settings icon
share icon
ප්‍රශ්නය

පරිපූර්ණ අඹුව හෝ සැමියා මට ලැබී තිබෙන බවට මා දැන ගන්නේ කෙසේද?

පිළිතුර


ශුද්ධ ලියවිල්ලෙහි කොතැන්හිවත් පරිපූර්ණ (සම්පූර්ණ) අඹුව හෝ සැමියා සොයා ගන්නේ කෙසේද? යන්න ආමන්ත්‍රණය නොකෙරේ. එසේම අප විසින් සොයා ගැනීමය අභිප්‍රාය කරන්නාවූ නිසි විවාහ සහකරුවා කෙබඳුද යන්න නිශ්චය වශයෙන්ම සඳහන් නොකෙරේ. දේව වචනයේ ව්‍යක්ත ලෙස ප්‍රකාශ කරනු ලබන එකම කරුණ නම් අප කිසි සේත්ම නොඇදහිලිබන්තයෙකු හා සමග විවාහ නොවීමට වග බලා ගත යුතු බවයි (2 කොරින්ති 6:14:15). 1 කොරින්ති 7:39 හී මතක් කර දෙනු ලබන්නේ අපට විවාහ වීමට නිදහස ඇති නමුත් අප විවාහ විය යුත්තේ දෙවියන් වහන්සේට පිළිගත මනා අය පමණක්ම බවය-වෙනත් වචන වලින් කිවහොත්, කිතුනුවන්ය. මෙයින් ඔබ්බට අප නිසි පුද්ගලයා හා සමග විවාහ වන බවට දැන ගන්නේ කෙසේද යන්නට දේව වචනය නිශ්චලය.

අප සහකරුවෙකු තුළ සෙවිය යුත්තේ මොනවාද යන්න දෙවියන් වහන්සේ විසින් මන්ත්‍රණය නොකරනු ලබන්නේ මන්ද? මෙතරම් වැදගත් කරුණක් පිළිබඳව නිර්දේශයන් අපට නොමැත්තේ කුමක් හෙයින්ද? සත්‍යය නම් කව්ද යන්න දේව වචනය පැහැදිලි ලෙසම විදහා පාන අතරම අප විසින් නිර්දේශයන්ට අනුව ක්‍රියා කිරීම අවශ්‍ය නොවන්නකි. කිතුනුවන් වැදගත් කරුණු තුලෙහි සමාන රුචි ඇත්තන් බවට කියවේ. එලෙසම කිතුනුවන් දෙදෙනෙකු විවාහය තුළ මෙන්ම ක්‍රිස්තුස් වහන්සේට අවනත වීමට කැපවී සිටිත් නම් ඔවුන් ඒ වනවිටත් සාර්ථකත්වයට තුඩු දෙන අංගෝපාංග හිමි කරගෙන සිටිති. කෙසේ නමුත් අපගේ සමාජය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් යන කිතුනුවන්ගෙන් ග්‍රහණය වී ඇති හෙයින් යාවජීව විවාහ බැඳීමකට කැපවීමට ප්‍රථමයෙන් දැනගැන්ම භාවිතා කිරීම නැණවත්ය. අපේක්ෂිත සහකරුවෙකුගේ ප්‍රමුඛතාවයන් හඳුනා ගැනීමෙන් අනතුරුව ඔහු හෝ ඇය සත්‍ය ලෙස කිතුනු සමාන්මතාවයකට කැපවී සිටින්නේ නම් එවිට නිර්දේශයන හඳුනා ගෙන ඒ අනුව කටයුතු කිරීම වඩාත් පහසු වේ.

ප්‍රථමකොට, අප විවාහ වීමට සූදානම් බවට නිශ්චිත විය යුතුය. අපට වර්ථමාන තත්වය හෝ එක් මොහොතකින් ඔබ්බට සම්ප්‍රේක්ෂණය කොට අපගේ ජීවිතයේ ඉදිරි කාලය එක් පුද්ගලයෙක් හා සම්බන්ධවී කැපවීමෙන් ගත කිරීමට පරිණත භාවයක් තිබිය යුතු වේ. තවද විවාහය තුළ කැපකිරීම් සහ පරාර්ථකාමිත්වයද අන්තර්ගත විය යුතු බවද අප ඒත්තු ගත යුතු වෙමු. විවාහවීමට ප්‍රථමයෙන් යුවලක් ස්වාමිපුරුෂයෙකුගේ සහ භාර්යාවකගේ යුතුකම් සහ භුමිකාවන් අධ්‍යයනය කළ යුක්තකි (එපීස 5:22-31; 1 කොරින්ති 7:1-16; කොලොස්සි 3:18-19; තීතස් 2:1-5; 1 පේත්‍රැස් 3:1-7).

විවාහය පිළිබඳව සාකාච්ඡා කිරීමට පළමුවෙන් යුවලක් තමා එකිනෙකාව ප්‍රමාණවත් කාලයක් හඳුනාගෙන සිටි බවට නිශ්චය කර ගත යුතු වේ. අනෙක් පුද්ගලයා විවිධ අවස්ථාවන්ට ප්‍රතිචාර දක්වන අයුරු, ඔහු තම පවුලේ උදවිය සහ මිතුරන් සමග හැසිරෙන්නේ ‍කෙස්්‍රද, ඇය කාලය ගත කරනු ලබන්නේ කෙබඳු ආකාර පුද්ගලයන් සමගද ආදිය ඔවුන් විසින් බලා සිටිය යුතු වේ. තමා ආශ්‍රය කරනු ලබන්නන් මගින් බොහෝසේ බලපෑම් ඇති විය හැක (1 කොරින්ති 15:33). ඔවුන් විසින් සදාචාරය, මූල්‍ය පාලනය, සාරධර්ම, දරුවන් සභාවට පැමිණීම සහ එහි ආතුලිතතාවය, නෛයිතිකයන් හා සමග සම්බන්ධතාවය සහ රැකියාවන් පිළිබඳව එකඟ විය යුතුය. ඉහතකී ක්ෂේත්‍ර විවාහය තුළ ඇති විය හැකි විභව්‍ය ඝටිටනයන් වන අතරම කල් ඇතිව සැලකිලාමත්ම සමාලෝචනය කළ යුතු වේ.

අවසාන වශයෙන් විවාහය සලකා බලන්නාවූ යුවලක් ප්‍රථමකොට තම පාලකයා වෙතට හෝ වෙනත් පුහුණු කිතුනු උපදේශකයෙකු වෙතට විවාහ පූර්ව අනුශාසනා ලබා ගැනීමට යා යුතු වේ. මෙහිදී ඔවුන් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇදහිල්ලේ අත්තිවාරම මත තම විවාහය ගොඩ නගා ගැනීමට අවශ්‍යයවන උපකාරකයන් හදාරනු ලබති. එලෙසම අනිවාර්‍යය ගැටුම් වලට මුහුණ දීමටද ඔවුන් මේ තුළින් ඉගෙනුම ලබති. මේ සියලු උපමානයන් සම්පූර්ණවූ පසු, ඔවුන් විවාහය තුළින් සම්බන්ධ වන්නට අභිප්‍රාය කරනවාද යන්න යාච්ඤාව තුළින් තීරණය කළ යුතු වේ. අප අප්‍රමාදි ලෙස දෙවියන් වහන්සේගේ අභිමතය සොයන්නෙමු නම් එතුමාණෝ අපට මග පෙන්වන සේක (හිතෝපදේශ 3:5-6).

English



නැවතත් සිංහල මුල් පිටුවට

පරිපූර්ණ අඹුව හෝ සැමියා මට ලැබී තිබෙන බවට මා දැන ගන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries