settings icon
share icon
ප්‍රශ්නය

මිනිසාගේ ප්‍රාණය හා ආත්මය අතර ඇති වෙනස කුමක්ද?

පිළිතුර


ලියවිල්ලේ සඳහන් පරිදි මනුෂ්‍යත්වයේ අතට ඇල්ලිය නොහැකි කොටස් දෙකක් නම් ප්‍රාණය හා ආත්මය. මේ දෙක අතර ඇති පැහැදිලි වෙනස තේරුම් කර දීමට අපහසුය. “ආත්මය” යන වචනය මනුෂ්‍යාගේ අතට නොඇල්ලිය කොටස් වලින් එකකි. මනුෂ්‍යාට ආත්මයක් ඇත. නමුත් අප ආත්ම නොවේද? කෙසේ වෙතත් ලියවිල්ලේ ඇදහිලිවන්තයන්ට පමණයි ආත්මයෙන් ජීවත්වන්න යැයි පවසා ඇත්තේ (1 කොරින්ති 2:11; හෙබ්‍රෙව් 4:12; යාකොබ් 2:26). නොඇදහිලිවතුන් ආත්මයෙන් මැරී ඇත (එපීස 2:1-5; කොලොස්සි 2:13). පාවුල්තුමාගේ ලියවිලිවලට අනුව ආත්මිකත්වය ඇදහිලි වන්තයාගේ ජීවිතයට අත්‍යවශ්‍යමයි (1 කොරින්ති 2:14; 3:1; එපීස 1:3; 5:19; කොලොස්සි 1:9; 3:16). දෙවියන් වහන්සේ සමග පූර්ණ සබඳතාවයක් ඇති කර ගැනීමට හේතු සාධකය වන්නේ මේ ආත්මයයි. “ආත්මය” යන වචනය පාවිච්චි වන ඕනම අවස්ථාව එය මිනිසාගේ අතට ඇල්ලිය නොහැකි දෙවියන් වහන්සේ සමග “සම්බන්ධතාවය” ඇති කරන බව පිළිඹු වේ. ආත්මය නම් උන් වහන්සේමය (යොහන් 4:24).

“ප්‍රාණය” යන වචනය මිනිසාගේ අතින් ඇල්ලිය හැකි හා නොහැකි කොටස් දෙකටම යොමු වේ. මනුෂ්‍යන් නොවන අයටද ප්‍රාණයක් ඇත මනුෂ්‍යා ජීවයකි. ජීවය යන වචනයේ අර්ථය “ජීවිතය” යනුය. කෙසේ වෙතත් මේ අදහසට අමතරව බයිබලය මේ ජීවය පිළිබඳව නොයෙක් විට කථා කරයි. මෙයින් එකක් නම් මිනිසා පාපය කිරීමට ආශාවීම (ලූක් 12:26). මනුෂ්‍යත්වය සාමාන්‍යයෙන් නපුරුයි / අයහපත් එම නිසා අපගේ ප්‍රාණය එහි ප්‍රතිඵලයක් වශයෙන් දූෂිත වෙලා. ප්‍රාණය මිනිසාගෙන් ඉවත් වන්නේ ඔහුගේ මරණයේදී (උත්පත්ති 35:18; යෙරමියා 15:2). ප්‍රාණය, ආත්මය හා සමග ආත්මික හා හැඟීම් අතර අත්දැකීම් වල මධ්‍යත්ථානයයි (යෝබ් 30:25; ගීතාවලිය 43:5; යෙරමියා 13:17). “ප්‍රාණය” යන වචනය පාවිච්චි වන ඕනම අවස්ථාවක එය සම්පූර්ණ පුද්ගලයා ගැන කථා කරයි. ජීවත් වන විට හෝ ඊට පසුත්.

ආත්මය හා ප්‍රාණය එකට බැඳි ඇත නමුත් අසම්බන්ධයි (හෙබ්‍රෙව් 4:12). ප්‍රාණය මිනිසාගේ ජීවත්වීම පිළිඹු කරයි. ආත්මය මිනිසාට දෙවියන් වහන්සේ අතර ඇති සම්බන්ධය පිළිඹු කරයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මිනිසාගේ ප්‍රාණය හා ආත්මය අතර ඇති වෙනස කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries