settings icon
share icon
ප්‍රශ්නය

යාච්ඤාවේ බලය නම් කුමක්ද?

පිළිතුර


යාච්ඤාව තුළ බලය අන්තර්ගතය යන අදහස ඉතා ප්‍රචලිතය. දේව වචනයේ සඳහන් වන ආකාරයට යාච්ඤාවේ බලය කුමක්ද යන්න ඉතා සරළව කියතොත්, යාච්ඤාවෙන් ඇසී පිළිතුරු දෙන්නාවූ දෙවියන් වහන්සේගේ බලයයි. පහත සඳහන් කරුණූ සලකා බලන්න.

1) සර්වබලධාරි දෙවි ස්වාමින් වහන්සේට සියල්ල කළ හැක. එතුමන්ට කළ නොහැකි කිසිවක් නැත (ලූක් 1:37).

2) සර්වබලධාරි දෙවි ස්වාමින් වහන්සේ, එතුමන්ගේ සෙනගට, යාච්ඤා කිරීමට අයද සිටින සේක. දෙවියන් වහන්සේට කරන්නාවූ යාච්ඤාව, නොමැලිව නිතරම කළ යුතු වූද, (ලූක් 18:1), ස්තුති දීමෙන්ද (පිලිප්ප් 4:6), ඇදහිල්ලෙන්ද (යාකොබ් 1:5), උන් වහන්සේගේ කැමැත්ට අනුකුල වූද (මතෙව් 6:10), දෙවියන් වහන්සේගේ මහිමය පිණිසද (යොහන් 14:13-14), ධර්මිෂ්ඨ හදවතකින්ද (යාකොබ් 5:16) ඔප්පු කළ යුතුය.

3) සර්වබලධාරි දෙවියන් වහන්සේට උන් වහන්සේගේ දරුවන්ගේ යාච්ඤාවන් ඇසෙන සේක. උන් වහන්සේ අපට යාච්ඤා කරන්නට ආඥා කරන අතර, අප එසේ කරන විට ඒවාට ඇහුම්කන් දෙන්නට එතුමන් පොරොන්දු වන සේක. “මාගේ විපත්තියේදී ස්වාමින්ට හඬගැසීමි. මාගේ දෙවියන් වහන්සේට මොරගැසීමි. උන් වහන්සේ තමන් මාළිගාවේ සිට මාගේ හඬ ඇසූ සේක. උන් වහන්සේ ඉදිරියෙහි මාගේ මොරගැසීමද උන් වහන්සේගේ කණෙහි වැටුණේය” (ගීතාවකලිය 18:6).

4) සර්වබලධාරි දෙවියන් වහන්සේ යාච්ඤාවන්ට පිළිතුරු දෙන සේක. “දෙවියන් වහන්ස, ඔබ මට උත්තර දෙන නිසා මම ඔබට හඬ ගැසීමි” (ගීතාවලිය 17:6). “ධර්මිෂ්ඨයෝ මොරගැසුවෝය, ස්වාමින් වහන්සේ අසා ඔවුන්ගේ සියලු දුක් වලින් ඔවුන් ගැළවූ සේක” (ගීතාවලිය 34:17).

තවත් ප්‍රචලිත අදහසක් වන්නේ දෙවියන් වහන්සේ අපගේ යාච්ඤාවන්ට පිළිතුරු දෙනවාද නැද්ද යන්න තීරණය වන්නේ අප තුළ ඇති ඇදහිල්ලේ ප්‍රමාණය අනුව බවය. කෙසේ නමුත් සමහර අවස්ථා වලදී අපගේ ඇදහිල්ල මදව තිබියදී පවා ස්වාමින් වහන්සේ අපගේ යාච්ඤාවන්ට පිළිතුරු දෙන සේක. ක්‍රියා 12 සඳහන් චන ආකාරයට, පේත්‍රැස් සිරගෙයින් නිදහස් වන පිණිස සභාව යාච්ඤා කළ විට (5 පදය) දෙවියන් වහන්සේ ඔවුන්ගේ යාච්ඤාවන්ට පිළිතුරු දුන් සේක (7 පදය). පේත්‍රැස් සිරගෙයින් නිදහස්වී ගොස් දොරට තට්ටු කළද, යාච්ඤා කරමින් සිටිය අය මුලදී මේ පේත්‍රැස්මද යන්න විශ්වාස කිරීම ප්‍රතික්ෂේප කරන ලදහ. ඔහුව සිරගෙයින් නිදහස් වන පිණිස ඔවුන් යාච්ඤා කළත්, ඔවුන්ගේ යාච්ඤාවන්ට පිළිතුරු අපේක්ෂා කිරීමට ඔවුහූ අසමත් වූහ.

යාච්ඤාවේ බලය ගලා එන්නේ අප තුළින් නොවේය. අප භාවිතා කරන විශේෂිතවූ වචනවත්, එම වචන පරිහරණය කරන විශේෂ ආකාරයවත්, ඒවා නිතරම භාවිතා කරනවාද යන්නවත් වැදගත් නොවේ. එසේම යාච්ඤාවේ බලය, අප මුහුණ ලා ඇති දිශාව මත වත්, ශරීරයේ ඉරියව්ව මත වත් රඳා නොපවතියි. යාච්ඤාවේ බලය, අප භාවිතා කරන මානවකෘති, ප්‍රතිමා, ඉටිපන්දම්, පබළු ආදි‍ෙයන් ලබා ගත නොහැක. යාච්ඤාවේ බලය එනු ලබන්නේ, අපගේ යාච්ඤාවන් ඇසී පිළිතුරු දෙන සර්ව ව්‍යාප්ත තැනැන් වහන්සේ තුළින්ය. යාච්ඤාව අපව සර්වබලධාරි දෙවියන් වහන්සේ හා සමග නිතර සම්බන්ධවී සිටීමට මග සලස්වන අතර, උන් වහන්සේ අපගේ අයදීම් ඉටුකර දීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළත් නොකළත් අපගේ බලාපොරොත්තුව විට යුත්තේ සර්වබලධාරි ප්‍රතිඵලයි. අපගේ යාච්ඤාවට පිළිතුරු කුමක් වූවත්, අප යාච්ඤා කරන දෙවියන් වහන්සේ වනාහි අපගේ යාච්ඤාවේ බලයේ මූලයයි. එසේම උන් වහන්සේගේ සම්පූර්ණ කැමැත්ත සහ කාල නියමයේ ප්‍රකාරයට, අපට පිළිතුරු දීමට එතුමන්ට හැකිවා සේම එසේ කිරීම එතුමන්ගේ අභිප්‍රායදවේ. English



නැවතත් සිංහල මුල් පිටුවට

යාච්ඤාවේ බලය නම් කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries