settings icon
share icon
ප්‍රශ්නය

අපි දිනපතා පව් කරනවාද? පව් නොකර මූළු දවසක් ගත කළ හැකිද?

පිළිතුර


සෑම දිනකම අප පව්කාර ක්‍රියාවක් කරන බවට විශේෂයෙන් බයිබල් පදයක් නොතිබුණද , අපට ඕනෑම මොහොතක පව් කිරීමේ හැකියාව උරුම වී ඇති බව මතක් කර දෙන පද තිබේ. "පාපය එක් මිනිසෙකු තුළින්ද, පාපය තුළින් මරණයද ලෝකයට ඇතුල් විය. මේ ආකාරයට සියළු මනුෂ්‍යයන්ට මරණය පැමිණියේය. මන්ද සියල්ලෝම පව් කළහ (රෝම 5:12). "සැබවින්ම මම උපතේදීම පව්කාරය, මගේ මව් මා පිළිසිඳ ගත් දා පටන්ම පව්කාරයෙකි". (ගීතාවලිය 51:5). ඊට අමතරව අප කිසිවිටෙකත් නොපවත්වන, දිනපතා ඉතාමත් අඩුවෙන් පවත්වන අප දන්නා විධානයන් ඇත. නිදසුනක් වශයෙන්, සෑම දිනකම සෑම මොහොතකම, දෙවියන් වහන්සේට මුළු හදවතින්ම, මනසින් හා ආත්මයෙන් ප්‍රේම කරන බව පැවසිය හැක්කේ කාටද? කිසි කෙනෙකු නැත. නමුත් එය උතුම් ආඥාව වේ (මතෙව් 22:36-38). සෑම විටම දෙවියන් වහන්සේට සම්පූර්ණයෙන් ප්‍රේම කිරීමට අපොහොසත්වීම කිතුනුවන්ගේ දෛනික පාපයකි.

අපගේ පරණ පව්කාර ස්වභාවයේ රැවටිලිකාරකාම ගැන අඟවන පදයක්ද අප සතුව ඇත. එය එක්තරා ආකාරයකින් අපට අනතුරු අඟවන්නේ දෛනික පාපයේ විභවය ගැන නොව, සම්භාවිතාව ගැනය. "සියල්ලට වඩා සිත රැවටිලිකාරව තිබේ. ඒක දුෂ්ටවම තිබේ. ඒක කාට දැනගන්ට පුළුවන්ද?" (යෙරමියා 17:9). ප්‍රේරිත පාවුල්තුමා පවා පාපයට එරෙහි සටන ගැන කලකිරී සිටියේය. "මක්නිසාද අභ්‍යන්තර මනුෂ්‍යයාගේ ප්‍රකාරයට මම දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවට ප්‍රිය වෙමි. නමුත් මාගේ සිතේ ව්‍යවස්ථාවට විරුද්ධව යුද්ධ කරන්නාවූ, මාගේ අවයව තුළ තිබෙන පාපයාගේ ව්‍යවස්ථාව යටතෙහි තිබෙන මා වහල්කමට පමුණුවන්නාවූ අන්‍ය ව්‍යවස්ථාවක් මාගේ අවයව තුළ තිබෙන බව බව මට පෙනේ." (රෝම 7:22-23). පාපයට ඇති මෙම හැකියාව නිසා ඔහු මංමුලා සහගත ලෙස අඬන්නට විය. "අනේ මම කාලකණ්නි මනුෂ්‍යයෙක්ය! මේ මරණයේ ශරීරයෙන් මා මුදන්නේ කවුද?" (රෝම 7:24).

තමාට සහ සියළු මනුෂ්‍යයන්ට පාපයේ විභවයක් ඇති බව පමණක් නොව, අප සියළු දෙනාම එම හැකියාව පුරුද්දක් ලෙස ක්‍රියාත්මක කරන බව සලමොන් හොඳින් දැන සිටියේය. දේව මාළිගාව කැප කිරීමේ ඔහුගේ යාච්ඤාවේදී ඔහු මෙසේ ප්‍රකාශ කළේය. " පව් නොකරන මනුෂ්‍යයෙක් නැත. එබැවින් ඔවුන් ඔබට විරුද්ධව පව් කරන්ටත්" (1 රාජාවලිය 8:46). සාලමොන් නැවතත් දේශනාකාරයා පොතේ ඒ ගැන කථා කළේය. "පව් නොකර යහපතම කරන ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් සැබවින්ම පොළොවෙහි නැත" (දේශනාකාරයා 7:20). නැවතත්, මෙම පදවල දෛනික පාපය නිසැකවම නොපෙන්වන නමුත්, අපට කිසිම පාපයක් නොමැති බව ඕනෑම මොහොතක බව පැවසීමේ උඩඟුකමට එරෙහිව ඒවා නිසැකවම අපට අනතුරු අඟවයි.

සුභාරංවිය නම්, සදහටම දිනපතා පාපයට එරෙහිව මහත් පරිශ්‍රමයක් දරන්නට සිදු නොවන බවයි. යම් දවසක අපි අපගේ ගැළවුම්කාරයා සමඟ ස්වර්ගයේ සිටින අතර, පාපයේ අභිමුඛත්වයෙන් හා එහි බලයෙන් නිදහස් වන්නේ දැනටමත් එහි දඬුවමෙන් නිදහස් වූවාක් මෙන්මය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

අපි දිනපතා පව් කරනවාද? පව් නොකර මූළු දවසක් ගත කළ හැකිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries