settings icon
share icon
ප්‍රශ්නය

මගේ යාච්ඤා වලට දෙවියන් වහන්සේගෙන් පිළිතුරු ලබා ගන්නේ කෙසේද?

පිළිතුර


බොහෝ අය සිතන්නේ දෙවියන් වහන්සේ තමන් වෙතට පුද කරපු යාච්ඤාවක් පිළිගැනීම යාච්ඤාවට පිළිතුරු දීම ලෙසට. යාච්ඤා ඉල්ලීමක් පිළිතුරු නොලබා ඇද්ද එය පිළිතුරු නොලත් යාච්ඤාව ලෙසට ගනන් ගනු ලැබේ. කෙසේ වෙතත් මෙය යාච්ඤාව වැරදි ලෙස තේරුම් ගැනීමකි. දෙවියන් වහන්සේ උන් වහන්සේ වෙතට යොමු කරන සෑම යාච්ඤාවටම පිළිතුරු දෙයි. සමහර අවස්ථාවල දෙවියන් වහන්සේගේ පිළිතුර “නැත” හෝ “ඉන්න” වේ. දෙවියන් වහන්සේ අපගේ යාච්ඤාවට පිළිතුරු දෙන්නේ අප උන් වහන්සේගේ කැමැත්තට අනුකුලව ඉල්ලීම් ඉල්ලූ විට වේ. “උන් වහන්සේ ඉදිරියෙහි අපට තිබෙන නිසැකකම නම්, අප උන් වහන්සේගේ කැමැත්ත ලෙස යමක් ඉල්ලුවොත් උන් වහන්සේ අපේ ඉල්ලීම අසන බවය. අප යම් දෙයක් ඉල්ලන කළ උන් වහන්සේ අසන බවඅපි දනිමු නම්, අප උන් වහන්සේගෙන් ඉල්ලූ දේ අපට ලැබෙන බව දනිමුව” (1 යොහන් 5:14-15).

දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව යාච්ඤා කිරීම නම් කුමක්ද? දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව යාච්ඤා කිරීම නම් දෙවියන් වහන්සේට ගෞරවය හා මහිමය ගෙන දීම හෝ බයිබලයේ දේව කැමැත්ත යැයි පවසන දේට අනුව කිරීම. දෙවියන් වහන්සේට ගෞරව දෙන ලෙසට අප යමක් යාච්ඤා නොකලොත් හෝ දේව කැමැත්තට අපගේ ජීවිතයේ එරෙහිව යාච්ඤා කලොත් දෙවියන් වහන්සේ එය අපට නොදේ. දෙවියන් වහන්සේගේ කැමැත්ත කුමක්ද යන්න අප දැන ගන්නේ කෙසේද? දෙවියන් වහන්සේ අපට පොරොන්දුවී තිබෙනවා අප එය ඉල්ලන විට දෙන්න. “නුමුත් නුඹලාගෙන් යමෙකුට ප්‍රඥාව අඩුනම්, වරද නොතබන්නාවූ, බොහෝ කොට සියල්ලන්ට දෙන්නාවූ, දෙවියන් වහන්සේගෙන් ඔහු ඉල්ලාවා. එවිට ඔහුට එය දෙනු ලැබේ” (යාකොබ් 1:5). ආරම්භ කිරීමට යහපත් ස්ථානය 1 තෙසලෝනික 5:12-24 දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙසට බොහෝ දේ අපට පවසා ඇත. දෙවියන් වහන්සේගේ වචනය අප තේරුම් ගන්නා තරමට අප දැන ගන්නවා අප යාච්ඤා කළ යුතු අයුර (යොහන් 15:7). යාච්ඤා අවශ්‍ය අයුරු අප දැන ගත් පසු දෙවියන් වහන්සේද අපගේ යාච්ඤා ඉල්ලීමට “ඔව්” යන පිළිතුර දෙනු ලබයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මගේ යාච්ඤා වලට දෙවියන් වහන්සේගෙන් පිළිතුරු ලබා ගන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries