settings icon
share icon
ප්‍රශ්නය

විශ්‍රාමය සම්බන්ධයෙන් කිතුණු දැක්ම කුමක්ද?

පිළිතුර


කිතුණුවන් විශ්‍රාම අවධිය කරා ළඟා වන විට විශ්‍රාමික වසරවලදී කිතුණුවෙකු කළ යුත්තේ කුමක්දැයි ඔවුන් බොහෝ විට කල්පනා කරනු ලබයි. කිතුණුවන් රැකියා ස්ථානයෙන් විශ්‍රාම ගන්නා විට කිතුණු සේවයෙනුත් විශ්‍රාම ගන්නේද? කිතුණුවෙකු විශ්‍රාමය දැකිය යුත්තේ කෙසේද?

යම් පුද්ගලයෙකු එක්තරා වයසක් සම්පූර්ණ කරන විට ඔහුගේ රැකියාවෙන් විශ්‍රාම ගත යුතුයැයි බයිබලීය ප්‍රතිපත්තියක් නොතිබුණද ලෙවීවරුන් සහ කුඩාරමේ කාර්‍යයන් පිළිබඳ උදාහරණ සඳහන්ය. ගණන් කථාව 4 වෙනි පරිච්ඡේදයේ කුඩාරමේ සේවය සඳහා ලෙවී පුරුෂයින් වයස අවුරුදු 25-50 දක්වා ගණන් කර තිබූ අතර වයස අවුරුදු 50න් පසු සාමාන්‍ය සේවයෙන් ඔවුන් විශ්‍රාම ගත යුතුව තිබුණි. "ඔවුන්ගේ සහෝදරයින්ට සහය වීම" නොකඩවා කරගෙන යා හැකි වූ නමුත් නොකඩවා සේවය කළ හැකි නොවීය (ගණන් කථාව 8:24-26).

අපගේ වෘත්තීන්ගෙන් අපට විශ්‍රාම ගත හැකි වුවද ("පූර්ණ කාලීන" කිතුණු සේවයෙන් පවා), ස්වාමින්වහන්සේට සේවය කිරීමේ ක්‍රමය වෙනස් වුවද අප කිසිවිට උන්වහන්සේට සේවය කිරීමෙන් විශ්‍රාම ගත නොයුතුය. ස්වාමින් වහන්සේට නොකඩවා විශ්වාසවන්තව සේවය කළ ඉතා මහළු පුද්ගලයින් දෙදෙනෙක් පිළිබඳව ලූක් 2:25-38 (සිමියොන් සහ ආනා) හි සඳහන්වේ.

වැඩිමහල් වැන්දඹුවක් වූ ආනා උපවාසයෙන් සහ යාච්ඤාවෙන් දේවමාලිගාවේ සේවයේ යෙදුණාය. වැඩිමහල් පුරුෂයින් සහ කාන්තාවන් තම ජීවිත අත්දැකීමෙන් තරුණ පුරුෂයින් සහ කාන්තාවන් හට ජීවත් වීමට ඉගැන්විය යුතු බව තීතස් 2හි සඳහන්වේ.

කෙනෙකුගේ සැඳෑ සමය සුඛ විහරණය සඳහා පමණක් වැය කළ යුත්තක් නොවේ. සුඛ විහරණය සඳහා ජීවත් වන වැන්දඹුව ජීවත් වුවත් මිය ගිය තැනැත්තියකි (1 තිමෝති 5:6). හැකි නම් "සුඛ විහරණය " සමඟින් බොහෝ දෙනා විශ්‍රාමය ගෙවා දමන්නේ බයිබලීය උපදෙස් වලට පටහැනිවය. ගොල්ෆ් ක්‍රීඩා කිරීමට, සමාජ කටයුතු හෝ වින්දනීය කටයුතු වල නියැලීමට විශ්‍රාමිකයින්ට නොහැකි යැයි මෙයින් පවසන්නේ නැත. කුමන වයසකදී වුවද කෙනෙකුගේ මූලික අවධානය මේවා නොවිය යුතුය.

2කොරින්ති 12:14 සඳහන් කරන්නේ දරුවන් සඳහා ඉතිරි කිරීම මව්පියන්ගේ යුතුකම බවය. දුරින් බැලූ විට කෙනෙකුට "ඉතිරි කළ" හැකි අගනාම දෙය චන්නේ දරු මුණුපුරන් සහ ඔවුන්ගේ දරුවන් සඳහා උරුම කර දිය හැකි ආත්මීය දායාදයයි. පවුලේ වැඩිමහල් "පීතෘවරයෙකුගේ" හෝ "මාතෘවරියකගේ" භක්තිමත් යාච්ඤාවෙන් පරම්පරා ගණනාවක පැවතෙන්නන් හට බලපා ඇත.

කිතුණුවෙකු කිසිවිටෙක ක්‍රිස්තුස්වහන්සේගේ සේවයෙන් විශ්‍රාම යන්නේ නැත. ඔහු කරන්නේ ඔහුගේ රැකියා ස්ථානයේ ලිපිනය වෙනස් කිරීම පමණි. සාරංශ වශයෙන් යමෙකු "විශ්‍රාමික අවධියට" (කුමක් වුවද) පැමිණි පසු වෘත්තීය වෙනස් විය හැකි වුවද ස්වාමින් වහන්සේට සේවය කිරීමේ කෙනෙකුගේ රාජකාරිය වෙනස් නොවේ. දෙවියන්වහන්සේ සමග ජීවිත කාලයක් ගමන් කිරීමෙන් පසු තම ජ්විත තුළ දෙවියන්වහන්සේ ක්‍රියා කළ ආකාරය මගින් දේව වචනයේ සත්‍යතාවයන්ට බොහෝ විට සාක්ෂි දිය හැකි වන්නේ මෙම "ජ්‍යෙෂ්ඨ සාන්තුවරයින්ටය". ගීතිකා කාරයාගේ යාච්ඤාව අප වියපත් වන විට අපගේ යාච්ඤාවද විය යුතුය: "අනේ දෙවිඳුනි! පැසුණු කෙස් සහිතව මහලු වියේ සිටින මා අත්නෑරිය මැනව. ඔබේ මහිමය සහ ශක්තිය මතු පරම්පරාවලට කියාපාන තෙක් මා සමඟ සිටිය මැනව".

English



නැවතත් සිංහල මුල් පිටුවට

විශ්‍රාමය සම්බන්ධයෙන් කිතුණු දැක්ම කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries