settings icon
share icon
ප්‍රශ්නය

සවර්ග හා නව පොළොව යනු කුමක්ද?

පිළිතුර


බොහෝ මනුෂ්‍යන් සැබවින්ම ස්වර්ගය කුමන වගේද යන්න වැරදියට වටහාගෙන ඇත. එළිදරව් 21-22 පරිච්ඡේදයන් හී අපිට නව යෙරුසලම හා නව පොළොව පිළිබඳව පැහැදිලි තොරතුරු අපට ඉදිරිපත් කරයි. අන්තීම කාල සිදුවීම් වලට පසුව දැන් පවතින ස්වර්ග හා පොළොව පහවෙලා අළුත් ස්වර්ග හා පොළොව පැමිණේ. එය නම් ඇදහිලිවන්තයන් සදාකාලය ගත කරන්ට යන ස්ථානය නම් නව පොළොව. නව පොළොව නම් “ස්වර්ගය” එහි තමයි අපි සදාකාලිකව වසන්නේ. නව යෙරුසලම නම් නව පොළොවයි, ස්වර්ගීය (දිව්‍යමය) නගරය, නැවත පිහිටුවයි. නව පොළොවේ දොරටු පලිඟු වලින් හා මාර්ග රත්‍රන් වලින් සාදා ඇත.

ස්වර්ගය-නව පොළොව-නම් අපි මහිමාන්විත ශරීරයක් ඇතිව සාදකාලික වාසය කරන ස්ථානයයි (1 කොරින්ති 15:35-58). ස්වර්ගය “වලාකුළු තුළ” තිබෙන බවට අදහස් ඇත. එය බයිබලානුකුල නොවේ. අදහස් වන දෙයක් නම් අපි “ස්වර්ගය වටා පාවෙන ආත්ම” එයත් බයිබලයට පටහැනියි. ස්වර්ගය නම් ඇදහිලිවන්තයන් අත් විඳින්ට යන නව සම්පූර්ණ ලෝකයකි, එය තුළ අපි වසන්ට යන්නේය. නව පොළොව නපුර, රෝග, දුක්විඳීම හා මරණය යන පාපයෙන් නිදහස්ය. එය අපි දැන් ජීවත් වන පොළොවට සමානය. නැති නම් අපගේ වර්ථමාන පොළොව නැවත මවා ඇති බවය, නමුත් පාපයේ ශාපය නොමැතිව.

නව ස්වර්ග පිළිබඳව මොනවාද? මතක තබා ගත යුතු වැදගත් දෙය නම් පුරාණයන්ගේ මනසේ “ස්වර්ග” අහස හා ගුවන පිළිබඳව කථා කිරීමයි. එමෙන් දෙවියන් වහන්සේ වැඩ සිටින රාජධානිය ලෙසද වේ. එමනිසා එළිදරව් 21:1 හී නව ස්වර්ගය ආමන්ත්‍රණය කරන විට ඉන් අදහස් වන්නේ මුළු විශ්වයම අළුත් පොළොවක් මවයි, නව අහස, නව අභ්‍යවකාශය ඉන් අදහස් වන්නේ දෙවියන් වහන්සේගේ ස්වර්ගය නැවත මවන බවටයි. විශ්වයේ ඇති සියල්ලට “අළුත් (නැවුම්) ආරම්භයක්” දීම ශාරීරික හෝ ආත්මික හෝ වේවා. අපිට සදාකාල ස්වර්ගයට බලපත්‍ර ලැබේද? සමහරවිට, නමුත් එය දැන ගැනීමට අපිට ටිකක් ඉවසන්නට වේ. ස්වර්ගය පිළිබඳව තේරුම් ගැනීමට දේව වචනය අපිට ඉගැන්වීමට අප ඉඩදීමට අවශ්‍යය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

සවර්ග හා නව පොළොව යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries