settings icon
share icon
ප්‍රශ්නය

කිතුණුවකු ආත්ම සම්මානය නිරීක්ෂණය කළ යුත්තේ කෙසේද?

පිළිතුර


බොහෝ අය ආත්ම සම්මානය නිර්වචනය කරනු ලබන්නේ ර්‍ණනිපුණතාවයල සම්ප්‍රසාධනයල තරාතිරමල මූල්‍ය සම්පත් සහ පෙනුම මත රැඳුනු වටිනාකමෙහි හැගීම්ය, මෙආකාර ආත්ම සම්මානය යම්කෙනෙකු තුළ ස්වාධීනත්වය සහ උඩගුකම මෙන්ම ස්ව නමස්කාරයකට යොමුවීම තුළින් දෙවියන්වහන්සේ කෙරෙහි ඇති ආශාවට උදාසීනභාවයක් ඇති කරයි. යාකොබ් 4:6 හි ප්‍රකාශ කරනු ලබන්නේ, දෙවියන්වහන්සේ උඩගු වූවන්ට විරුද්ධව සිට යටහතුනිට කරුණාව දෙන සේක. අප ලෞකික සම්පත් කෙරෙහි පමණක් අපගේ විශ්වාසය තබා ඇත්නම් අප අවිකල්පයෙන්ම අපගේ උඩගුකම මත පදනම්වූ වටිනාකමකින් ඉතිරිවී සිටින්නෝ වෙමු. යේසුස් වහන්සේ, එසේම නුඹලාත් නුඹලාට අණකළ සියල්ල කල පසුථ අපි නිශ්ප්‍රයෝජන දාසයෝයල අප විසින් කටයුතුව තිබුණු දේ කළෙමුවයි කියාපල්ලාගණී යයි කීසේක. ලුක් 17:10

එයින් අදහස් වන්නේ කිතුණුවන්ට අව ආත්ම සමමානයක් තිබිය යුතුය යන්න නොවේ. ඉන් අදහස් කරන්නේ අප යහපත් පුද්ගලයකු විය යුතුය යන්න රදා පවතින්නේ හුදෙක් අපගේ ක්‍රියාවන් මත නොව අප ක්‍රිස්තුස්වහන්සේ තුළ කව්රුන්ද යන්න මතය. අප එතුමන් අභියස යටහත් විය යුතු අතර උන්වහන්සේ අපට ගෞරව කරනු ලබන සේකග ගීතාවලිය 16:2 හි අපට මතක් කර දෙනු ලබන්නේ, ඔබ මාගේ ස්වාමින් වහන්සේය. ඔබ හැර යහපතක් මට නැතැයි ස්වාමින්ට කීමී. කිතුණුවන් ආත්ම වටිනාකම සහ ආත්ම සමමානය අත්පත් කරගන්නේ දෙවියන්වහන්සේ හා සමග නිසි සමබන්ධතාවයක් පැවැත්වීමෙන්ය. අපට මහත් වටිනාකමක් ඇති බවට අප දැනගන්නේ දෙවියන් වහන්සේ උන් වහන්සේගේ එකම පුත්වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ කරණකොටගෙන උතුමිම මිලය ගෙවූ බැවිනිග

එක් ආකාරයකින් කිවහොත්, අව ආත්ම සම්මානය උඩගුකමෙහි විරුද්ධාර්ථයවේ. තවත් ආකාරයකින් කිවහොත් අව ආත්ම සම්මානය උඩගුකමෙහි එක් ස්වරූපයකිග සමහරුන් අව ආත්ම සම්මානය පවත්වාගෙන යනු ලබන්නේ අන් අයට ඔවුන් පිළිබද යම් කනස්සලූභාවයක් ඇති කරවීමටත්ල ඔවුන් කෙරෙහි අවධානය ඇති කරවීමට සහ ඔවුන්ව සනසවාලීමටත්ය. අව ආත්ම සම්මානය වනාහී ර්‍ණමා දෙස බලන්නණී යන ප්‍රකාශනය දක්වන්නාවූ උඩගුකම හා සමානවූ දෙයක් විය හැකග එය වූ කලී එකම ගමනාන්තය කරා පා නැගීමට භාවිතා කරන්නාවූ විකල්ප මාර්ගයක් හා වැනිවූ ආත්ම ප්‍රලයනයල ආත්ම ප්‍රග්රස්තය සහ ආත්මාර්ථකාමිත්වය වග ඒ වෙනුවට අප පරාර්ථකාමීල තම කමට මැරුණාවූ එමෙන්ම අපට කෙරෙහි වූ අවධානය හැරවිය යුත්තේ අපව මවා ස්ථිර කරන්නාවූ දෙවියන්වහන්සේ් කෙරෙහියග

දේව වචනයේ අපට කියනුයේ දෙවියන් වහන්සේ අපව උන් වහන්සේගේම සෙනග ලෙස මිලදී ගත් අවස්ථාවෙිදි අපට වටිනාකමක් දුන් බවයි. එපිස 1:14– මේ හේතුව කරණකොටගෙන සියළු ගෞරවය සහ ප්‍රශංසාව ලැබීමට වටින්නේ උන්වහන්සේ පමණි. අපට සුවදායක ආත්ම සම්මානයක් තිබෙන විට අප අපටම යහපත් වටිනාකමක් දෙන්නේ අපව වහල් භාවයට ගෙන යන පාපයට හසු නොවන පිණිසයග ඒ වෙනුවට අප අපව යටහත් කමින් හසුරුවාගෙන අනෙක් අය අපට වඩා උතුම් යයි සැලකිය යුතුය. පිලිප්පි 2:3– රෝම 12:3 හි අපට අනතුරු අගවන්නේ, නුඔලා එකිනෙකා සුදුසු තරමට වඩා තම තමා ගැන උතුම් කොට නොසිතා දෙවියන් වහන්සේ එකිනෙකාට බෙදා දුන් ඇදහිල්ලේ ප්‍රමාණය ලෙස පමණ දැන සිතනගන ලෙසය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුණුවකු ආත්ම සම්මානය නිරීක්ෂණය කළ යුත්තේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries