ප්‍රශ්නය
ශුද්ධලියවිල්ල යාච්ඤා කිරීම වෙනත් යාච්ඤා වලට වඩා වැඩි පලදායීද?
පිළිතුර
සමහර අය යාච්ඤා කිරීමේදී බයිබල් පද භාවිතා කිරීම යාච්ඤා කිරීමට පලදායී ක්‍රමයක් බව සොයා ගෙන තිබෙනවා. "ශුද්ධලියවිල්ල දෙවියන්වහන්සේට නැවත යාච්ඤා කිරීම" මනස යොමු කිරීමට සහ යාච්ඤාවේ විෂය දෙවියන්වහන්සේට ප්‍රසන්න බව සහතික කිරීමට උපකාරීවේ.
යාකොබ් 5:16 පවසනවා, "… ධර්මිෂ්ධ මිනිසෙකුගේ පලදායී යාච්ඤාවෙන් බොහෝ ප්‍රයෝජන ලැබේ." 1යොහන් 5:14-15 පවසනවා, "දෙවියන් වහන්සේ වෙත ළඟාවීමට අපට තිබෙන විශ්වාසය මෙයයි. අපි උන් වහන්සේගේ කැමැත්තට අනුව යමක් ඉල්ලුවොත්, උන්වහන්සේ අපට සවන් දෙයි. උන්වහන්සේ අපට ඇහුම්කන් දෙන බව අප දන්නේ නම්, අප ඉල්ලන ඕනෑම දෙයක්, අපි උන්වහන්සේගෙන් ඉල්ලූ දේ අප සතුව ඇති බව අපි දනිමු. "පලදායී යන වචනයේ තේරුම "අපේක්ෂිත ප්‍රතිපලයක් ලබාදීමට ප්‍රමාණවත්" යන්නයි. ෆර්වෙන්ට් යන්නෙහි තේරුම "නියත, දැඩි හා තීව්‍ර" යන්නයි. යාකොබ් සහ යොහන් යන දෙදෙනාම අපට කියා සිටින්නේ අපගේ යාච්ඤා පලදායී වීමට නම්, ඒවා උනන්දුවෙන්, අර්ථවත් ලෙස හා දෙවියන්වහන්සේගේ කැමැත්තට එකඟ විය යුතු බවයි.
අපගේ යාච්ඤා දෙවියන්වහන්සේගේ කැමැත්ත බව දැන ගැනීමට එක් ක්‍රමයක් නම් අපගේ හදවත් තුළ ඇතිදේ ප්‍රකාශ කරන නිශ්චිත ශුද්ධ ලියවිලි යාච්ඤා කිරීමයි. ශුද්ධ ලියවිල්ල කිසියම් මායා ගායනයක් ලෙස භාවිතා නොකළ යුතුය. යාච්ඤාවේ බලය ලැබෙන්නේ දෙවියන්වහන්සේගෙන් පමණක් "උද්යෝගිමත්" හදවතකටය. නමුත් අපගේ හදවතේ ඇතිදේ ප්‍රකාශ කරන ආඥාවක් හෝ පොරොන්දුවක් අපට හමුවූවිට, අපි දෙවියන් වහන්සේ එය යාච්ඤාවක් ලෙස භාවිතා කරනවිට එකඟ වන බව අපි දනිමු. එය උන්වහන්සේගේ වචනයයි. අපි බයිබලය කටපාඩම් කර මෙනෙහි කරන තරමට එය අපගේ කොටසක් බවට පත්වේ. අප අධ්‍යයනය කළ සත්‍යය සිහියට එන්නේ අප යාච්ඤා කරනවිට සහ බොහෝවිට අප සොයන පිළිතුරයි. බොහෝවිට, යාච්ඤා කළ යුත්තේ කුමක් දැයි අප නොදන්නාවිට, ශුද්ධ ලියවිල්ලට අපට වචන ලබා දිය හැකිය. ගීතාවලියෙහි යාච්ඤා සියගණනක් අඩංගු වන අතර, ඒවායින් බොහොමයක් දැනටමත් අපගේ සිතුවිලි වචන බවට පත්කර ඇත.
පලදායී යාච්ඤාවට යේසුස්වහන්සේ අපගේ හොඳම උදාහරණය දෙයි. උන් වහන්සේගේ දීර්ඝතම වාර්තාගත යාච්ඤාව නම් ශු.යොහන් 17 හී සඳහන් උන්වහන්සේගේ "උත්තම පූජක යාච්ඤාව" යන්නයි. අප දකින පළමු දෙය නම් යේසුස්වහන්සේ පියාණන්වහන්සේ සමග ආත්මයේ ඒකීය භාවයයි. උන්වහන්සේ පටන් ගන්නේ "පියාණෙනි, වේලාව පැමිණ තිබේ" කියා පවසමිනි. යේසුස්වහන්සේ පියාට නොදැන සිටි කිසිවක් නොකියයි. ඔවුන් එකඟ බව යේසුස් පිළිගත්තා. උන්වහන්සේ ඉතා ඕනෑකමින් යාච්ඤාවෙන් කාලය ගත කළ අතර පියාණන්වහන්සේගේ හදවත දැන සිටියේය. පලදායී යාච්ඤාවේ පරමාර්ථය එයයි: දෙවියන්වහන්සේගේ සිත තේරුම් ගැනීම සහ අපගේ කැමැත්ත උන්වහන්සේ සමඟ පෙළගැස්වීම. අපගේම වචන භාවිතා කිරීමෙන් හෝ අවුරුදු දෙදහසකට පෙර ලියන ලද ඒවාවුවද, පලදායී යාච්ඤාවේ රහස නම් එය හදවතින්ම පැමිණ දෙවියන්වහන්සේගේ කැමැත්ත සෙවීමයි.
පුද්ගලික කැපකිරීමේ ක්‍රියාවක් ලෙස ශුද්ධ ලියවිල්ල යාච්ඤා කිරීම අප යාච්ඤා කරන බව දැන ගැනීමට හොඳ ක්‍රමයකි. නිදසුනක් වශයෙන්, අපට ගලාති 2:20 ගෙන එය කැපකිරීමේ යාච්ඤාවක් ලෙස භාවිතා කළ හැකිය. එවැනි යාච්ඤාවක් මේ වගේ දෙයක් විය හැකියි. "පියාණෙනි, අද මම ක්‍රිස්තුස්වහන්සේ සමග කුරුසියේ ඇණ ගසනු ලැබුවෙමි. මම තව දුරටත් ජීවත් නොවෙමි, නමුත් ක්‍රිස්තුස්වහන්සේ මා තුළ ජීවත්වේ. අද මම ජීවත් වන මේ ජීවිතය මා ජීවත් වන්නේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් කෙරෙහි ඇදහිල්ලෙනි. උන්වහන්සේ මට ප්‍රේමකර මා වෙනුවෙන් කැපවී සිටියේය."මේ ආකාරයෙන් යාච්ඤා කිරීමේදී, අපි දෙවියන්වහන්සේගේ හදවත ගෙන එය අපගේ ඉලක්කය කරගනිමු. වචන වල මායාවේ කිසිවක් නැත, නමුත් දෙවියන්වහන්සේගේ වචනය අපගේ ආදර්ශය ලෙස භාවිතා කරනවිට අපි දෙවියන්වහන්සේගේ කැමැත්ත තුළ යාච්ඤා කරන බව අපට දැන ගත හැකිය.
සෑම ඡේදයක්ම අපගේ තත්වය සඳහා විශේෂයෙන් ලියා ඇති ආකාරයට ශුද්ධ ලියවිල්ලට සැලකීමට අප වග බලා ගත යුතුය. අපට වාක්‍ය සන්දර්භයෙන් ඉවතට ගත නොහැක්කේ ඒවා අපට සත්‍යයක් වීමට අවශ්‍ය්‍ය නිසාය. නිදසුනක් වශයෙන්, 2 ලේකම් 1:11-12 දක්වා දෙවියන්වහන්සේ සලමොන්ට "ධනය, දේපළ හා ගෞරවය" පොරොන්දුවිය. නමුත් එම පදය දෙවියන්වහන්සේ අපට පොරොන්දු වූවාක්මෙන් අපට යාච්ඤා කළ නොහැක. අපට කියන්නට අවශ්‍යදේ පවසන හුදකලා පද සොයමින් ඒවා "හිමිකම් පෑම" කළ නොහැක. කෙසේ වෙතත්, දෙවියන්වහන්සේ යම් පදයක් අපගේ හදවතේ උන්වහන්සේගේ පුද්ගලික පණිවුඩය ලෙස ප්‍රකාශ කරන අවස්ථා තිබේ. අපට ඒ ගැන යාච්ඤා කළ හැකිය.
සෑම පදයක්ම අපගේ ජීවිතයට කෙලින්ම බල පෑවාක්මෙන් අදාළ කරගැනීමට අප උත්සාහ කරන්නේ නම්, 1 සාමුවෙල් 15:3 වැනි පද සමඟ අපට ගැටලු ඇතිවේ: "දැන් ගොස් අමලෙක්වරුන්ට පහරදී ඒවාට අයත් සියල්ල මුළුමනින්ම විනාශ කරන්න. … "අප සැමවිටම ශුද්ධ ලියවිල්ල එහි සන්දර්භය තුළ කියවා දෙවියන්වහන්සේ ගැන තව දුරටත් අප සොයා ගන්නා මූලධර්ම වලින් ඉගෙන ගත යුතුය. අපගේ ජීවිතයේ ලෞකිකත්වය විනාශ කිරීම හා එහි ඉතිරිව ඇතිදේ ගැන කථා කිරීමට දෙවියන්වහන්සේ එම කොටස භාවිතා කළ හැකිය. එම අවස්ථාවේදී අපට යාච්ඤා කළ හැකිය, "ස්වාමීනි, අමලෙක්වරුන්ගේ නපුර නියෝජනය කරන සෑම දෙයක්ම මුළුමනින්ම විනාශ කරන ලෙස ඔබ ඉශ්‍රායෙල්වරුන්ට පැවසුවාක්මෙන්, මගේ ජීවිතයේ ඕනෑම බොරු දෙවිවරුන් ඉරාදමා ඔබ හැර අන්කිසිවක් අත්හැර දැමීමට මට අවශ්‍යය. ඔවුන් දේශය පවිත්‍ර කළවිට මාගේ සිත පවිත්‍ර කරන්න. "
පලදායී, උනන්දුවෙන් කරන යාච්ඤාව ශුද්ධ ලියවිල්ලෙන් හෝ අපගේ හදවතේ ගැඹුරින් පැමිණිය හැකිය. අප වර්ධනය වනවිට ඉලක්කය වන්නේ එකිනෙකට බැඳී තිබීමයි. දරුණු දුක් වේදනා මධ්‍යයේ කුරුසියේ සිටියදී පවා යේසුස්වහන්සේ 22 වන ගීතිකාවේ වචන මොරගැසුවේය: "මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මාව අත් හැරියේ ඇයි?" බොහෝ විශාරදයින් විශ්වාස කරන්නේ උන්වහන්සේ කුරුසියේ එල්ලී සිටිනවිට මුළු ඡේදයම උපුටා දක්වමින් එය දෙවියන්වහන්සේට යාච්ඤා කරමින් මරණයේදී පවා නමස්කාර ක්‍රියාවක් බවයි. අප ශුද්ධ ලියවිල්ල ඉගෙන ගන්නා හා පුද්ගලීකරණය කරන තරමට, අපගේ යාච්ඤා දෙවියන්වහන්සේගේ කැමැත්ත පිළිබ්ඹු කරන අතර ඒවා වඩාත් පලදායීවනු ඇත.
English
ශුද්ධලියවිල්ල යාච්ඤා කිරීම වෙනත් යාච්ඤා වලට වඩා වැඩි පලදායීද?