settings icon
share icon
ප්‍රශ්නය

බයිබලය වහල්කමට කමා කරනවාද?

පිළිතුර


වහල්කම පසුගියාව හෝ අතීතයට අයත් දෙයක් ලෙස සිතීමට සමහරු හුරුව ඇත. නමුත් අද ගණන් කළ බැලුවහොත් මිලියන 12 කට වඩා අධික ප්‍රමාණයක් මිනිසුන් වහල්කමට අයත්ව සිටිති. බලහත්කාර වහල්කම, ලිංගික පැත්තෙන්, දේපළ උරුමය හා තවත්. පාපයේ වහල්කමින් සිට මිදුනාවූ අය හැටියට ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයින් තමයි අතී ශුරයන් වන්නේ මිනිස් වහල්කම අවසාන කිරීමට අද ලෝකයේ. හටගන්නා ප්‍රශ්න නම්, බයිබලයේ අද ඇයි දැධි ලෙසට වහල්කමට එරෙහිව කථා නොකරන්නේ? බයිබලය වහල්කමට එකඟව කථා කරන්නේ ඇයි? බයිබලය එවැනි දෙයක් සමග කථා කරන බවට අපට හැඟෙන්නේ ඇයි?

බයිබලය විශේෂයෙන්ම වහල්කම හෙලා දැක කථා නොකරන අතර, එහි උපදෙස් දෙනවා වහලුන්ට සැලකිය යුතු ආකාරය පිළිබඳව (ද්විතීය කථාව 15:12-15; එපීස 6:9; කොලොස්සි 4:1), නමුත් වහල්කම නීතියෙන් ඉවත්වූවක් ලෙස නොපවසයි. බොහෝ අය සිතනවා ඕනම ආකාරයක වහල්කමක් බයිබලය කථා කරන බවට. නමුත් වෙනසකට තිබෙන්නේ එදා බයිබලයේ සඳහන් කරන්නාවූ වහල්කමක් පසුගිය ශත වර්ෂ කිහිපය තුළ මේ ලෝකයේ බොහෝ ස්ථානවල සිදුවුනාවූ වහල්කම් වලට වඩා වෙනස්වේ. බයිබලයේ වහල්කම ජාති භේද මත සිදුවූවක් නොව. මිනිසුන්ගේ ජාතිය හෝ හමේ පාට නිසා මිනිසුන්ව වහල්කමට ගත්තා නොව. බයිබල් කාලයේ වහල්කම බොහෝ විට සමාජ තත්වයන් නිසා වේ. මිනිසුන් තමාව වහල්කමට විකුණනවා තමන්ගේ ණය වලට හිලව්වක් ලෙස හෝ පවුල නඩත්තු කිරීමට අවශ්‍ය මුදල් උපයා ගැනීමට. අළුත් ගිවිසුමෙහි කාලවල, සමහර වෛද්‍යවරු, නීතිඥයන් හා දේශපාලකයින්ද තවත් කාට හරි වහලෙකි. සමහර නියත වශයෙන්ම, වහලෙක්වීමට තෝරා ගන්නවා තමන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගැනීම හේතුවෙන්.

පසුගිය ශත වර්ෂ කීපය තුළ සිදුවුනාවූ වහල්කම බොහෝවිට සිදුවූයේ හමේ පාට හේතුවෙන්. එක්සත් ජනපදයේ බොහෝ කළු ජාතීන් වහලුන් ලෙස ගණන් ගනු ලැබුවා ඔවුන්ගේ ජාතියේ හේතුවෙන්. බොහෝ වහලුන්ව තබාගෙන සිටියාවූ අය (වහලුන්ගේ හිමිකරුවන්) සිතුවේ වහලුන් අගේ අඩු අය ලෙසටයි. බයිබලය ජාතිභේද හේතුවෙන් හට ගන්නා වහල්කමට එරෙහිව දැඩි ලෙස හෙලාදකී. මතක්කර ගන්න හෙබ්‍රෙව්වරුන් මිසරයේ වහල්කම තුළ සිටින විට අත් දැකීම්. හෙබ්‍රෙව්වන් වහලුන්ව සිටියා, කැමැත්තෙන් නොව, නමුත් ඔවුන් හෙබ්‍රෙව්වන් නිසා (නික්මයාම 13:14). දෙවියන් වහන්සේ මිසරවරු වෙත එවූ ඒ වසංගත බැලූවිට උන් වහන්සේ ජාතිභේද වහල්කම ගැන අදහස් කරන දෙය අපට සිතිය හැක (නික්මයාම 7:11). ඉතින්, ඔව්, බයිබලය සමහර වහල්කම් හෙලාදකියි. එසේම තවත් අවස්ථාවල සමහර වහල්කම්වලට ඉඩ හරි. නමුත් මූලික දෙය නම් බයිබලයේ ඉඩදී තිබෙන වහල්කම කිසිම විටක සමාන කළ නොහැක ජාතිභේද වහල්කමට. අපගේ ලෝකයේ වසංගතයක් මෙන් පසුගිය ශත වර්ෂවල තිබූ ලෙස.

එයට එකතු කිරීමක් ලෙස පරණ හා අළුත් ගිවිසුම් දෙකම හෙලා දකිනවා “මිනිස් සොරකම” අප්‍රිකාවේදී 19 වන ශත වර්ෂයේ සිදුවූ. අප්‍රිකාව වටව සිටියේ වහල්-දඩයක් කරුවන්ගෙන්, ඔවුන් තමාව වහලුන් ලෙස විකුණා ගෙන තිබණා. ඔවුන් ඔවුන්ව අළුත් ලෝකයකට ගෙනවිත් වගා කිරීමට හා වතුවල වැඩ කිරීමට යොමු කරා. මෙම ක්‍රියාව දෙවියන් වහන්සේට පිළිකුලක්. මෙවැනි ක්‍රියාවලට මෝසස්ගේ ව්‍යවස්ථාවේ හිමි දඬුවම මරණයයි. “මනුෂ්‍යයෙකු සොරකම් කොට විකුණන්නාවූ නොහොත් තමා සමග තබා ගන්නාවූ තැනැත්තා සැබවින්ම මරනු ලැබිය යුතුය” (නික්මයාම 21:16). එසේම අළුත් ගිවිසුමෙහි වහල්කම ලැයිස්තු ගත කර ඇත. ඒවා, “දෙවියන් වහන්සේගෙන් නොවූ හා පව්කාර” හරියට තම දෙමව්පියන් මැරීම හා සමානයි. මිනීමරුවන්, කාමමිත්‍යාචාර හා වැරදි අතට හරවන්නෝ හා බොරු කාරයෝ හා බොරුවට දිවිරීම (1 තිමෝති 1:8-10).

තවත් දෙයක් නම් බයිබලයෙහි අරමුණ නම් ගැලවීමේ මාර්ගය පෙන්වීමයි. සමාජය අළුත් කිරීමක් නොව. බයිබලය බොහෝවිට ඇතුලතින් පිටතට එන දේවල් ගැන කථා කරයි. මනුෂ්‍යයෙකු ආදරය අත් දැක්කොත්, කරුණාව හා දෙවියන් වහන්සේගේ දයාව ගැලවීම ලැබීමෙන් දෙවියන් වහන්සේ ඔහුගේ ආත්මය අළුත් කරයි. ඔහු සිතන ක්‍රියා කරන අයුරු වෙනස් කරයි. දෙවියන් වහන්සේගේ ගැලවීමේ ත්‍යාගය අත් දැකීම හා පාපයේ වහල්කමෙන් මිදීම. දෙවියන් වහන්සේ ඔහුගේ ආත්මය අළුත් කිරීමෙන් තවත් මනුෂ්‍යයෙකු වහල්කමට ගැනීම වැරදී. දෙවියන් වහන්සේගේ කරුණාව අත් දැකපු මනුෂ්‍යයෙකු අන් අය දෙස කරුණාව දක්වයි. වහල්කම අවසාන කිරීමට බයිබලය දක්වන වැකි වේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

බයිබලය වහල්කමට කමා කරනවාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries