settings icon
share icon
ප්‍රශ්නය

ඒක දේවවාදය සනාථ කර දැක්විය හැකිද?

පිළිතුර


ඒක දේවවාදය යන වචනය, වචන දෙකකින් සමන්විත වේ. “ඒක” නම් “තනි” යන්නයි, වාදය නම් “දෙවියන් කෙරෙහි විශ්වාසය.” ඒක දේවවාදය නම් එකම සත්‍ය දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමයි, එනම් එකම මැවුම්කරුවාණෝ, පෝෂණය කරන්නා (උසුලන්නා) හා සියලු මැවිල්ලේ විනිශ්චයකරුවාණෝ. ඒක දේවවාදය “සමේශ්වරවාදයට” වෙනස්ව පවතී, එහි බොහෝ දෙවිවරුන් කෙරෙහි විශ්වාස කරන අතර එක් ප්‍රධාන දෙවි කෙනෙක්ද සිටියි. එය බහුදේවවාදයටද විරුද්ධවේ. එහි විශ්වාසය නම් එක් දෙවි කෙනෙක්ට වඩා දෙවිවරුන්ගේ පැවැත්මක් ඇති බවයි.

ඒක දේවවාදය තර්ක ඉදිරිපත් වේ. ඒවා විශේෂිත එළිදරව් වලින් සමන්විත වේ (ලියවිලි), ස්වභාවික එළිදරව්ව (දර්ශනවාදය) එසේම ඓතිහාසික මානව විද්‍යාවේ. මේවා ගැන පහතදී පැහැදිලි කරනු ලබයි, එසේම මෙය කිසිම විටක බල රහිත ලැයිස්තුවක් ලෙස ගණන් නොගත යුතුය.

ඒක දේවවාදයට බයිබලානුකුල තර්ක-ද්විතිය කථාව 4:35 “එසේ නුඹට පෙන්වන ලද්දේ ස්වාමින් වහන්සේම දෙවියන් වහන්සේ බවත් උන් වහන්සේ මිස වෙන දෙවි කෙනෙක් නැති බවත් නුඹ දැන ගන්න පිණිසය.” ද්විතිය කථාව 6:4 “එම්බා, ඉශ්‍රායෙල්, අසාපන්න. අපේ දෙවිවූ ස්වාමින් වහන්සේ එකම ස්වාමින් වහන්සේය.” මලාකි 2:10 “අප සියල්ලන්ට ඇත්තේ එක පියා නොවේද? අප මැව්වේ එක දෙවියන් වහන්සේ නොවේද?” 1 කොරින්ති 8:6 “අපට ඇත්තේ එක දෙවිකෙනෙක් වන පියාණන් වහන්සේය. සියල්ල පැමිණ තිබෙන්නේ උන් වහන්සේගෙන්ය, අපිත් උන් වහන්සේ උඳෙසාය. තවද අපට ඇත්තේ එක ස්වාමින් වහන්සේය. එනම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේය. සියල්ල උන් වහන්සේ කරණකොට‍ෙගනය, අපිත් උන් වහන්සේ කරණකොටගෙනය.” එපීස 4:6 “සියල්ලන් කෙරෙහිද සියල්ලන් කරණකොටගෙනද සියල්ලන් තුළද පවතින්නාවූ, සියල්ලන්ට එකම පියවූ දෙවියන් වහන්සේය.” 1 තිමෝති 2:5 “මක්නිසාද ඇත්තේ එක දෙවිනෛක් සහ දෙවියන් වහන්සේටත් මනුෂ්‍යයන්ටත් අතරේ එක මැදහත්කාර කෙනෙකුත්ය.” යාකොබ් 2:19 “ඇත්තේ එකම දෙවියන් වහන්සේ බව නුඹ විශ්වාස කරන්නෙහිය, නුඹ කරන එක හොඳය. යක්‍ෂයොත් විශ්වාස කර වෙවුලති.”

සැබවින්ම, බොහෝ මිනිසුන්ට බයිබලය තුළ ඇත්තේ එකම දෙවි කෙනෙකු බව පැවසුවත් එය ඔවුන්ට විශ්වාස කිරීමට නොසෑහේ. මෙයට හේතුව බයිබලය උන් වහන්සේගේ වචනය බවට සනාථ කිරීමට දෙවියන් වහන්සේ හැරෙන්න වෙන මාර්ගයක් නැත. කෙසේ වෙතත්, කෙනෙකු පවසයි බයිබලය තමා පවසන දෙය සනාථ කිරීම අවශ්‍ය සියලු සාධක ඉදිරිපත් කරන බවට. ඒක දේවවාදය මෙය මත පදනම් වේ. ඊට සමාන තර්කයක් නම් යේසුස් වහන්සේ කෙරෙහි ඉගැන්වීම් හා විශ්වාසයන්, උන් වහන්සේ තමා දෙවියන් වහන්සේ ලෙසට ඔප්පු කළ තැනැත්තා (හෝ දෙවියන් වහන්සේ විසින් සනාථ කළ) උන් වහන්සේගේ ආශ්චර්යමත් උපත තුළින්, ජීවිතය. හා උන් වහන්සේගේ උත්ථානයේ හාස්කම තුළින් දෙවියන් වහන්සේට බොරුකීමට හෝ රැවටීමට නොහැක. එමනිසා යේසුස් වහන්සේ විශ්වාස කළ දෙය හා ඉගැන්වූ දෙය සත්‍යයයි. එමනිසා ඒක දේවවාදය වන යේසුස් වහන්සේ විශ්වාස කළ හා ඉගැන්වූ දෙය සත්‍යයයි. ක්‍රිස්තුස් වහන්සේ හා ලියවිල්ලේ ඇති ආශ්චර්යමත් සනාථ කිරීම් ගැන පැහැදිලි අවබෝධයක් නැති අයට මෙම තර්කය වැඩි බලපෑමක් ඇති නොකරයි. නමුත් එම ඉගැන්වීම දන්නා කෙනෙකු සමග නම් මෙය ආරම්භ කිරීමට හොඳම ස්ථානයකි.

ඒක දේවවාදයට ඓතිහාසික තර්ක-තර්කයක් රඳාපවතින්නේ ජනසමූහයාගේ ඉදිරිපත්වීමේ තත්වය උඩය. නමුත් ඒක දේවවාදය අනෙක් ආගම් වලට ඇති කර ඇති බලපෑම ගැන සසඳා බැලීම වැදගත්. ප්‍රසිද්ධ පරිනාම විස්තරය ආගමික පැවැත්මට පොදුවේ පරිනාමයේ සත්‍ය පොදුවූ බැලීමකි. අනාවැකි මානව විද්‍යාවේ පරිනාමය “අතිපුරාණය” ආගමික තත්වයන් පැවත ඒම පිළිබඳව පැහැදිලි කරයි. නමුත් මෙම පරිනාම විස්තරය තුළ ඇති ගැටළු බොහෝය. 1) පැවත ඒමේ කිසිවිටක සෝදිසි කර නොමැත, එනම් පැවතීම ඉහලට නොයයි. ඕනෑම සංස්කෘතියක ඒක දේවවාදයට විරුද්ධ පක්‍ෂය තමයි නියත වශයෙන්ම ප්‍රශ්නය. 2) මානව විද්‍යාවේ ක්‍රමය අතිපුරාණය පිළිබඳව විස්තර කිරීමය. එය ශිල්ප ශාස්ත්‍රයට අඩංගු දේ බොහෝ ඉදිරිපත් කර ඇති හෙයින් සෑහීමට පත්වීමට අපහසු වේ. 3) චෝදනා සඳහන් නොකර හෝ මග හැරී ඇත. 4) අවසානයේදී බොහෝ බහු දේවවාදයේ සංස්කෘති පෙන්වනවා. ඒක දේවවාදයේ පා සටහන් ඔවුන්ගේ විශ්වාසය තුළ.

ඒක දේවවාදය තුළ සොයා ගත හැකි දෙය දෙවියන් වහන්සේ පුද්ගලිකයි. බලවත්, ආකාශයේ ජීවත්වන, මහත් දැනුමක් හා බලයක් ඇත. ලෝකය මවන ලදි, අප ගණන් දිය යුතුවන ලෙසට සදාචාරයක් ඇති කළ කතෘ. එසේම අප අකීකරුවී, ඈත්වුන කෙනා සේම අපට නැවත එකතුවීම (පවිත්‍ර වීමට) ඉඩ සැලසූ කෙනා. බහු දේවවාදයට අනුව සෑම ආගමකම මෙම දෙවියන් වහන්සේ පිළිබඳ වෙනත් අදහස් දරණු ඇත. එහි අර්ථය සෑම ආගමක්ම ඒක දේවවාදයෙන් ආරම්භවී බහු දේවවාදයට යොමු වීම. සජීවි අජීවි සෑම දෙයටම ආත්මයක් ඇතැයි පැවසීම ඥානවන්ත දෙයක් නොවේ. (ඉස්ලාම් ධර්මය බොහෝ විටට අඩුවෙන් සිදුවන දෙයක් සම්පූර්ණයෙන් ඒක දේවවාදය තුළට ඒම). මේ තත්වය තුළ පවා බහු දේවවාද ඒක දේවවාදය හෝ සමේශ්වරවාදය තුළ ක්‍රියාත්මක වේ. ඉතා අඩු දෙයක් තමයි බහු දේවවාදින් තම අන් දෙවිවරුන් පාලනය කිරීමට ප්‍රධාන දෙවි කෙනෙකු තබා ගැනීම. ඒ දෙවිවරු මැදහත් කරුවන් ලෙස ක්‍රියා කරයි.

දර්ශනවාදය / දේවධර්මයන් හී තර්ක ඒක දේවවාදය පිළිබඳව දර්ශනවාදය තුළ බොහෝ තර්ක තිබෙන එක දෙවි කෙනෙකුට වඩා සිටිය නොහැකි බවට. මෙහි බොහෝ දේ අභිධර්මය තුළ යථාර්ථයේ ස්වභාවය ගැන සිතා බලයි. අවාසනාවට, මෙම අභිධර්මය පිළිබඳව සටහනක් තුළ තර්ක කිරීම හා ඔවුන් ඒක දේවවාද පිළිබඳව දරණ අදහස තේරුම් කිරීමට අපහසුය. නමුත් ඉතිරිය සනාථ කරනවා ශක්තිමත් දර්ශනවාදය හා දේවධර්ම සත්‍යතාවන් සහස්‍රගණන් ආපස්සට ගෙන යන (එමෙන්ම බොහෝ මතයක් පුද්ගලික සාදක) කෙසේ වෙතත් මෙන්න සොයා බැලීම පිණිස තර්ක තුනක්.

1. එක දෙවි කෙනෙකුට වඩා සිටියා නම්, විශ්වය අවුල් සහගත දෙයක් වෙයි. මන්ද මැවුම්කරුවන් හා කතෘවරුන් බොහෝ සිටින නිසා, නමුත් එය අවුල් නොවේ. එමනිසා, ඇත්තේ එක දෙවි කෙනෙකි.

2. දෙවියන් වහන්සේ සම්පූර්ණ පුද්ගලයෙක් නිසා, දෙවන දෙවි කෙනෙකුට ස්ථානයක් නැත. ඔවුනට වෙනස් වන්ට සිදුවනවා. මොනයම් ආකාරයකට සම්පූර්ණත්වයෙන් වෙනස් වනවා යන්න නම් සම්පූර්ණ පුද්ගලයාට වඩා පහත්වීම හා දෙවියන් නොවීම.

3. දෙවියන් වහන්සේගේ පැවැත්ම අනන්ත නිසා, උන් වහන්සේට කොටස් තබා ගත නොහැක. (අනන්තය වෙතට යාමට කොටස් එකතුකර ගත නොහැක). දෙවියන් වහන්සේගේ පැවැත්ම උන් වහන්සේගෙන් කොටසක් නොවුනා නම් (එය සියලුම දේවල් වලට පැවැත්මක් තිබේද නැද්ද යන්නට) එසේ නම් උන් වහන්සේට අනන්තවූ පැවැත්මක් ඇත. එමනිසා අනන්තවූ පුද්ගලයන් දෙදෙනෙකු සිටිය නොහැක. මන්ද කෙනෙක් අනෙකාට වඩා වෙනස් වේ.

සමහර අය තර්ක කිරීමට කැමති වෙයි මේවායින් බොහෝමයක් “දෙවිවරුන්” ගැන කටයුතු කිරීමක් ලෙස, අප මෙය බයිබලයට අනුව වැරදි බව අප දන්නවා වූවත් එම විස්තරය ඉදිරිපත් කිරීම වැරදි නැත. අනෙක් වචන වලින් දෙවියන් වහන්සේට තවත් දෙවිවරු කොඨටාශයක් මෑවීමට හැකි අතර නමුත් උන් වහන්සේ එසේ කළේ නැත. එසේ කර තිබුනා නම් මේ “දෙවිවරු” සීමා සහිත වේ. මැවූ දේවල්-දේවදූතයන් සේ (ගීතාවලිය 82). මෙය ඒක දේවවාදයට හානි නොකරයි, එහි තවත් ආත්ම තිබිය නොහැකි යයි නොපවසයි, එක දෙවියන් වහන්සේ පමණක් යැයි පවසයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ඒක දේවවාදය සනාථ කර දැක්විය හැකිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries