settings icon
share icon
ප්‍රශ්නය

කිතුනුවෙකුට නොඇදහිලිවන්තයකු සමග විවාහවීම හෝ යෝජනා කිරීම නිවැරදිද?

පිළිතුර


කිතුනුවකුට, නොඇදහිලිවන්තයකු යෝජනා කිරීම අඥානයි, එමෙන්ම එවැනි කෙනෙකු විවාහවීම විකල්පයක් නොවේ. 2 කොරින්ති 6:14 අපට පවසනවා, “අසම ලෙස සම්බන්ධ” නොවීමට නොඇදහිලිවන්තයන් සමග. එහි ප්‍රතිරුව හරියට නොගැලපෙන (ප්‍රතිවිරුද්ධ) ගවයන් දෙදෙනෙක් එකම වියගහ අදිනවා හා සමානය. එකම බර එකතුව අදිනවා වෙනුවට දෙදෙනා දෙපැත්තට අදීවී (විරුද්ධ දිශාවට). මේ කොටස තුළ විවාහය සඳහන් නොවුනත් ඒ තුළ විවාහයත් අනිවාර්‍යයෙන්ම අදාල වනවා. බයිබලයේ පැහැදිලිව පවසනවා ක්‍රිස්තුස් වහන්සේටයි බෙලියෙල්ටයි (සාතන්) අතර කිසිම සම්බන්ධයක් නැති බවට. කිසිම විටක කිතුනුවකු හා කිතුනු නොවන කෙ‍ෙනකු අතර විවාහය තුළ ආත්මික සමාදානය නොපවතියි. පාවුල්තුමා ඇදහිලිවන්තයන්ට මතක් කර දෙනවා ඔවුන් ශුද්ධාත්මයාණන් වහන්සේගේ වාසස්ථානය බවට. ගැලවීමේදී ඔවුන් ඔවුන්ගේ හදවත ඉඩ හරි (2 කොරින්ති 6:15-17). එම නිසා ඔවුන් ලෝකයෙන් වෙන්වූ අයවේ-ඔවුන් ලෝකයේ සිටියත්-ලෝකයෙන් නොවේ, හා දැන් ජීවිතයේ ඉතාම වැදගත්ම සංදිස්ථානය වන විවාහ සම්බන්ධය.

බයිබලයේ පවසනවා, “මුලා නොවන්න” “වැරදි ආශ්‍රය යහපත් චරිත විනාශ කරයි” (1 කොරින්ති 15:33). නොඇදහිලිවන්තයකු සමග පමණට වඩා සම්බන්ධතාවය (කුලුපග) ඔබට ඔබගේ කිතුනු ජීවිතයට බාධාවක් බවට පත්වේ. අපව කැඳවා ඇත්තේ නැතිවූ අයව ගැලවීමට මිස ඔවුන්ගෙන් කෙනෙකු වීමට නොවේ. නොඇදහිලිවතුන් සමග සම්බන්ධතා පැවැත්වීම වැරදි නැත, එයට සීමාවක් තිබිය යුතුය. ඔබ නොඇදහිලිවකුට යෝජිත නම් ඔබ අවංකව මුල් තැන දෙන්නේ කුමකටද? ප්‍රේම බන්ධනයටද, ක්‍රිස්තුස් වහනසේ වෙතට මිනිසා දිනා ගැනීමද? ඔබ නොඇදහිලිවන්තයෙකුට විවාහ වී ඇත්නම්, ඔබ දෙදෙනා ආත්මික සබධතාවය ඔබගේ විවාහයේදී ගොඩ නගා ගන්නේ කෙසේද? විශ්වයේ ඉතා වැදගත්ම සංදිස්ථානය වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව ඔබලා එකඟත්වයකට පැමිණෙන්නේ නැති නම් යහපත් විවාහයක් පවත්වාගෙන යන්නේ කෙසේද?

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුනුවෙකුට නොඇදහිලිවන්තයකු සමග විවාහවීම හෝ යෝජනා කිරීම නිවැරදිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries