settings icon
share icon
ප්‍රශ්නය

කිතුණුවකු මනෝ විද්‍යාඥයකු හෝ මනෝ චිකිත්සකයකු මුණ ගැසිය යුතුද?

පිළිතුර


මනෝ විද්‍යාඥයන් සහ මනෝ චිකිත්සකයන් යනු මානසික සෞඛ්‍යය ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වන වෘත්තීයවේදීන්ය. මනුෂ්‍යයන් බොහෝ විට මනෝ රෝග චිකිත්සකයන්, මනෝ විශ්ලේෂකයන් හෝ මානසික සෞඛ්‍යය පිළිබද උපදේශකයන් වැනි අනෙකුත් මානසික සෞඛ්‍යය වෘත්තීයවේදීන්ගේ භූමිකාවන් ව්‍යාකූල කරගෙන හෝ ඒවා සමග පටලවා ගනිති. විවිධවූ අධ්‍යාපනික මාර්ග කිහිපයක් අවශ්‍යය කරන්නාවූ සහ බොහෝ ප්‍රතිකාර ක්‍රම භාවිතා කරන්නාවූ මානසික සෞඛ්‍යය වෘත්තීයවේදීන් ප්‍රභේදනයන් කිහිපයක් ඇත. මනෝ විද්‍යාඥයන් මනෝ විද්‍යාව පිළිබද දර්ශනවාදී උසස් උපාධිධාරයක් ලබා ගත යුතු මෙන්ම මූලිකව කේන්ද්‍රගත කොට ගත යුත්තේ පර්යේෂණය කිරීම, විද්‍යාල මටිටමක ඉගැන්වීම සහ පෞද්ගලික අනුශාසනා පිළිවෙත් පවත්වාගෙන යායුතුය. නාත්මක සහ චිත්තවේගී ඇගයුම් පිළිබද පරීක්ෂණද ඔවුන්ට පරිපාලනය කළ හැක. මනෝ චිකිත්සකයකු වූ කලී ඇත්ත වශයෙන්ම මානසික ආබාධ පිළිබද විශේෂත්වයක් ඇති වෛද්‍යවරයෙකි. මානසික සෞඛ්‍යයට ඖෂධ විද්‍යා ප්‍රතිකාර කිරීමට පුහුණුවක් ලැබූ සහ ඖෂධ නිර්දේශ කිරීමට හැකියාව ඇති එකම මානසික සෞඛ්‍යය වෘත්තීයවේදීන් නම් මනෝ චිකිත්සකයන්ය.

වචන අන්ධතාවය පරීක්ෂා කිරීම හෝ උපදේශනයන් ලබා ගැනීමේ සේවාවන් ආදිය අවශ්‍යය වූ විට මනෝ විද්‍යාඥයකු වෙතට යාම පිළිබදව ඔවුන් සලකා බලයි. නියමානුකූලව මනුෂ්‍යයන් මනෝ චිකිත්සකයකු වෙතට යොමු කරනු ලැබීමට පෙර මනෝ විද්‍යාඥයකු හෝ වෙනත් උපදේශක වෘත්තීයවේදියකු වෙතට යනු ලැබේ. සමහර මනෝ චිකිත්සකයන් අනුශාසනා කිරීම පරීශිලනය කරන නමුත් චිකිත්සාව සිදුකරනු ලබන අනෙකුත් වෘත්තීයවේදීන් හා සමග හවුල් වෙමින් සමහරු බෙහෙත් කිරීම් උපදේශනය කිරීම හෝ පරිපාලනය කිරීමෙහි යෙදී සිටිති. ඕනෑම වෘත්තියක මෙන් සමහර මනෝ විද්‍යාඥයන් / මනෝ චිකිත්සකයන් කිතුණුවන් විය හැකි අතර අන් සමහරු එසේ නොවෙති.

කිතුණුවන්ට සාමාන්‍යයෙන් දැන ගැනීමට අවශ්‍යය වන්නේ දේව වචනය මෙම වෘත්තීන්ට අදාළ වන්නේ කෙසේද යන්නයි. නමුත් සත්‍යය නම් මනෝ විද්‍යාවවත් මනෝ චිකිත්සාවවත් පාපතර අයුරකින් වැරදි සහගත නොවේ. ඒ දෙකම වලංගු සහ ප්‍රයෝජනවත් අභිමතාර්ථ ඉටු කරයි. කිසිඳු මානසික සෞඛ්‍යය වෘත්තීයවේදීයකුට දෙවියන්වහන්සේ මනුෂ්‍යයා සෑදූ ආකාරය, මනස ක්‍රියාත්මක වන ආකාරය සහ අපට සමහර ආකාරයට ක්‍රියා කිරීමට සහ එසේ දැනීමට හේතුන් කිසිවක් සම්පූර්ණයෙන්ම තේරුම් ගැනීමට හැකියාවක් නොමැත. මානසික සහ චිත්තවේගි ප්‍රශ්න පිළිබද ලෞකිකවූ සහ මනුෂ්‍යයා කේන්ද්‍ර කොටගත් න්‍යායන් බහුලව තිබුනත් දේව වචනයේ දෘෂ්ඨිකෝණයකින් මිනිස් මනස තේරුම් ගැනීමට වෙර දරන මෙම වෘත්තීන්හී නියැලූනු බොහෝ දේව භක්තියකින් යුතුවූ පිරිස්ද සිටිති. කිතුණුවකුට සුදුසුම දේ වන්නේ ඇදහිලිවන්තයකුවූත්, ශුද්ධ ලියවිල්ල පිළිබච දැනුම පැහැදිලි ලෙස සදහන් කළ හැකිවූත්, දේව භක්තිය සහිත චරිතයක් ප්‍රදර්ශනය කරන්නාවූත් වෘත්තීයවේදීයකු සෙවීමයි. අප විසින් ලබා ගන්නාවූ සියළුම උපදේශ ශුද්ධ ලියවිල්ල තුළින් පිවිසුනු ලෝකයේ සියළු දේ වලින් සත්‍යය සහ අසත්‍යය දේ වටහා ගත යුතුවේ.

මනෝ විද්‍යාඥයකු හෝ මනෝ චිකිත්සකයකු මුණ ගැසීම වරදක් නොවේ. කෙසේ නමුත් මානසික සෞඛ්‍යය වෘත්තීයවේදීන් විවිධවූ විශ්වාසයන් සහ පසුබිම් වලින් පැමිණෙන අයවලූන්වේ. සමහර විට කිතුණු මනෝ විද්‍යාඥයන් සහ මනෝ චිකිත්සකයන්ටද පරිපූර්ණ පිළිතුර දීමට නොහැකි හෝ දේව වචනය හා සම්බන්ධ දැනුම සමහර අංශ වලින් හීන වී තිබිය හැක. අපගේ සියලූ පෙලීම් වලට මූලික පිළිතුර වන්නේ දේව වචනය බව මතක තබා ගත යුතුය. අපට ප්‍රයෝජනවත් දේ කුමක්ද අපව මුළා කරන දේ කුමක්ද යන්න වටහා ගැනීමට අත්‍යවශ්‍යය වන සත්‍යයෙන් සන්නද්ද විය යුතය. (එපීස 6:11–17; 1 කොරින්ති 2:15–16) සෑම ඇදහිලිවන්තයෙක්ම තමාගේ පෞද්ගලික වර්ධනය සහ අවබෝධය පිණිස දේව වචනය හැදැරීමට වග බලා ගත යුතුවේ. ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් අපව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිරූපයට පරිණාමනය කිරීම පිණිස දේව වචනය යොදා ගනු ලබන සේක, සෑම කිතුණුවකුගේම පර්යන්ත පරමාර්ථයද විය යුත්තේ එයමය. (එපීස 5:1–2; කොලොස්සි 3:3)

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුණුවකු මනෝ විද්‍යාඥයකු හෝ මනෝ චිකිත්සකයකු මුණ ගැසිය යුතුද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries