settings icon
share icon
ප්‍රශ්නය

යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීම නම් කුමක්ද?

පිළිතුර


යේසුස් වහන්සේගේ දෙවන පැමිණීම දෙවියන් වහන්සේ සියලු දේවල් පාලනය කරන්නා හැටියට අදහන සෑම ඇදහිලිවන්තයන්ගේ බලාපොරොත්තුවයි. එමෙන්ම උන් වහන්සේගේ වචනයේ දුන් පොරොන්දු හා අනාවැකි සම්පූර්ණ කිරීමට විශ්වාස වන්තයි. උන් වහන්සේගේ පළමු පැමිණීමේදී යේසුස් වහන්සේ බෙත්ලහෙමේ ගව ඔරුවක ළදරුවෙකු ලෙසට පැමිණියේය, අනාගත වාක්‍යයෙන් පවසා ඇති අයුරටම. මෙසියෙස් වහන්සේ ගැන දී ඇති බොහෝ අනාවැකි දෙවියන් වහන්සේ (යේසුස් වහන්සේ) මේ පොළොවට ඉපදෙන අවස්ථාවේදී සම්පූර්ණ කළා. එමෙන්ම ජීවිතයෙන්, සේවයේදී හා මරණයේදිත්, උත්ථානයේදිත්. කෙසේ වෙතත් මෙසියස් වහන්සේ පිළිබඳව සඳහන් කර ඇති සමහර අනාවැකි සම්පූර්ණ වී නැත තවමත්. යේසුස් වහන්සේගේ දෙවන පැමිණිම තුළින් එම සිදු නොවුනාවූ අනාවැකි සම්පූර්ණ කරයි. උන් වහන්සේගේ පළමු පැමිණීම යේසුස් වහන්සේ දුක් විඳින දාසයා ලෙස වේ. උන් වහන්සේගේ දෙවන පැමිණීමේදී, යේසුස් වහන්සේ විජයග්‍රහනයේ රජ වේ. උන් වහන්සේගේ පළමු පැමිණීම, යේසුස් වහන්සේ සියලු කාරණා තුළ යටහත් ලෙස පැමිණියා. උන් වහන්සේගේ දෙවන පැමිණීමේදී උන් වහන්සේගේ පැත්තට සවර්ගයේ සිට හමුදාවල් සමග පැමිණෙයි.

පරණ ගිවිසුමේ අනාගතවක්තෘ පැහැදිලි විස්තරයක් මේ දෙක අතර පෙන්වා නැත. මෙය යෙසායා 7:14; 9:6-7 හා සෙකරියා 14:4 හී දැක ගත හැක. ඊට පිළිතුරු වශයෙන් කරුණු දෙකක් (වෙනස්) පිළිබඳව කථා කරයි. බොහෝ බයිබල් විශාරදයන් (යුදෙව්) මෙය දෙකක් ලෙස සිතයි. එනම් දුක් විඳින මෙසායා හා රජ කරන මෙසායා ලෙසට වේ. ඔවුන්ට තේරුම් ගැනීමට අපහසුවූ දෙය නම් ඇත්තේ එක මෙසියස් වහන්සේ කෙනෙක් බවට. එමෙන් කාරණා දෙකම උන් වහන්සේ සම්පූර්ණ කරයි. යේසුස් වහන්සේ දුක් විඳින දාසයාගේ චරිතය සම්පූර්ණ කරා (යෙසායා 53) උන් වහන්සේගේ පළමු පැමිණීමේදී. යේසුස් වහන්සේ ඊශ්‍රායෙල් මිදුම්කරු හා රජගේ චරිතය උන් වහන්සේගේ දෙවන පැමිණීමේදී සම්පූර්ණ කරයි. සෙකරියා 12:10 හා එළිදරව් 1:7 හී දෙවන පැමිණීම විස්තර කරයි, යේසුස් වහන්සේගේ පහර ලැබීම ගැන ආපසු හැරී බලන්න. ඊශ්‍රායෙලය හා මුලු ලෝකයම, වැලපෙන්නට යනවා ඔවුන් උන් වහන්සේව පළමු පැමිණීමේදී පිළිනොගත්තාට.

යේසුස් වහන්සේ ස්වර්ගයට ඔසවා ගත්තාට පසුව, දේව දූතයන් අපෝස්තුලු වරුන්ට ප්‍රකාශ කරා “ගලීලයේ මිනිසුන්” “නුඹලා ස්වර්ගය දෙස බල බලා සිටින්නේ මක්නිසාද? නුඹලා කෙරෙන් ස්වර්ගයට ඔසවා ගනු ලැබූ මේ යේසුස් වහන්සේ ස්වර්ගයට යනවා නුඹලා දුටු ආකාරයෙන්ම එනවා ඇතැයි ඔවුන්ට කීවෝය” (ක්‍රියා 1:11). සෙකරියා 14:4 දෙවන පැමිණීමේ ප්‍රධාන ස්ථානය ලෙසට ඔලිව කන්ද හඳුන්වා දී ඇත. මතෙව් 24:30 පවසනවා “එකල මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ අහසේ පෙනෙන්නේය. එවිට පොළොවේ සියලු ගෝත්‍රයෝ වැලපෙන්නෝය, ඔව්හූ මනුෂ්‍ය පුත්‍රයා බලයෙන්ද මහත් තේජසින්ද අහසේ වලාකුළ් පිට එනවා දකින්නෝය.” තීතස් 2:13 දෙවන පැමිණීම “මහිමාන්විත ප්‍රකාශවීම” ලෙස හඳුන්වයි.

දෙවන පැමිණීම විස්තරාත්මකව එළිදරව් 19:11-16 හී ප්‍රකාශ කරයි, “එවිට ස්වර්ගය ඇරී තිබෙනවා දුටුමි, බලව, සුදු අශ්වයෙක් සිටියේය. විශ්වාසය, සැබෑයයි කියනු ලැබූ තැනන් වහන්සේ ඌ පිට වැඩහුන් සේක. උන් වහන්සේ ධර්මිෂ්ඨකමින් විනිශ්චයත් යුද්ධයත් කරන සේක. උන් වහන්සේගේ ඇස් ගිනි දැල්ලක්ය. උන් වහන්සේගේ හිසේ බොහෝ මකුට තිබේ, උන් වහන්සේම මිස අන් කිසිවෙක් නොදන්නාවූ නමක් උන් වහන්සේට එහි ලියා තිබේ. තවද උන් වහන්සේ ලේ ඉසිනු ලැබූ වස්ත්‍රයක් පැළඳ සිටි සේක. උන් වහන්සේගේ නාමය දෙවියන් වහන්සේගේ වාක්‍යයාණෝයයි කියනු ලැබේ. ස්වර්ගයෙහි සිටින සේනාවෝ සුදුවූ පවිත්‍ර සිහින් වස්ත්‍ර හැඳ, සුදු අශ්වයන් පිටින් උන් වහන්සේ පස්සේ ගියෝය. ජාතීන්ට පහරදෙන පිණිස උන් වහන්සේගේ මුඛයෙන් තියුණු කඩුවක් නික්මෙයි. උන් වහන්සේ යදණ්ඬකින් ඔවුන් ආණ්ඬු කරන සේක. උන් වහන්සේ සර්වපරාක්‍රම දෙවියන් වහන්සේගේ කෝපයේ උදහස නමැති මුද්‍රිකපැස මඩින සේක. උන් වහන්සේගේ වස්ත්‍රයෙහිද කළවයෙහිද රජ වරුන්ගේ රජය, ස්වාමි වරුන්ගේ ස්වාමින් වහන්සේය උන නාමය ලියා තිබේ.”

English



නැවතත් සිංහල මුල් පිටුවට

යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීම නම් කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries