settings icon
share icon
ප්‍රශ්නය

විවාහයට මම මාව සූදානම් කර ගන්නේ කෙසේද?

පිළිතුර


විවාහයට සූදානමත් සමාන්‍යයෙන් අන් සූදානම් වීමකට හා සමානය. නැවත උපන් කිතුනුවන් ලෙසට අපට සියලු දේ තුළ එක මූලධර්මයක් ඇත. “තාගේ මුළු හෘදයෙන්ද තාගේ මුළු ආත්මයෙන්ද තාගේ මුළු බුද්ධියෙන්ද තාගේ දෙවි වූ ස්වාමින් වහන්සේට ප්‍රේම කරව” (මතෙව් 22:37). මෙය සැහැල්ලු ආඥාවක් නොවේ. ඇදහිලිවන්තයන් වශයෙන් එය අප‍ෙග් මධ්‍යස්ථානයයි. ඉන් සිදුවන්නේ අප උන් වහන්සේ හා උන් වහන්සේගේ වචනය මත රුඳීමයි මුළු හදවතින්. එමගින් අප‍ෙග් ආත්මය උන් වහන්සේ සතුටු කරන පිණිස.

සියලු සබඳකම් සනාථ වන්නේ අප යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේ සමග ඇති සම්බන්ධතාවයයි. විවාහ සම්බන්ධතාවය ක්‍රිස්තුස් වහන්සේ හා සභාව යන රූප රාමුවට අයත්ව ඇත (එපීස 5:22-33). අපගේ ජීවිතයේ සියලු අවස්ථා පාලනය වන්නේ අප අපගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ ආඥාවලට කීකරුවීම හා සැලසුමට අනුව. දෙවියන් වහන්සේට හා දේවවචනයට අප කීකරුවීම මේ ලෝකයේ හා විවාහය තුළදී අපට පැවරී ඇති ක්‍රියාව සම්පූර්ණ කිරීමට අපට උපකාර වේ. නැවත ඉපදුන ඇදහිලිවන්තයෙකුගේ ක්‍රියාව නම් සියල්ලේදී දෙවියන් වහන්සේව මහිමයට පත් කිරීම වේ (1 කොරින්ති 10:31).

ඔබ විවාහයට සූදානම් වීමට අනුව, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඔබට ඇති කැඳවීමේ වටිනාකම අනුව යමින් දෙවියන් වහන්සේගේ වචනය තුළින් උන් වහන්සේ සමග සම්බන්ධ වෙමින් (2 තිමෝති 3:16-17), සියලු දේ තුළදී කීකරුකමට අවධානයදී, දෙවියන් වහන්සේට කීකරුව ගමන් කිරීමට පහසු සැලැස්මක් නැත. අප විසින්ම තෝරා ගත යුතු දෙයක් නම් ලෝකයේ දේවල් පසෙක දමා දෙවියන් වහන්සේගේ කැමැත්තට සැමදාම ඉඩදීම. ක්‍රිස්තුස් වහන්සේට වටිනාකමක් ලෙස ගමන් කිරීම නම් යටහත්ව අප‍ෙග් ජීවිත මිනිස්කමට මුහුණදී එකම සත්‍ය හා ජීවිතය තුළ දවසින් දවස පැවතිමින් තප්පරයෙන්-තප්පරය එයයි සෑම ඇදහිලිවන්තයෙකුම සූදානම් විය යුතු ප්‍රධාන ත්‍යාගය වන විවාහයට

පුද්ගලයෙකු ආත්මික මේරු ස්වභාව‍ෙයන් දෙවියන් වහන්සේ සමග ඇවිදින කළ ඔහු වෙන කිසිකෙනෙකුටත් වඩා හොඳින් විවාහයට සූදානම්ය. විවාහය තුළ, කැපවීම, ආශාව, මිනිස්කම, ප්‍රේමය හා ගෞරවය පවතී. මේ ගුණාංග දෙවියන් වහන්සේ සමග හොඳ සබඳතාවක් ඇති කෙනෙකු තුළ ඇත. විවාහයට ඔබ ඔබව සූදානම් කරන කළ දෙවියන් වහන්සේට ඉඩ දෙන්න උන් වහන්සේට අවශ්‍ය ස්ත්‍රිය / පුරුෂයා හැටියට ඔබව හදන්න (රෝම 12:1-2). ඔබ උන් වහන්සේට යටත් උනොත් උන් වහන්සේ ඔබට විවාහයට මුහුණ දීමට හැකියාව දෙයි. ඒ අනර්ග දවස ආ කළ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

විවාහයට මම මාව සූදානම් කර ගන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries