීමටද, ලැජ්ජාවට, පසුතැවීමට හා පිළිකුලට පත්වීමටද සිදුවේ.

නිරය ගැන විස්තර කරනවා නම් එය අගාධ (ඉතා ගැඹුරු) වලක් හා සමානය (ලූක් 8 : 31, එළිදරව්9 : 1), ගිනි විලක් මෙන්ද, ගෙන්ද ගමින්ද දැවෙන මනුෂ්‍යයන් සාදාකාලයටම දිවා රූ දෙකෙහි වධ වේදනා විඳින ස්ථානයකි (එළිදරව්20 : 10).නිරයෙහි නිරන්තරයෙන්ම හැඬීම හා දත් මිටි කෑමද, වේගවත් ශෝකය සහ ක්‍රෝධය ඇති ස්ථානයකි (මතෙව්13 : 42). තවද “නිරයෙදී ඔවුන්ගේ පණුවා නසින්නේවත් ගින්න නිවෙන්නේවත් නැත” (මාර්ක් 9 : 48). දෙවියන් වහන්සේ අධර්මිෂ්ඨයන්ගේ මරණින් ප්‍රසන්න (සන්තෝෂ) වන්නේ නැත, නමුත් උන් වහන්සේගේ කැමැත්ත නම් ඔවුන්ගේ අධර්මිෂ්ඨ මාර්ග වලින් හැරී ජීවත් වෙනවා දකින්නටයි (එසකියෙල් 33 : 11). තවද උන් වහන්සේ යටත් වීමක් සඳහා බල කරන්නේ නැත, අපි උන් වහන්සේව ප්‍රතික්ෂේප කරන්න තෝරා ගත්තොත්, අපට අවශ්‍ය දේ දීමට උන් වහන්සේට නුපුලුවන.

මහපොළොව මත ජීවිතය විභාගයකි (පරීක්ෂනයකි) - පැමිණෙන්නට තිබෙන දෙයකට සූදානම්වීමකි. ඇදහිලිවන්තයන්ට දෙවියන් වහන්සේ ඉදිරියෙහි ආසන්නතම සදාකාලික ජීවිතයකි. ඉතින් අපි කොහොමද ධර්මිෂ්ඨවී මේ සදාකාලික ජීවිතය ලබා ගන්නේ? එයට ඇත්තේ එකම මාර්ගයකි - එනම් දෙවියන් වහන්සේගේ පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි ඇදහිල්ල සහ විශ්වාසය තුළින්ම පමණි. යේසුස් ඔබට කියන සේක, “නැවත නැගිටීමද ජීවනයද මමය. මා කෙරෙහි අදහාගන්නා මළ නුමුත් ජීවත් වන්නේය. ජීවත්ව සිටින කවුරු නුමුත් මා කෙරෙහි අදහන්නේද, ඔහු කිසි කලකත් නොනසින්නේය” (යොහන් 11 : 25-26).

සියළු දෙනාටම සදාකාලික ජීවිතය නොමිලේ තෑග්ගක් ලෙස ලැබිය හැක, ඒ සඳහා අපිම අපේ ලෝක අභිමතය (ලෝක ආශාවල්) ප්‍රතික්ෂේප කර, අපිම දෙවියන් වහන්සේ වෙත පරිත්‍යාගයක් කිරීමට අවශ්‍යයි. “පුත්‍රයාණන් කෙරෙහි අදහන්නාට සදාකාල ජීවනය ඇති නමුත් පුත්‍රයාණන්ට කීකරු නොවන්නා ජීවනය නොදක්කන්නේය, දෙවියන් වහන්සේගේ උදහස ඔහු කෙරෙහි පවතියි” (යොහන් 3 : 36). අපේ මරණින් පසු දෙවියන් වහන්සේව අපිට මූනට මුන ගැසෙන නිසා අපේ පාප වලට පසු තැවිලි වෙන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැත. අපට උන් වහන්සේව අදහනවා (විශ්වාස) කරනවා ඇරෙන්න වෙන මනාපයක් නැත. උන් වහන්සේ අපට ඇදහිල්ලෙන් හා දයාවෙන් උන් වහන්සේ වෙතට ආරාධනා කරනවා. යේසුස් ක්‍රිස්තුස් ගේ මරණය අපේ පාපයට කුලියක් හා අපි කල පව් දෙවියන් වහන්සේට විරුද්ධව කල පාපකාරී කැරැල්ලක් කියා පළිගන්නවා නම්, අපට මෙලොවේ අර්ථවත් ජීවිතයක් සහ ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියේ අපට සදාකාලික ජීවනයක් සහතිකය.

ඔබට යේසුස් ක්‍රිස්තුස් ඔබගේ ගැලවුම්කරුවානන් ලෙස පිලිගැනීමට අවශ්‍යය නම් ඒ සඳහා සුදුසු යාචිඤාවක් පහත දක්වයි. මෙම යාච්ඤාව හෝ වෙනයම් යාච්ඤාවක් කිරීමෙන් ඔබ ගලවනු ලබන්නේ නැත. ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමෙන් පමණක් ඔබව පාපයෙන් ගලවා ගත හැක. මෙම යාච්ඤාව ඉතා සරලව දෙවියන් වහන්සේ කෙරෙහි ඔබ දක්වන විශ්වාසය පෙන්වීමටත් ඔබට ගැලවීම ප්‍රදානය කරීම ගැන ස්තුති කිරීමටත් සුදුසුවේ.

ශුද්ධ දෙවියන් වහන්ස, මම ඔබට විරුද්ධව පව් කල බවත්, ඒ සඳහා දඬුවම්ලැබීමට සුදුසු බවත් දනිමි. යේසුස් ක්‍රිස්තුස් මා ලැබිය යුතු දඬුවම රැගෙන ඒ මගින් මට ගැලවීම ඇති බව විශ්වාස කරමි. මම පාපයෙන් මිදී ඔබගේ ගැලවීම කෙරෙහි විශ්වාස කරමි. ඔබගේ අනුග්‍රහය, සමාව සහ සදාකාල ජීවනය ගැන ස්තුතියි. ආමෙන්!

මෙය කියවීමෙන් පසු ඔබ ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව තීරනයක් ගත්තාද? එසේ නම් මම අද ක්‍රිස්තුස් පිලිගතිමි කියා පහත සඳහන් බොත්තම ක්ලික් කරන්න.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මරණින් පසු ජීවිතයක් ඇද්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries