settings icon
share icon
ප්‍රශ්නය

පසුතැවීම නම් කුමක්ද? එමෙන්ම එය ගැලවීම ලැබීමට අත්‍යවශ්‍යයද (අනිවාර්යද)?

පිළිතුර


බොහෝ දෙනෙකු පසුතැවීම යන වචනය තේරුම් ගන්නේ “පාපයෙන් හැරීම” ලෙසටය. මෙය බයිබලානුකුලව පසුතැවීමට දෙන අරුත නොවේ. බයිබලයේ පසුතැවීම යන වචනයට දෙන තේරුම නම් “කෙනෙකුගේ මනස වෙනස් කිරීම.” එසේම බයිබලයේ අපට පවසනවා සැබෑ පසුතැවීම තුළින් කෙනෙකුගේ ක්‍රියාවන්ද වෙනස් වන බව (ලූක් 3:8-14; ක්‍රියා 3:19). ක්‍රියා 26:20 හී පවසනවා “පසුතැවිලිව දෙවියන් වහන්සේ වෙතට හැරී, පසුතැවිල්ලට සුදුසු ක්‍රියාවන් කරන්ට කියා ප්‍රකාශ කළෙමි.” බයිබලයට අනුව පසුතැවිල්ල නම් කෙනෙකුගේ මනසත් ක්‍රියාවත් දෙකම වෙනස්වීම වේ.

කුමක්ද, එසේනම්, ගැලවීමත් පසුතැවීමත් අතර ඇති සම්බන්ධය? ක්‍රියා පොතෙහි විශේෂයෙන් අවධානය යොමු කරනවා පසුතැවීම ගැලවීමට අදාලව (ක්‍රියා 2:38; 3:19; 11:18; 17:30; 20:21; 26:20). පසුතැවීම, ගැලවීම සම්බන්ධව නම් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව තමාගේ මනස වෙනස් කර ගැනීමයි. පෙන්තකොස්ත දවසේ පේත්‍රැස්ගේ දේශනාවෙහි (ක්‍රියා 2), ඔහු මනුෂ්‍යයන්ට පසුතැවීමට ආරාධනා කරයි (ක්‍රියා 2:38). කුමක් ගැන පසුතැවීමටද? පේත්‍රැස් ආරාධනා කළේ යේසුස් වහන්සේව එපා කළ මිනිසුන්ටයි (ක්‍රියා 2:36) පේත්‍රැස් ආරාධනා කළේ ඔවුනට ක්‍රිස්තුස් වහන්සේව එපා කිරීමෙන් හැරී උන් වහන්සේ මෙසියස් වහන්සේ බවත් (ක්‍රියා 2:36). පේත්‍රැස් මිනිසුන්ට ආරාධනා කළා උන් වහන්සේ මෙසියස් වහන්සේ හා ගැළවුම්කරුවාද වන බව විශ්වාස කිරීමට.

පසුතැවීම හා ඇදහිල්ල “එකම කාසියක දෙපැත්ත” ලෙසට ගණන් ගත හැක. ක්‍රිස්තුස් වහන්සේ කව්ද? හා උන් වහන්සේ කළේ මොනවද? යන්න පිළිබඳව ඔබගේ මනස වෙනස් නොකරගෙන උන් වහන්සේ කෙරෙහි ඇදහීමට නොහැකිය. එය ඕනෑකමින් එපා කිරීම හෝ ගණන් නොගැනීම හේතුවෙන් පසුතැවීම හෝ උවමනාවක් නොදැක්වීම හෝ වේවා, එය සිතෙහි / මනසෙහි වෙනස් කමකි. බයිබලානුකුල පසුතැවීම, ගැලවීම සම්බන්ධව, ක්‍රිස්තුස් වහන්සේව එපා කරන හදවතම උන් වහන්සේ කෙරෙහි ඇදහීමට වෙනස් කිරීමයි.

අප තේරුම් ගත යුතු විශේෂ දෙයක් නම් පසුතැවීම නම් ගැලවීම ලබා ගැනීමට අප කරනා කාර්‍යයක් නොවේ. කිසිකෙනෙකුට පසුතැවී දෙවියන් වහන්සේ වෙතට ආ නොහැක, දෙවියන් වහන්සේ ඔහුව උන් වහන්සේ වෙතට ඇද ගන්නා තුරු (යොහන් 6:44). ක්‍රියා 5:31 හා 11:18 අඟවනවා පසුතැවීම දෙවියන් වහන්සේ දෙන දෙයක් එය ලැබිය හැක්කේ උන් වහන්සේගේ කරුණාවෙනි. දෙවියන් වහන්සේ පසුතැවීම ලබා දෙනතෙක් කිසිවකුට එය ලැබිය නොහැකිය. ගැලවීමේ සියල්ල, පසුතැවීම හා ඇදහිල්ල ඇතුලුව. දෙවියන් වහන්සේ අපව ඈඳ ගැනීම, අපගේ දෙනෙත් විවර කිරීම හා අප‍ෙග් හදවත වෙනස් කිරීමේ ප්‍රතිඵල වේ. දෙවියන් වහන්සේගේ දීර්ඝ දුක්වීම අපව පසුතැවීම කරා ගෙන යයි (2 පේත්‍රැස් 3:9), එසේම උන් වහන්සේගේ දයාව ක්‍රියාත්මකවීම (රෝම 2:4).

පසුතැවීම ගැලවීම ලැබීමට කළ යුතු කාර්‍යයක් නොවන අතර ගැලවීමේ පසුතැවීමේ ප්‍රතිඵල ක්‍රියා වලින් පෙනේ. ඔබගේ හදවත / මනස සම්පූර්ණයෙන් වෙනස් කිරීමට අපහසුය ක්‍රියාවල වෙනසක් නොමැතිව. බයිබලයේ පසුතැවීමේ ප්‍රතිඵලය හැසිරීමේ වෙනස්වීමකි. ඒ නිසයි. යොහන් බවිතිස්ත මනුෂ්‍යයන්ට පැවසුවේ “පසුතැවිල්ට අදාල ක්‍රියාවන් කරන්නැයි / ඵල නිපදවන්න කියා” (මතෙව් 3:8). යේසුස් වහන්සේව එපා කළ පුද්ගලයෙකු උන් වහන්සේව පිළිගන්නා අදහන තත්වයකට පැමිණවීම එහි නිපදවන සාධකයක් නම් වෙනස්වූ ජීවිතය (2 කොරින්ති 5:17; ගලාති 5:19-23; යාකොබ් 2:14-26). පසුතැවීම, මනාසේ තේරුම් ඇතිව සිටීම, ගැලවීමට අවශ්‍ය වේ. බයිබල් පසුතැවීම නම් යේසුස් වහන්සේ පිළිබඳව ඔබගේ මනස වෙනස් කර ගැනීම හා ගැලවීම උදෙසා දෙවියන් වහන්සේ වෙතට හැරීම (ක්‍රියා 3:19). පාපයෙන් හැරීම පසුතැවීමේ අර්ථ දැක්ම නොවේ. නමුත් එය දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙතට යොමුව සැබෑ ඇදහිල්ල පදනම්වූ පසුතැවීමේ එක් ක්‍රියා වලියකි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

පසුතැවීම නම් කුමක්ද? එමෙන්ම එය ගැලවීම ලැබීමට අත්‍යවශ්‍යයද (අනිවාර්යද)?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries