settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ හා මනුෂ්‍ය දූවරු නම් උත්පත්ති 6:1-4 හී කව්ද?

පිළිතුර


උත්පත්ති 6:1-4 හී දේව පුත්‍රයෝ හා මනුෂ්‍ය දූවරු පිළිබඳව කථා කරයි. දේව පුත්‍රයන් කව්දැයි යන්නට බොහෝ මත ඇත. එමෙන්ම ඔවුන් සමග සම්බන්ධවූ මනුෂ්‍ය දූවරුන්ට ලැබුණු දරුවෝ යෝධයෝ බවට පත්වුනේ දැයි යන්නට (එම නිසා තමයි නෙප්හිලිම් නම් වචනය අදහස් කරන්නේ).

දේව පුත්‍රයන් හඳුනා ගැනීමේ සරළ කෝන තුන නම් 1). ඔවුන් වැටුනාවූ දූතයන්, 2). ඔවුන් බලසම්පන්න මනුෂ්‍ය පාලකයින් හා 3). ඔවුන් දේව භක්තික සෙත්ගේ දරුවෝ විවාහ වුනා නපුරු කායින්ගේ දූවරුන් සමග. පළමු දෙයට අවධානය දුන්නොත් පරණ ගිවිසුමේ කොටස් වල “දේව පුත්‍රයෝ” යැයි ආමන්ත්‍රණය කළේ දූතයන්ට (දේවදූතයන්) (යෝබ් 1:6; 2:1; 38:7). මෙයට පටහැනි ප්‍රශ්නය ඇත්තේ මතෙව් 22:30, දේවදූතයන් විවාහ නොවන බව පවසයි. බයිබලය අපට පවසන්නේ නැහැ දේවදූතයන්ට පරම්පරාවක් හෝ බිහිකිරීමට හැකියාවක් ඇති බවට. අනෙක් කාරණා දෙකට මේ ප්‍රශ්නය නැත.

මෙම කරුණු වල ඇති දුර්වලකම නම් 2) හා 3) සාමාන්‍ය මිනිසුන් සාමාන්‍ය දූවරු විවාහවීම නිසා “යෝධයෝ” ඉපදීමට හේතුවක් නැත. එසේ නැති නම් “පුරාණයේ වීරයෝ” ප්‍රසිද්ධියේ මනුෂ්‍යයින්. තවද දෙවියන් වහන්සේ ජල ගැල්ම පොළව මතට එවීමට තීරණය කළේ මන්ද? (උත්පත්ති 6:5-7) දෙවියන් වහන්සේ කිසිම විටක තහනම් කළේ නැහැ ශක්තිමත් මනුෂ්‍යයන් (පිරිමි) හෝ සෙත්ගේ වංශයට විවාහ වෙන්ට එපා කාන්තාවන් හෝ කායින්ගේ වංශය. උත්පත්ති 6:5-7 හී එන්ට යන විනිශ්චය සම්බන්ධ වෙනවා උත්පත්ති 6:1-4 හී සිදුවීමට. එසේ නම් එවැනි දරුණු විනිශ්චයකට සුදුසු වන්නේ දූතයන් හා මනුෂ්‍ය දූවරු විවාහය.

ඉහත සඳහන් පරිදි පළමු ප්‍රකාශයේ දුර්වලකම නම් මතෙව් 22:30 හී ප්‍රකාශය. “මක්නිසාද නැවත නැගිටීමේදී ඔවුන් සරණ පාවාගන්නේවත් සරණ පාවාදෙන්නේවත් නැත. එහෙත් ස්වර්ගයෙහි දේවදූතයන් හා සමාන වෙති.” කෙසේ වෙතත් එම කොටසෙහි පවසන් නැහැ “දූතයන්ට විවාහ වීමට බැරි යැයි” නැති නම් එහි සඳහන් වන්නේ දූතයන් විවාහ නොවන බවය. දෙවනුව, මතෙව් 22:30 හී ප්‍රකාශ කරන්නේ ස්වර්ගයේ සිටින දූතයන්ට එහි වැටුනාවූ දූතයන් ගැන නොවේ. ඔවුන්ට දෙවියන් වහන්සේගේ සැලැස්ම ගැන තැති කමක් නැත, එය විනාශ කිරීමයි ඔවුන්ගේ අරමුණ. සත්‍ය නම් දෙවියන් වහන්සේගේ ශුද්ධ දූතයන් විවාහ වන්නේවත් ලිංගික සම්බන්ධතා ඇතිකර ගන්නේවත් නැත. ඉන් අදහස් නොවේ සාතන් හා ඔහුගේ දූතයන්ටද එසේමයි කියා.

ප්‍රකාශ 1) ඉතාමත් සරිලන තත්වයයි. ඔව්, එය ඉතා වැදගත් “පරස්පර විරෝධි” දෙය නම් දේවදූතයන්ට ලිංගික ආශා නැතැයි පවසමින් ඊට පසු “දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ” වැටුනාවූ දූතයන් මනුෂ්‍ය දූවරු සමග සම්බන්ධවුනා යැයි පැවසීම. කෙසේ වෙතත්, දේවදූතයන් ආත්මික සත්වයන් වීම (හෙබ්‍රෙව් 1:14), ඔවුන්ට මනුෂ්‍ය ලෙස පෙනිය හැක (ශාරීරික තත්වයක) (මාර්ක් 16:5). සොදොම් හා ගොමොරාහී මිනිසුන් ලොත් සමග සිටි දූතයින් සමග ලිංගික සම්බන්ධයකට ආශා විය (උත්පත්ති 19:1-5). ඉන් අපට තේරේ දේවදූතයන්ට මනුෂ්‍ය රූපයකට පැමිණිය හැකි බවට. මනුෂ්‍යකුගේ ලිංගික ආශාවට ප්‍රතිචාර දැක්වීමේ හා බිහිකිරීමේ හැකියාව ඇති ලෙස සිතිය හැක. මෙය වැටුනාවූ දූතයින් නිතර නොකර සිටින්නේ මන්ද? සමහර විට දෙවියන් වහන්සේ මෙම ක්‍රියාව කරපු දූතයන්ව හිරකර තබන්න ඇත. එම නිසා අනෙක් වැටුනාවූ දූතයන් මෙය නැවත නොකරන පිණිස (යූද් 6 සඳහන් පරිදි). පෙර හෙබ්‍රෙව් පරිවර්ථකයින් හා අලුතින් එක් කළ පොත් හා ව්‍යාජ ලියවිලි ඒකමතිකව පවසනවා “දේව පුත්‍රයෝ” නම් වැටුනාවූ දූතයන් ලෙසට උත්පත්ති 6:1-4 හී සඳහන් පරිදි. මෙයින් තර්කය අහවර නොවේ. කෙසේ වෙතත්, උත්පත්ති 6:1-4 හී සඳහන් දේ වැටුනාවූ දූතයන් මනුෂ්‍ය දූවරු සමග සංදර්භය (සම්බන්ධය) දැඩි ලෙස ව්‍යාකරණානුකුල හා ඓතිහාසිකමය පදනමකට අයත් වේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ හා මනුෂ්‍ය දූවරු නම් උත්පත්ති 6:1-4 හී කව්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries