settings icon
share icon
ප්‍රශ්නය

භාර්යාවක් තුළ මා සොයා බැලිය යුතු කරුණු මොනවාද?

පිළිතුර


පුරුෂයෙකුට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන, දෙවියන් වහන්සේ හා සමග ඇති අධ්‍යාත්මික සබඳතාවයට පරිබාහිරව පැවැත්විය හැකි ඉතා වැදගත්ම පෞද්ගලික සබඳතාවය නම් තම භාර්යාව සමග ඇති සබඳතාවයයි. භාර්යාවක් සෙවීමේ ක්‍රියාවලියේදී අනුත්තරම මූලධර්මය නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි පෞද්ගලික ඇදහිල්ලක් ඇති කාන්තාවක් සොයා බැලීම වේ. අපෝස්තුලු පාවුලු විසින් අප හට කියනු ලබන්නේ නොදැදහිලිකාරයන් සමග අසම ලෙස සම්බන්ධ නොවන ලෙසයි (2 කොරින්ති 6:14). පුරුෂයෙකු සහ කාන්තාවක් විසින් මෙම අතීශයින්ම තීරණාත්මක හේතු කාරණාවට පූර්ණ එකඟතාවයක් පළ කලහොත් මිස, භක්තිවන්ත මෙන්ම සම්පූර්ණවූ විවාහයක් ඇති විය නොහැක.

කෙසේ නමුත් අපගේ සහාය ඇදහිලිවන්තයෙකු හා සමග විවාහයවීම කරණකොටගෙන “සම ලෙස සම්බන්ධවීමේ” පරිසමාප්ත අත්දැකීමක් සහතික කරනු නොලබයි. කාන්තාවක කිතුනුවෙකැයි යන කරුණ, ඇය නිසැක වශයෙන්ම ඔබට අධ්‍යාත්මික වශයෙන් සුදුසු ලෙස ගැලපෙන බව අදහස් නොකෙරේ. ඇයට ඔබ හා සමානම අධ්‍යාත්මික අභිමතාර්ථයන් තිබේද? ඇයට ඒ හා සමාන ආගමික මතවාදයන් තිබේද? ඇයත් ඒ හා සමාන දෙවියන් වහන්සේට ඇති මහත් ලැදිකමකින් පසු වේද? විභව්‍ය භාර්යාවකගේ ගුණාංග තීරණාත්මක ලෙස වැදගත් වේ. පුරුෂයන් බොහෝමයක්ම විවාහ කරගනු ලබන්නේ ශාරීරික මෙන්ම භෞතික ආකර්ශණ හේතු පමණක් නිසාවෙන් සහ එයම අසාමාර්ථයට සංයෝග ක්‍රමයක් වේ.

පුරුෂයෙකු භාර්යාවක් තුළ සොයා බැලිය හැකි අධ්‍යාත්මික ගුණාංග මොනවාද? අධ්‍යාත්මික කාන්තාවකගේ ප්‍රතිරූපයක් ගොඩ නගා ගැනීමට භාවිතා කළ හැකි මූලධර්මයන් කිහිපයක් අපට ශුද්ධ ලියවිල්ලෙන් සපයා දෙනු ලබයි. ඇය ප්‍රථමයෙන්ම ස්වාමින් වහන්සේ සමග ඇති තම අධ්‍යාත්මික සම්බන්ධතාවයට යටත් විය යුතුවේ. අපෝස්තුලූ පාවුලු භාර්යාවන්ට කියනු ලබන්නේ, ඇය ස්වාමින් වහන්සේට මෙන්ම තම ස්වාමිපැරුෂයාටද යටත් විය යුතු බවයි (එපීස 5:22-24). කාන්තාවක් ස්වාමින් වහන්සේට යටහත් නොවන්නේ නම් ඇයගේ ස්වාමිපුරුෂයාට අවනත වීම ඇයගේම අධ්‍යාත්මික ශුභ සාධනය උදෙසා අවශ්‍ය වන්නක් ලෙස නොදැකීමට හැකියාවක් ඇත. අප ප්‍රථමකොටම, දෙවියන් වහන්සේට අපව එතුමන්ගෙන් පිරවීමට ඉඩ හරින්නේ නොමැතිව අපට අන්‍යයන්ගේ අපේක්ෂාවන් සපුරාදීමට නොහැකිවේ. දෙවියන් වහන්සේව තම ජීවිතයේ කේන්ද්‍රකොටගත් කාන්තාවක් භාර්යාවක්වීමට සුදුසු අපේක්ෂිකාවක් වේ.

පාවුලු සභා නායකයන්ට දෙනි ලබන උපදෙස් මාලාවේ කාන්තාවන්ටද ඔවුන්ගේ චරිතයන් හී ගති ලක්ෂණ සඳහන් කරනු ලබයි. එසේම ස්ත්‍රීවරුන් සන්සුන්වූ, කේළම් නොකියන්නාවූ පමණ දැන හැසිරෙන්නාවූ, සියල්ලේදී විශ්වාසවූ අයව සිටින්නට ඕනෑය (1 තිමෝති 3:11). වෙනත් වචන වලින් කිවහොත් මෙවැනි කාන්තාවක් පමණ ඉක්මවා උඬඟු නොවූ, කථා කිරීමට සහ නිශ්ශබ්දව සිටීමට යුතු කාලය දන්නාවූ, ඇයගේ ස්වාමි පුරුෂයාට සමීපව නිසැකව ඇයගේ ස්ථානය රැක ගැනීමට හැකියාවක් ඇති කෙනෙකවේ. එම කාන්තාව වනාහී ස්වාමින් වහන්සේ හා සමග ඇති සම්බන්ධතාවයටත් ආත්මික වර්ධනයටත් තම මූලික අවධානය ලබා දෙන කෙනෙකි.

විවාහයකදී ස්වාමිපුරුෂයාට ඇති වගකීම විශාලතර වන්නේ, දෙවියන් වහන්සේ ඔහුව තම භාර්යාවගේ සහ පවුලේ මූලිකයා ලෙස නියම කොට පත් කර ඇති හෙයිනි. මෙම මූලිකත්වයෙන් අනුරූප වන්නේ ක්‍රිස්තුස් වහන්සේ හා සභාව අතර ඇති සම්බන්ධතාවයයි (එපීස 5:25:33). එය ප්‍රේමය පදනමුවූ සම්බන්ධතාවයකි. ක්‍රිස්තුස් වහන්සේ සභාවට ප්‍රේම කොට ඔවුන් උදෙසා එතුමන්ම පූජාවක් වූවා සේම, ස්වාමිපුරුෂයාද තමාගේම ශරීරයට මෙන් තම භාර්යාවටද ප්‍රේම කළ යුතුවේ. එසේ හෙයින් පුරුෂයෙකුට ස්වාමින් වහන්සේ හා සමග ඇති පෞද්ගලික සහ අධ්‍යාත්මික සබඳතාවය, ඔහුගේ විවාහය මෙන්ම පවුලේ සාර්ථකත්වයට උත්තරීත ලෙස වැදගත් වේ. දෙවියන් වහන්සේට ගෞරවය කරන පරිණතභාවයට පත්වෙමින් සිටින්නාවූ පුරුෂයෙකුගේ සංකේතයන් නම්, ඔහුගේ විවාහයේ අභිවෘද්ධිය තකා සිය කැමැත්තෙන්ම කරන්නාවූ පරිත්‍යාගය සහ සේවකයෙකු ලෙස ක්‍රියා කිරීමට තෝරා ගැනීමට ඇති ශක්තියයි. බයිබලයේ සඳහන් වන ගුණාංග පදනම් කරගෙන භාර්යාවක් බුද්ධිමත් ලෙස තෝරාගැනීම වැදගත් වන අතර, පුරුෂයෙකු තමාගේ අධ්‍යාත්මික වර්ධනය පවත්වා ගෙන යෑම සහ තමාගේ ජීවිතයෙන් දෙවියන් වහන්සේගේ කැමැත්තට යටහත්වීම ඒ හා සමානව වැදගත් වේ. දෙවියන් වහන්සේට අවශ්‍ය අකාරයට පවතින්නට වෙර දරන පුරුෂයාට දෙවියන් වහන්සේ අභිප්‍රාය කරන ආකාරයේ කාන්තාවක් වීමට තම භාර්යාවට තම භාර්යාවට උපකාර කිරීමට හැකි වන අතම තමාගේ විවාහය දෙවියන් වහන්සේත් ඔහුත් ඔහුගේ භාර්යාවත් අභිප්‍රාය කරන ආකාරයේ එක්සත්කමක් තුළින් ගොඩ නැගීමට පිළිවන් වනු ඇත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

භාර්යාවක් තුළ මා සොයා බැලිය යුතු කරුණු මොනවාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries