settings icon
share icon
ප්‍රශ්නය

දෙමව්පියන්ගේ පාපය හේතුකොටගෙන දරුවන්ට දඬුවම් කරනු ලැබේද?

පිළිතුර


දෙමව්පියන් විසින් සිදු කරනු ලබන පාපයන් වලට දරුවන්ට දඬුවම් කරණු නොලබති. නොඑසේම දරුවන්ගේ පාපයන් හේතුකොටගෙන දෙමව්පියන්ටද දඬුවම් කරණු නොලබති. අප එකිනෙකාගේ පාපයන් වලට අපම වගකිව යුත්තන් වෙමු. එසකියෙල් 18:20 අපට කියන පරිදි “පව් කරන ප්‍රාණයම නසිනවා ඇත. පුත්‍රයා පියාගේ අයුතුකම නොදරන්නේය, පියාද පුත්‍රයාගේ අයුතුකම නොදරන්නේය.” එම පදයෙන් පැහැදිලිව පෙන්වා දෙන්නේ කෙ‍ෙනකුගේ දඬුවම එම පුද්ගලයා විසින්ම දරා ගත යුතු බවය.

පාපයන් වලට පරම්පරාවන් අතර දඬුවම් තිබේය යන්න බයිබලයේ උගන්වන බව විශ්වාස කිරීමට සමහරුන්ව යොමු කරන බයිබල් පදයක් ඇති නමුත් එම අර්ථ කථනය සතෘ නොවේ. මෙම ප්‍රශ්නාර්ථය සහිත බයිබල් පදය නම් නික්මයාම 20:5 යි, එහි රූප හා සම්බන්ධව ප්‍රකාශ කෙරේ. “ඊට නමස්කාර නොකරව, සේවය නොකරව, මක්නිසාද තාගේ දෙවිවූ ස්වාමින් වහන්සේ වන මම අන්ය (ස්වකීය ගෞරවය රක්ෂා කරන්නාවූ) භක්තිය නොවඉවසන්නාවූ, මට වෛරවෙන්නන්ගේ තුන්වෙනි සතරවෙනි පරම්පරාව කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙන්නාවූ.” මෙම පදයෙහි බොහෝ කොටම කථා කරනු ලබන්නේ දඬුවම් පිළිබඳව නොව ප්‍රතිවිපාක ගැනය. මනුෂ්‍යයාගේ පාපයේ ප්‍රතිවිපාක පරම්පරා ගණනකට පසුවත් දැනෙන්නට හැකි බව එය ප්‍රකාශ කරයි. දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් සෙනඟට කියනුයේ, ඔවුන්ගේ දරුවන්ට, ඔවුන්ගේ දෙමව්පියන්ගේ පරම්පරාව දෙවියන් වහන්සේට අකීකරු සහ වෛර වීමෙන් ඇතිවූ ස්වභාවික ප්‍රතිවිපාකවල බලපෑම හැඟෙන්නට යන බවය. එවන් පරිසරයක ඇති දැඩි වූ දරුවන් ඊට අනුරූප රූප නමස්කාරයකට හුරුපුරුදු වන අතර එසේම ස්ථාපිතවූ අකීකරුකමකට ඇද වැටීමක්ද සිදුවේ. අකීකරු පරම්පරාවක අභිප්‍රාය වූයේ බලවත් ලෙස දුෂ්ටකම රෝපණය කිරීම වූ අතර එය විපරිත කිරීමට පරම්පරාවන් කීපයක්ම ගත විය. නික්මයාම 20:5 හි විදහා දක්වන අයුරු දෙවියන් වහන්සේ අපව අපගේ දෙමවිපියන්ගේ පාපයන්ට වගකිව යුත්තන් ලෙස රඳවා නොගන්නා නමුත් සමහර අවස්ථා වලදී අපගේ දෙමව්පියන් විසින් සිදු කළ පාපයන් වලට අපට දුක්විඳීමට සිදුවේ.

එසකියෙල් 18:20 හි විදහා පාන අයුරු අප එකිනෙකා තම තමාගේම පව් වෙනුවෙන් වගකිව යුතු වන අතර අප ඒවාට දඬුවම් විඳිය යුතුය. අපට අප‍ෙග් සාවද්‍යතාවය වෙනත් කෙනෙකු සමග බෙදා ගත නොහැකි මෙන්ම වෙනත් කෙනෙකුව ඒ වෙනුවෙන් වගකිව යුක්තෙක් ලෙස සැළකිය නොහැක. කෙසේ නමුත් මෙම න්‍යායට ව්‍යතිරේකයක් ඇතිවා සේම එය මිනිස් සංහතියටම අදාළවේ. එක් මනුෂ්‍යයෙක් අන්‍යයන්ගේ පාප ඉසුලුවේ සහ එහි දඩය ගෙවනු ලැබුවේ, පව්කරුවන් දෙවියන් වහන්සේගේ ඇස් හමූහයෙහි, මුළුමනින්ම ධර්මිෂ්ඨ සහ පවිත්‍ර වන පිණිසය. අප උන් වහන්සේ තුළ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තාවූ උන් වහන්සේ අප වෙනුවට පාපාය වෙන්ට (දෙවියන් වහන්සේ) සැලැස්සූ සේක (2 කොරින්ති 5:21). යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන් වහන්සේ වෙතට ඇදහිල්ලෙන් එන්නන්ගේ පාපයට නියමවූ දඬුවම් ඉවතලන සේක.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙමව්පියන්ගේ පාපය හේතුකොටගෙන දරුවන්ට දඬුවම් කරනු ලැබේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries