settings icon
share icon
ප්‍රශ්නය

යේසුස් වහන්සේගේ උත්ථානය වැදගත් වන්නේ ඇයි?

පිළිතුර


යේසුස් වහන්සේගේ උත්ථානය කරුණු කිහිපයකට වැදගත් වේ. පළමුව, එය දෙවියන් වහන්සේගේ අප්‍රමාණ (අද්විතිය) බලය ගැන සාක්‍ෂි දරයි. උත්ථානය විශ්වාස කිරීම නම් දෙවියන් වහන්සේව විශ්වාස කිරීමයි. දෙවියන් වහන්සේ පවතිනවා නම්, එසේම උන් වහන්සේ විශ්වය මවා එය පාලනය කරනවා නම්, උන් වහන්සේට මරණයෙන් නැගිටීමටද බලය ඇත. එවැනි බලයක් උන් වහන්සේට නැති නම්, අපගේ ඇදහිල්ල හා නමස්කාරය ලැබීමට උන් වහන්සේ සුදුසු නැත. ජීවනය මැවූ තැනැත්තාට පමණයි මරණයෙන් එය නැගිටවීමට හැකි වන්නේ. උන් වහන්සේට පමණයි මරණයේ භයානකත්වය ආපස්සට හැරවීමට හැක්කේ. එසේම උන් වහන්සේට පමණයි මරණයේ කටුව ගැලවීමට හා සොහොන පරාජය කිරීමට හැක්කේ (1 කොරින්ති 15:54-55). යේසුස් වහන්සේ සොහොනින් උත්ථානවීම දෙවියන් වහන්සේ අපට උන් වහන්සේගේ බලය ජීවිතයට හා මරණය මතට ඇති බව පෙන්වනවා.

දෙවනුව, යේසුස් වහන්සේගේ උත්ථානය මිනිස් සංහතියේ උත්ථානයට සාක්‍ෂියකි. එය කිතුනු ඇදහිල්ලේ ප්‍රධාන සංදිස්ථානයකි. අනෙක් ආගම් වලට වඩා ක්‍රිස්තුධර්මයෙහි පමණයි එහි ප්‍රධානියා මරණය පරාජය කර අනුගාමිකයන්ටද එය පොරොන්දුවී ඇත්තේ. අනෙක් සෑම ආගමක්ම සොයා ගන්නා ලද්දේ මනුෂ්‍යයන් හා අනාගතවක්තෘන් විසින් ඔවුන් සියල්ලන්ගේ අවසානය මිනීවළය. කිතුනුවන් වශයෙන් අපට සහනයක් ඇති විය අපගේ දෙවියන් වහන්සේ මිනිස් වෙසක් ගත් නිසාත්, අපගේ පාපයන් උදෙසා මැරුණ නිසාත්, එසේම තුන්වෙනිදා උත්ථානවූ නිසා. සොහොනට උන් වහන්සේව අල්ලා ගැනීමට නොහැකි විය. උන් වහන්සේ ජීවමානයි, එසේම ස්වර්ගයේ පියාණන්ගේ දකුණු පැත්තේ වැඩ සිටීම.

1 කොරින්ති 15 හී පාවුල්තුමා ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානයෙහි වැදගත්කම පැහැදිලි කරයි. කොරින්තියේ සිටි සමහරෙක් මරණයෙන් උත්ථානවීම විශ්වාස කළේ නැත. මේ පරිච්ඡේදයේ පාවුල්තුමා මරණයෙන් උත්ථානවීමක් නොමැතිවූවා නම් ඇතිවන පීඩාවන් හයක් පිළිබඳව සඳහන් කරයි. 1) ක්‍රිස්තුස් වහන්සේ ගැන දේශනා කිරීමේද ඵලක් නැත (14 පදය); 2) ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමද ඵලක් නැත (14 පදය); 3) උත්ථානය පිළිබඳ සාක්‍ෂි දැරුවන් හා දේශනා කළ අය බොරුකාරයෝ වේ (15 පදය); 4) කිසිවකු පාපයෙන් නොගැලවේ (17 පදය); 5) පෙර සිටි ඇදහිලිවතුන් සියල්ලේ විනාශවී ඇත (18 පදය); සහ 6) කිතුනුවා පොළොවේ සිටින අසරණම මිනිසුන් බවට පත් වේ (19 පදය). නමුත් ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් නැගිට සිටිනසේක්මය, “උන් වහන්සේ සැතපී සිටින්නන්ගේ නාඹුල් ඵලයය (20 පදය), අපටද උත්ථානය ගැන සහතිකයක් දී ඇත.

බයිබලයේ ඇදහිලිවන්තයන්ගේ උත්ථානය යේසුස් වහන්සේගේ තම ශරීරය (සභාව) ඔසවා ගැනීමට පැමිණෙන විට සිදුවන බව පවසා ඇත. පාවුල්තුමා 1 කොරින්ති 15:55 හී සඳහන් කරනා ලෙසට එවැනි බලාපොරොත්තුවක් හා සහතිකයක් ප්‍රතිඵලය මහත් හොරණෑ ශබ්දයකින් යුත් ගීතයක් වේ. “එම්බා මරණය තාගේ ජය කොහිද? එම්බා මරණය තාගේ කටුව කොහිද?”

මේ පද උත්ථානයෙහි වැදගත්කමට අදාල වන්නේ කෙසේද? පාවුල්තුමා උත්තර දෙයි “ස්වාමින් වහන්සේ කෙරෙහි නුඹලාගේ මෙහෙය නිෂ්ඵල නොවන බව නුඹලා දන්නා බැවින්” (58 පදය). ඔහු අපට මතක් කර දෙනවා අප දන්නා බව අප මරණයෙන් අළුත් ජීවිතයකට උත්ථාන වෙන්ට යන බවත්, පීඩාවන් ක්‍රිස්තුස් වහන්සේ උදෙසා විඳින්ට කියාත් (29-31 පද), ඔහු කලාසේ අපට උදාහරණයකට ගත හැක තම ජීවිතය සතුටින් පිදූ සදාකාල උත්ථානය ලබා ගැනීම තම ජීවිතය දුන් වේද සාක්‍ෂිකාරයෙක්ව.

උත්ථානය ඇදහිලි වන්තයන්ට මහිමවත් ජයග්‍රහනයක්. යේසුස් වහන්සේ මැරුණා, සොහොන් ගත කළා, එසේම ලියවිල්ලට අනුව තුන්වෙනිදා උත්ථාන විය. එසේම උන් වහන්සේ නැවත එනවා! ක්‍රිස්තුස් වහන්සේ තුළ මැරුණ අය නැගිටවනු ලබයි. එසේම උන් වහන්සේ පැමිණෙන විට ජීවත්ව සිටින ඇදහිලිවතුන්ව මහිමවත් ශරීරයකට මාරු කරයි (1 තෙසලෝනික 4:13-18). යේසුස් වහන්සේගේ උත්ථානය ගැලවීමට වැදගත් වන්නේ ඇයි? ඉන් ප්‍රකාශ කරන්නේ අපගේ පාපයන්ට යේසුස් වහන්සේ කළ පූජාව දෙවියන් වහන්සේ පිළිගත් බවය. ඉන් සහතික කරනවා දෙවියන් වහන්සේට බලය තිබෙනවා අපවද මරණයෙන් එසවීමට. යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නා මරණය තුළම නොරැඳෙන බව ඉන් සනාථ කරයි. නමුත් සදාකාල ජීවනයට උත්ථාන වන බවත් එයයි අපගේ අසිරිමත් බලාපොරොත්තුව.

English



නැවතත් සිංහල මුල් පිටුවට

යේසුස් වහන්සේගේ උත්ථානය වැදගත් වන්නේ ඇයි?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries