settings icon
share icon
ප්‍රශ්නය

පළමුව දෙවියන්වහන්සේගේ රාජ්‍යය සෙවීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

පිළිතුර


යේසුස්වහන්සේ කන්ද උඩ දේශනාවෙන් පළමුව දෙවියන් වහන්සේගේ රාජ්‍යය සෙවීමට කීවේය (මතෙව් 6:33). මෙම පදයෙහි අර්ථය එය පෙනෙන තරම් සෘජුය. අප ලෝකයේ දේවලට වඩා ප්‍රමුඛතාවයක් ලෙස දෙවියන්වහන්සේගේ දේවල් සෙවිය යුතුය. මූලික වශයෙන්, එයින් අදහස් කරන්නේ අප දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ආවේණිකවූ ගැළවීම සෙවිය යුතු බැවින් එය ලෝකයේ සියලු ධනයට වඩා වැඩි වටිනාකමක් ඇති බවය. මෙයින් අදහස් කරන්නේ අපගේ ජීවිතය පවත්වා ගැනීමට උපකාර වන සාධාරණ හා දෛනික යුතුකම් අප නොසලකා හැරිය යුතු බවද? නිසැකවම නැත. නමුත් කිතුනුවන්ට ඔවුන් කෙරෙහි දක්වන ආකල්පයේ වෙනසක් තිබිය යුතුය. අපි දෙවියන්වහන්සේගේ ව්‍යාපාරය ප්‍රමුඛතාවයක් ලෙස සලකන්නේ නම්, එනම් උන්වහන්සේගේ ගැළවීම සෙවීම, උන්වහන්සේට කීකරුවෙමින් ජීවත්වීම සහ රාජ්‍යයේ ශුභාරංචිය අන් අය සමඟ බෙදා ගැනීම වැනිදේ නම්, උන්වහන්සේ පොරොන්දුවූ පරිදි අපගේ ව්‍යාපාරය රැකබලා ගනු ඇත, කරදර වන්නේ කොහේද?

නමුත් අපි මුලින්ම දෙවියන්වහන්සේගේ රාජ්‍යය සොයන්නේ දැයි දැන ගන්නේ කෙසේද? අපට අපෙන්ම අසා ගත හැකි ප්‍රශ්න තිබේ. "මම මූලික වශයෙන් මගේ ශක්තිය වැය කරන්නේ කොතැනින්ද? මගේ කාලය හා මුදල් සියල්ලම නිසැකවම විනාශ වන භාණ්ඩ හා ක්‍රියාකාරකම් සඳහා වැය කරනවාද? නැතහොත් දෙවියන්වහන්සේගේ සේවය සඳහාද? එහි ප්‍රතිපල සදාකාලිකව පවතින්නේද? දෙවියන්වහන්සේට සැබවින්ම මුල් තැන දීමට ඉගෙනගත් ඇදහිලිවන්තයන්ට මෙම ශුද්ධ ගතිකයේ රැඳී සිටිය හැකිය: "...මේ සියල්ල ඔබටත් දෙනු ලැබේ."

දෙවියන්වහන්සේ තමාගේ අවශ්‍යතා සපුරාලන බවට පොරොන්දුවී ඇත, සෑම අවශ්‍යතාවක්ම සපයයි (පිලිප්පි 4:19), නමුත් අපට අවශ්‍යදේ පිළිබඳ උන්වහන්සේගේ අදහස බොහෝවිට අපට වඩා වෙනස්වන අතර උන් වහන්සේගේ කාලය ඉඳහිට අපේ අපේක්ෂාවන් සපුරාලනු ඇත. නිදසුනක් වශයෙන්, අපගේ අවශ්‍යතාවය ධනය හෝ දියුණුව ලෙස අපට පෙනෙනු ඇත, නමුත් සමහරවිට දෙවියන්වහන්සේ දන්නවා අපට සැබවින්ම අවශ්‍ය වන්නේ දිලිදුකමේ කාලයක්, අලාභය හෝ හුදකලාව කාලය බව. මෙය සිදුවූවිට, අපි හොඳ සමාගමක සිටිමු. දෙවියන්වහන්සේ යෝබ්ට සහ එලියාට ප්‍රේම කළ නමුත් උන්වහන්සේ සාතන්ට යෝබ්ව පරීක්ෂා කිරීමට ඉඩ හැරියේය (සියල්ලම උන්වහන්සේගේ විමසි මේ දෙනෙත් ඉදිරියේ තිබේ), එම නපුරු ස්ත්‍රියවූ යෙසබෙල්ට තම අනාගතවක්තෘ එලියාගේ ආත්මය කැලබිමට උන්වහන්සේ ඉඩ හැරියේය (යෝබ් 1-2; 1 රාජාවලිය 18-19). අවස්ථා දෙකේදීම, දෙවියන්වහන්සේ මෙම පරීක්ෂාවන් යථා තත්වයට පත් කිරීම හා පෝෂණය කිරීම අනුගමනය කළහ.

රාජධානියේ මෙම "නිෂේධාත්මක අංගයන් ලොව පුරා ප්‍රචලිත වෙමින් පවතින ඊනියා "සමෘද්ධිය ශුභාරංචිය මඟක් පාදයි. බොරු ගුරුවරුන් වැඩි වැඩියෙන් අනුගාමිකයන් එක්රැස් කරමින් සිටින්නේ "දෙවියන්වහන්සේ ඔබ ධනවත් වීමට කැමතියි!"නමුත් එම දර්ශනය බයිබලයේ උපදෙස් නොවේ. එය නිසැකවම මතෙව් 6:33 හී උපදෙස් නොවේ. එය ධනය ලබා ගැනීමේ සූත්‍රයක් නොවේ. නමුත් දෙවියන්වහන්සේ ක්‍රියා කරන ආකාරය පිළිබඳ විස්තරයකි. යේසුස්වහන්සේ ඉගැන්වූයේ අපගේ අවධානය මේ ලෝකයෙන්, එනම් එහි තත්වය සහ බොරු ආකර්ෂණයන්ගෙන් ඉවත් දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ දේවල් කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

පළමුව දෙවියන්වහන්සේගේ රාජ්‍යය සෙවීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries