settings icon
share icon
ප්‍රශ්නය

ශුද්ධාත්මයාණන්වහන්සේගේ ප්‍රකාශවිම සහ දෙවියන් වහන්සේගේ සර්වබලධාරිත්වය අතර වෙනස කුමක්ද?

පිළිතුර


දෙවියන්වහන්සේගේ සර්වබලධාරිත්වය යනු සෑම තැනකම එකවර සිටීම උන්වහන්සේගේ ගුණාංගයයි. උන්වහන්සේගේ පැමිණ සිටීම අප අත් විඳ නැති විට පවා උන්වහන්සේ සර්වබලධාරි. අප උන්වහන්සේව හඳුනා නොගත්තද උන්වහන්සේ අප මධ්‍යයේ සිටී. දෙවියන්වහන්සේගේ පැමිණසිටීම සැබවින්ම, උන්වහන්සේගේ පැමිණීම පැහැදිලිව දැනේ — උන්වහන්සේ අප සමඟ සිටින බව පැහැදිලි සහ ඒත්තු ගැන්වෙන කරුණකි.

දෙවියන්වහන්සේගේ සර්වබලධාරිත්වය ත්‍රිත්වයේ සෑම පුද්ගලයෙකුටම අදාළවේ: පියාණන්වහන්සේ (යෙසායා 66:1), පුත්‍රයාණන්වහන්සේ (යොහන් 1:48) සහ ශුද්ධාත්මයාණන්වහන්සේ (ගීතාවලිය 139:7–8). දෙවියන්වහන්සේ සර්වබලධාරීවීම අපගේ පැත්තෙන් විශේෂ අත්දැකීමක් ලැබීමට හෝ නොවීමට ඉඩ ඇත. කෙසේ වෙතත්, දෙවියන්වහන්සේගේ පැහැදිලිව වැඩසිටීම උන්වහන්සේ අප සමග විවෘතව හා නිසැකවම කටයුතු කිරීමේ ප්‍රතිපලයකි. අපි දෙවියන්වහන්සේ අත්විඳින්නේ එවිටය.

ත්‍රිත්වයේ සෑම පුද්ගලයෙකුම ඇතැම් පුද්ගලයන්ගේ ජීවිත තුළ පැහැදිලිවම පෙනී සිටින බව බයිබලය වාර්තා කරයි. නික්මයාම 3 හි දැවෙන පඳුරෙහි පියාණන් වන දෙවියන්වහන්සේ මෝසෙස්ට කතා කළේය. දෙවියන් වහන්සේ මෝසෙස් සමඟ සිට අතර, පසුව හොරෙබ් කන්ද අසල "පාළු කරයේ එක් පැත්තක" සිටියහ. හොරෙබ් කන්ද (නික්මයාම 3:1), දෙවියන් වහන්සේ තමන්ව ප්‍රකාශ කිරීමට තෝරා ගත්තේය. යොහන් 1:14 හි පවසන පරිදි, "වචනය මාංශයක්වී උන්වහන්සේගේ වාසස්ථානය අප අතරට ගෙන ආයේය." පෙන්තකොස්ත දිනයේදී ශුද්ධාත්මයාණන් උඩුමහලේ සිටි ඇදහිලිවන්තයන්ට ප්‍රකාශ විය. හදිසියේම දරුණු සුළඟක් හමා එන්නාක්මෙන් අහසින් පැමිණ ඔවුන් වාඩිවීසිටි මුළු නිවසම පුරවා ගත්තේය. ගින්නෙන් දිවෙන භාෂාවක් ලෙස පෙනෙනදේ ඔවුන් දුටුවේය. ඔවුන් සියල්ලෝම ශුද්ධාත්මයාණන්ගෙන් පිරී, ආත්මයාණන්වහන්සේ ඔවුන්ට උපකාර කළ පරිදි වෙනත් භාෂාවලින් කථා කිරීමට පටන් ගත්හ" (ක්‍රියා 2:2-4). ගෝලයන්ගේ ජීවිත තුළ දෙවියන්වහන්සේගේ පැහැදිලිව පෙනී සිටීමේ ප්‍රතිපලයක් ලෙස ලෝකයත් උඩුයටි කුරුවිය (ක්‍රියා 17:6 බලන්න).

දේව ධර්මාත්මකව, දෙවියන්වහන්සේ සර්වබලධාරී බව අපට වැටහී ඇත, නමුත් එම කාරණය පංචේන්ද්‍රියන් සමඟ පහසුවෙන් වටහා ගත නොහැක. එය යථාර්ථයකි, නමුත් එම යථාර්ථය පෘථිවියේ සිටින බහුතරයකට උන් වහන්සේගේ පැමිණීම පිළිබඳ අත්දැකීමක් නැති අයට අදාළ නොවන බව පෙනේ. ඔවුන්ට දැනෙන්නේ උන්වහන්සේ දුරස්ථව සිටින බවත්, සමීප නොවන බවත්, එම අත්දැකීම ඔවුන්ගේ යථාර්ථය බවට පත්වන බවත්ය.

දෙවියන්වහන්සේගේ ප්‍රකාශිත පැමිණීම අත්දැකීම් සහිත බව අපි දනිමු. ආත්මයේ පැහැදිලිව පෙනී සිටීම දෘශ්‍යමාන හෝ ශාරීරිකව සංවේදී වීමට නොහැකි විය හැක, නමුත් උන්වහන්සේගේ පැමිණීම කෙසේ වෙතත් අත් දැක ඇත. උන්වහන්සේ තෝරා ගන්නා වේලාවේදී, ආත්මයාණන්වහන්සේ උන්වහන්සේගේ පැමිණ සිටීම විදහා දක්වන අතර අපගේ දේවධර්මීය දැනුම අත්දැකීම් සහිත දැනුමක් බවට පත්වේ. විශ්වාසවන්ත දැන හඳුනාගැනීම ආදරණීය හුරු පුරුදු කමක් බවට පත්වේ.

71 වන ගීතිකාවේ දාවිත් තම ප්‍රේමණීය, දයානුකම්පිත හා ධර්මිෂ්ධ දෙවියන් වහන්සේට යාච්ඤා කරයි. දෙවියන්වහන්සේ තමා සමඟ සිටින බව දාවිත් තේරුම් ගනී, ඔහු යාච්ඤා කිරීමට හේතුව එයයි. යාච්ඤාවේ අවසානයට ආසන්නව දාවිත් මෙසේ පවසයි. "ඔබ මට කරදර, බොහෝ හා කටුක පෙනුමක් ලබා දුන්නද, ඔබ මාගේ ජීවිතය නැවත ලබා දෙනු ඇත. පොළොවේ ගැඹුරේ සිට ඔබ නැවත මා ගෙන එනු ඇත. ඔබ මාගේ ගෞරවය වැඩිකර නැව තවරක් මාව සනසනු ඇත"(20-21 පද). දෙවියන් වහන්සේගේ පැමිණීම දාවිත්ගේ ජීවිතයේ යම් කාලයක් සඳහා සඟවා තබා තිබූ අතර එය "කරදර, බොහෝ හා කටුක" කාලයකි; නමුත් දාවිත් විශ්වාස කළේ දෙවියන්වහන්සේගේ පැමිණ සිටීම නැව තවරක් දැන ගැනීමටයි. එය ගෞරවය සහ සැනසීම ගෙන දෙන කාලයකි.

දෙවියන්වහන්සේ කිසිවිටෙකත් ෂද්‍රක්, මේෂක් සහ අබෙද්නෙගෝව අත් හැරියේ නැත. කෙසේ වෙතත්, දැනට පවතින එකම බලවත් තැනැත්තා නෙබුකද් නෙශර් රජු බව ටික කලකට පෙනී ගියේය. හෙබ්‍රෙව් මිනිසුන් තිදෙනා කෙරෙහි ඔහු මිනීමරු ලෙස කෝපවිය. දෙවියන්වහන්සේගේ සර්වබලධාරිත්වය නොදැන සිටි රජතුමා, තිදෙනා දැවෙන, ගිනි උදුනට විසි කළේය. දෙවියන්වහන්සේ තම පැමිණ සිටීම ප්‍රකාශ කළ අවස්ථාවේදී ය: "නෙබුකද් නෙශර් රජ පුදුමයට පත්වී ඔහුගේ දෙපා වෙතට පැන්නේය. බලන්න! මිනිසුන් හතරදෙනෙක් ගින්නෙහි ඇවිදිමින්, නිරුපද්‍රිතව සිටින බව මට පෙනේ. සිව්වැන්නා දේව පුත්‍රයෙක්සේ පෙනේ." (දානියෙල් 3:24-25). දෙවියන්වහන්සේගේ පැමිණීමේ යථාර්ථය මිථ්‍යා දෘෂ්ටික රජුට පවා වටහා ගත හැකිවිය. මෙය දෙවියන්වහන්සේගේ පැහැදිලිව පෙනී සිටීමයි.

යථාර්ථයේදී අපට දෙවියන්වහන්සේගේ පැමිණ සිටීම කිසිවිටෙකත් නැති කර ගත නොහැක, නමුත් අපට උන්වහන්සේගේ පැමිණීමේ හැඟීම නැති කර ගත හැකිය. දෙවියන්වහන්සේ අප සමඟ නොසිටින කාලයක් කිසිවිටෙකත් නැත, නමුත් දෙවියන්වහන්සේ අප සමග පැහැදිලිවම නොසිටින අවස්ථා තිබේ. සමහරවිට උන්වහන්සේගේ පැමිණීම මිනිස් ඇසට හෝ මිනිස් ආත්මයට පැහැදිලි හෝ පැහැදිලි නැත. අපව පෙනෙන්නේ "ඇදහිල්ලෙන් මිස පෙනීමෙන් නොවේ" (2 කොරින්ති 5:7). අපගේ දැනුවත් භාවය නොමැතිව දෙවියන්වහන්සේගේ සර්වබලධාරිත්වය පැවතිය හැකිය; දෙවියන්වහන්සේගේ පැහැදිලි පැමිණීමට නොහැකිය. දෙවියන්වහන්සේගේ පැමිණ සිටීම පිළිබඳ සමස්ත කරුණ නම් උන්වහන්සේ පිළිබඳ අපගේ දැනුවත් භාවය අවදි කිරීමයි.

ඇදහිලිවන්තයන් සෑමවිටම ඔවුන් සමඟ ශුද්ධාත්මයාණන්වහන්සේ ඇත. ආත්මයාණන්වහන්සේගේ වාසස්ථානය බයිබලය උගන්වයි: "ඔබේ ශරීර ඔබ තුළ සිටින ශුද්ධාත්මයාණන්ගේ මන්දිර බව ඔබ දන්නේ නැද්ද?" (1 කොරින්ති 6:19). ආත්මයාණන්වහන්සේ අපෙන් උදුරා ගන්නේ නැත. යේසුස් වහන්සේ නැවත පැමිණෙන තෙක් උන්වහන්සේ අපගේ සැනසිලිකාරයාණන්, අපගේ සහායකයා සහ අපගේ මඟ පෙන්වන්නා (යොහන් 14:16). ඒ අවස්ථාවේදී යේසුස්වහන්සේ අප සමඟ සිටිනු ඇත.

නමුත් ආත්මයාණන් තුල සිටිම ආත්මයාණන්ගේ ප්‍රකාශිත පැවැත්මට සමාන නොවේ. සෑම ඇදහිලිවන්තයෙකුම තමාට ගැලවීමක් දැනෙන්නේ නැති අවස්ථා හෝ ඔහු තුළ ආත්මයාණන් සිටින බව නොදැන ඔහුගේ ක්‍රියා කාරකම් හරහා යන දින හරහා ගමන් කරයි. නමුත් සමහරවිට එම ආත්මයාණන්වහන්සේ ඇදහිලිවන්තයා වෙත විශේෂ, පැහැදිලි ආකාරයකින් පැමිණේ. එය ආත්මයට මතකයට නංවන ගීතයක් විය හැකිය; එය මිතුරෙකු සමඟ අහම්බෙන් හමුවීමක් විය හැකිය; එය යාච්ඤාවට පෙලඹීමක්, වචනය අධ්‍යයනය කිරීමට ඇති ආශාව හෝ සාමය පිළිබඳ කාර්යක්ෂම හැඟීමක් විය හැකිය. ආත්මයාණන්වහන්සේ තමන්ව එළිදරව් කරන ආකාරය අනුව සීමා නොවේ. කාරණය නම් උන්වහන්සේව දැන ගැනිමයි. උන්වහන්සේ අපේ සැනසිලිකාරයාය. "උන්වහන්සේ තුළින් අපි අබ්බා, පියාණෙනි යැයි ඇමතිමට හැක. අපි දෙවියන්වහන්සේගේ දරුවන් බව ආත්මයාණන් වහන්සේම අපගේ ආත්මයන් සමඟ සාක්ෂි දරයි" (රෝම 8:15-16).

දෙවියන්වහන්සේ අප සමඟ සිටින බව අපට දැනෙන්නේ නැතත්, අපි සර්වබලධාරිත්වය කෙරෙහි විශ්වාසය තැබිය යුතුද? නියතවශයෙන්ම. බොරුකීමට නොහැකි දෙවියන්වහන්සේ පවසන්නේ උන්වහන්සේ කිසිවිටෙකත් අපව අත් නොහරින බවයි. (හෙබ්‍රෙව් 13:5). අපිත් දෙවියන් වහන්සේගේ ප්‍රකාශය සෙවිය යුතුද? නියතවශයෙන්ම. අප හැඟීම් මත රඳාසිටීම හෝ ලකුණක් සෙවීම නොවේ, නමුත් සැනසිලිකාරයාණන් තමාගේම සැනසීම අපේක්ෂා කරයි — තවද අපට ඔහුගේ සැනසීම අවශ්‍ය බව අපි සතුටින් පිළි ගනිමු.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ශුද්ධාත්මයාණන්වහන්සේගේ ප්‍රකාශවිම සහ දෙවියන් වහන්සේගේ සර්වබලධාරිත්වය අතර වෙනස කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries