settings icon
share icon
ප්‍රශ්නය

ආත්මායනන් කරණකොටගෙ යාච්ඤා කිරීම යනු කුමක්?

පිළිතුර


ආත්මයාණන් කරණකොටගෙන යාච්ඤා කිරීම පිළිබඳව ශුද්ධ ලියවිල්ලේ තුන් වතාවක් සඳහන් වී ඇත. 1 කොරින්ති 14:15 සඳහන් වන ආකාරයට “ආත්මයෙන් යාච්ඤා කරමි. සිහිකල්පනාවෙනුත් යාච්ඤා කරමි. ආත්මයෙන් ගීතිකා කරමි. සිහකල්පනාවෙනුත් ගීතිකා කරමි. ආත්මයෙන් ගීතිකා කරමි. සිහිකල්පනාවෙනුත් ගීතිකා කරමි”. එපීස 16:18 සඳහන් වන්නේ “සියලු යාච්ඤා වලින්ද, ඉල්ලීම් වලින්ද, සියලු කලාවලදී ආත්මයාණන් කරණකොටගෙන යාච්ඤා කරපල්ලා. සියලු ශුද්ධවන්තයන් ගැනද මා උදෙසාද නොකඩවාම සියලු ඉල්ලීම් වලින් අවදිව සිටපල්ලා”. “නමුත් ප්‍රේම වන්තයිනි, නුඹලා වනාහි නුඹලාගේ ඉතා ශුද්ධ ඇදහිල්ල පිට නුඹලාම ගොඩ නගාගනිමින්, ශුද්ධාත්මයාණන් වහන්සේ තුළ සිට යාච්ඤා කරමින්” යන්න යූද් 20 හී සඳහන් කරයි. එසේ හෙයින් සත්‍ය වශයෙන්ම ආත්මයාණන් කරණකොටගෙන යාච්ඤා කිරීම යන්නෙහි අර්ථය කුමක්ද?

ග්‍රීක භාෂාවෙන් පරිවර්තනය වූ “කරණකොටගෙන යාච්ඤා කිරීම” අර්ථ කීපයක් තිබිය හැක. ඒවා අතුරින් “අනුසාරයෙන්”, “උපකාරයෙන්”, “අවස්ථාවෙන්”, “සබැඳියාවෙන්” යන අර්ථ ගනියි. අප ප්‍රකාශ කරන වචන, ආත්මයාණන් කරණකොටගෙන අදාල නොවේ. වෙනත් ආකාරයකින් කිවහොත් අප යාච්ඤා කරන්නේ කෙසේද යන්න එයින් අදහස් වේ. ආත්මයාණන් කරණකොටගෙන යාච්ඤා කිරීම යනු ආත්මයාණන් වහන්සේගේ මග පෙන්වීම අනුව යාච්ඤා කිරීමයි. ආත්මයාණන් වහන්සේ අපට මග පෙන්වන දේවල් ගැන යාච්ඤා කිරීමයි. රෝම 8:26 සඳහන් වන ආකාරයට එලෙසම ආත්මයාණන් වහන්සේත් අපගේ දුර්වලකම් වලදී උපකාර කරන සේක. මක්නිසාද යුතු ලෙස යාච්ඤා කරන්නට අපි නොදනිමුව. නමුත් ආත්මයාණන් වහන්සේම කිය නොහැකි කෙඳිරිගෑම් වලින් අප උදෙසා මැදහත්කම් කරන සේක”.

1 කොරින්ති 14:15 පදනම් කරගත් සමහර අයෙක් ආත්මයාණන් කරණකොටගෙන යාච්ඤා කිරීම අන්‍ය භාෂාවෙන් යාච්ඤා කිරීමට සම කරයි. අන්‍ය භාෂාවේ දීමනාව සාකච්ඡාවට ලක් කරන පාවුලුතුමා සඳහන් කරන්නේ “මගේ ආත්මයෙන් යාච්ඤා කිරීම යන්නයි”. 1 කොරින්ති 14:14 පවසන අන්දමට යම්කිසි කෙනෙකු අන්‍ය භාෂාවෙන් යාච්ඤා කරන කළ ඔහු කියන්නේ කුමක් දැයි ඔහුම නොදන්නේ, ඒ කථා කරන්නේ ඔහු නොදත් භාෂාවක් නිසාය. එසේම ඒ කියන්නාවූ දේ වෙනත් කිසිවෙකුට තේරුම් ගත හැකි වන්නේ පරිවර්තනයෙන් සිටියොත් පමණි (1 කොරින්ති 14:27-28). එපීස 6:18 පාවුලුතුමා අපට උපදෙස් දෙන්නේ “සියලු යාච්ඤා වලින්ද ඉල්ලීම් වලින්ද සියලු කාලවලදී ආත්මයාණන් කරණකොටගෙන යාච්ඤා කරපල්ලා”. යාච්ඤා කරන පුද්ගලයා ඇතුලුව වෙන කිසිවෙකුටවත් තමා යාච්ඤා කරන දේ තේරුම්ගත නොහැකිව, සියලු යාච්ඤා වලින් යාච්ඤා කරන්නත්, ශුද්ධවන්තයන් උදෙසාත් යාච්ඤා කරන්නෙත් කෙසේද, එසේ හෙයින් ආත්මයාණන් කරණකොටගෙන යාච්ඤා කිරීම තේරුම් ගත යුත්තේ, ආත්මයාණන් වහන්සේගේ බලයෙන්ද, ආත්මයාණන් වහන්සේගේ මග පෙන්වීම කරණකොටගෙනද, එතුමන්ගේ කැමැත්ත ප්‍රකාරයටද යාච්ඤා කිරීම මිස, අන්‍ය භාෂා වලින් යාච්ඤා කිරීමක් ලෙස නොවේ. English



නැවතත් සිංහල මුල් පිටුවට

ආත්මායනන් කරණකොටගෙ යාච්ඤා කිරීම යනු කුමක්?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries