ප්‍රශ්නය
ජීවමාන යාගයක් වීම යන්නෙන් අර්ථවත් වනුයේ කුමක්ද?
පිළිතුර
රෝම 12:1 හී පාවුළු විසින් ප්‍රකාශ කරනුයේ "එබැවින් සහෝදරයෙනි, ඔබ සැමගේ ශරීරයෙන් ජීවමානවූ ශුද්ධවූ දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පු කරන හැටියට දෙවියන්වහන්සේගේ දයාවන් නිසා ඔබ සැමගෙන් ඉල්ලම්, එය ඔබගේ ආත්මික සේවයවේ". රෝමයේ ඇදහිලිවන්තයන්ට පාවුළු දුන් අනුශාසනාව නම් මොසෙයික නීතියට අනුව පූජාසනය මත කරන සතුන් පූජා කිරීමක් නොව පූජාසනය මත පූජාවක් ලෙස නොව ජීවමාන පූජාවක් ලෙස දෙවියන්වහන්සේට තමන්ව පූජා කරනු ලැබීමවේ. ශබ්දකෝෂයෙහි යාගය අර්ථ දක්වනුයේ "දෙවියන්වහන්සේට කැප කර පූජා කරන ඕනෑම දෙයක්" ලෙසය. ඇදහිලිවන්තයන් ලෙස අපගේ ජීවිත කැප කරමින් දෙවියන්වහන්සේට ජීවමාන යාගයක් කොට ඔප්පු කරනු ලබන්නේ කෙසේද?
පැරණි ගිවිසුම යටතේ දෙවියන්වහන්සේ විසින් සත්ත්ව පූජාවන් පිළිගනු ලැබූසේක. එනමුත් මේවා වනාහී දෙවියන්වහන්සේගේ බැටළුපැටවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සෙගේ පූජාවේ පූර්වාදර්ශනයකි. කුරුසිය මත උන් වහන්සේගේ එක් වරක් පූජාව කරණකොටගෙන පැරණි ගිවිසුමේ පූජා අවලංගු වූ අතර ඒවා තවදුරටත් බලපෑමක් ඇති නොකරයි (හෙබ්‍රෙව් 9:11-12) ගැළවීමේ ඇදහිල්ල කරණකොටගෙන ක්‍රිස්තුස්වහන්සේ තුළ සදාචාරයෙන් යුක්තව සිටින්නවුන්ගෙන් පිළිගත හැකි එකම නමස්කාරය නම් අපව සම්පූර්ණයෙන්ම ස්වාමින්වහන්සේ වෙතට ඔප්පු කරනු ලැබීමවේ. දෙවියන් වහන්සේගේ පාලනය යටතේ ඇදහිලිවන්තයාගේ තවමත් මුදවාගනු නොලැබූ ශරීරය උන්වහන්සේට ධර්මිෂ්ඨකමේ මෙවලමක් ලෙස යටහත් විය හැකි මෙන්ම එසේ කළ යුතුවේ (රෝම 6:12-13; 8:11-13). අප වෙනුවෙන් යේසුස් වහන්සේ කළාවූ අවසාන පූජාව දෙස බලන කළ මෙය "සාධාරණ" දෙයක් පමණි.
අප දෙවියන්වහන්සේට ජීවමාන යාගයක් වන්නේ මේ ලෝකයට අනුකූල වී සිටීමෙන් නොවේ. 1 යොහාන් 2:15-16 හී අපට මේ ලෝකය නිර්වචනය කොට දක්වන්නේ මාංශයේ තෘෂ්ණාවත්, ඇස්වල තෘෂ්ණාව සහ ජීවිතයේ අහංකාර කම ලෙසය. ලෝකය විසින් පිරිනමනු ලබන දේ මේ කරුණු තුන දක්වා පහත හෙළිය හැකිවේ. මාංශයේ තෘෂ්ණාවට අපගේ අභිරුචියන් ආකර්ෂණය කරන්නාවූ සෑම දෙයක්ම ඇතුළත් වන අතර එතුළ ආහාර පානල ලිංගිකත්වය සහ ශාරීරික අවශ්‍යයතා සපුරාලන වෙනත් ඕනෑම දෙයක් සදහා අධික ආශාවන් අන්තර්ගතවේ. ඇස්වල තෘෂ්ණාව බොහෝ දුරට භෞතිකවාදය සම්බන්ධ වන අතර අප සතුව නැති බව දකින ඕනෑම දෙයකට ආශා කිරීම සහ අපට අවශ්‍යය දේ ඇති අයට ඊර්ෂ්‍යයා කිරීම අන්තර්ගතවේ. ජීවිතයේ අහංකාරය නිර්වචනය කරනුයේ අපව උඩගුකමින් පුරවනු ලබන මෙන්ම අපව අපගේම ජීවිතයේ සිංහාසනය මත තබන ඕනෑම අභිලාෂයක් ලෙසය.
ඇදහිලිවන්තයන් මේ ලෝකයේ ආකාරයට සමාන නොවී සිටින්නේ කෙසේද? "සිත අලූත් කරගැනීමෙන් අන්‍යාකාර සිත් ඇත්තෝ වීමෙනි". අප මූලිකවම අපගේ සිත අලූත් කරගැනීම කරගනු ලබන්නේ දේවවචනයේ ඇති බලය කරණකොටගෙනය. අප විසින් ශුද්ධ ලියවිල්ලට සවන් දිය යුතු වෙමු (රෝම 10:17), කියවිය යුතු වෙමු (එළිදරව් 1:3), අධ්‍යයනය කළ යුතු වෙමු (ක්‍රියා 17:11), කටපාඩම් කළ යුතු වෙමු (ගීතාවලිය 119:9-11) සහ මෙනෙහි කළ යුතු වෙමු (ගීතාවලිය 1:2-3) ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් අපගේ හදවත් තුළට උපස්ථානය කරනු ලබන දේව වචනය වනාහී අපව ලෞකිකත්වයේ සිට සැබෑ අධ්‍යයාත්මය දක්වා අපගේ සිත් අලූත් කළ හැකි මේ පොළොවේ ඇති එකම බලය වේ. සැබවින්ම අපව "......සම්පූර්ණව සියලූ යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස". (2 තිමොති 3:16) අවශ්‍යය වන්නේ මෙපණකි. එහි ප්‍රතිඵලය වනුයේ අපට "...දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගතවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස"වේ. (රෝම 12:2). දෙවියන් වහන්සේගේ කැමැත්ත වනුයේ සෑම ඇදහිලිවන්තයෙකුම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ජීවමාන යාගයක් වීමවේ.
English
ජීවමාන යාගයක් වීම යන්නෙන් අර්ථවත් වනුයේ කුමක්ද?