settings icon
share icon
ප්‍රශ්නය

ආත්මික දීමනා දෙවියන් වහන්සේ බෙදාහරින්නේ කෙසේද? මම දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්නාවූ දීමනාව මට දෙවියන් වහන්සේ දෙනු ලබයිද?

පිළිතුර


රෝම 12:3-8 හා 1 කොරින්ති 12 වන පරිච්ඡේදයෙහි පැහැදිලිව පවසා ඇත සෑම කිතුනුවකුටම ආත්මික දීමනා දෙනු ලබන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදි බවට. ආත්මික දීමනා දෙනු ලබන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ වර්ධනය උදෙසාය (1 කොරින්ති 12:7, 14:12). මෙම දීමනා දෙනු ලබන නියම වේලාව ගැන සඳහන් නොකරයි. බොහෝ දීමනා දෙනු ලබන්නේ ආත්මික උපත ලබනා (ගැලවීම ලබනා මොහොතේ) වේලාවේදී යැයි පවසනු ලබයි. කෙසේ වෙතත්, තවත් සමහර දීමනාවන් දෙවියන් වහන්සේ පසුවද දෙනු ලබන බව සඳහන් කරයි. 1 තිමොති 4:14 හා 2 තිමොති 16 හී සඳහන් කරනවා තිමෝති ඔහුගේ හස්තාලේපනය (උපසම්පදාව, අදිශීලනය) අවස්ථාවේදී ලැබූ දීමනාවක් පිළිබඳව “අනාගතවාක්‍යක් තුළින්.” මින් සරළව පවසන්නේ තිමොතිගේ හස්තාලේපනය අවස්තාවේ ඒ ස්ථානයේ සිටි යම් වැඩි හිටියෙක් තිමොතිගේ ඉදිරි සේවයට උපයෝගි වන ආත්මික දීමනාවක් පිළිබඳව පවසා ඇති බවයි.

අපට 1 කොරින්ති 12:28-31 හා 1 කොරින්ති 14:12-13 හී පවසා ඇති දෙය නම් එය දෙවියන් වහන්සේය (අප නොව) දීමනාවන් තෝරන්නේ කියා. මින් අදහස් කරන්නේ සෑම කෙනෙකුට එකම දීමනාව නැති බවටයි. පාවුල්තුමා කොරින්තියේ ඇදහිලිවන්තයන්ට පවසනා දෙය නම් ඔවුන් ආත්මික දීමනා වලට ආශා වෙනවා නම්, ඔවුන් දීමනාවල් දියුණු කර ගැනීම ගැන උනන්දු විය යුතු බවට. අනාගතවාක්‍ය පැවසීම වැනි (එකිනෙකා ගොඩ නැගීම උදෙසා දෙවියන් වහන්සේගේ වචනය ප්‍රකාශ කිරීම). දැන්, ඇයි පාවුල්තුමා දැඩි ලෙස ඔවුනට පවසන්නේ ආශාවෙන්න කියා “වඩා බලවත්” දීමනාවලට ඔවුනට ඒ වන විට සියලුදේ ලබන්ට සුදු දීමනා ලබා අවසාන නම්, තවත් මහත් දීමනාවක් ලබා ගැනීමේ හැකියාවක් නැති විට? එය කෙනෙකුට විශ්වාස කිරීමට යොමු කරයි. සලමොන් දෙවියන් වහන්සේගෙන් ප්‍රඥාව ලබා ගත්තා දෙවියන් වහන්සේගේ සෙනගට යහපත් පාලකයෙක් / පාලනයක් දීමට. එමනිසා දෙවියන් වහන්සේ අපට උන් වහන්සේගේ සභාවේ වර්ධනයට අවශ්‍ය සියලු දීමනා දෙනු ලබයි.

මෙය පවසා තිබෙන අතර, තවමත් මෙම දීමනා බෙදා දෙන්නේ දෙවියන් වහන්සේගේ තෝරා ගැනීමට අනුව, අපගේ කැමැත්ත නොව. සෑම කිතුනුවෙකුම දැඩි ලෙස එක්තරා දීමනාවකට දැඩි ලෙස ආශා වෙනවා නම්, අනාගතවාක්‍ය පැවසීම, වැනි දෙවියන් වහන්සේ එම දීමනා සියලු දෙනාට ඔවුන් ඒ දීමනාවට ආශාවූ පලියට නොදෙයි. උන් වහන්සේ එසේ කළා නම්, ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ වර්ධනය උදෙසා අවශ්‍ය අනෙක් ක්‍රියාකාරකම් කරන්නේ කෙසේද?

පැහැදිලි එක් කරුණක් ඇත-දෙවියන් වහන්සේගේ ආඥාව නම් දෙවියන් වහන්සේගේ බලය පැවැත්වීම හැකියාව. උන් වහන්සේ අපට යමක් කිරීමට ආඥා කළහෙත් (සාක්‍ෂි දැරීම, ප්‍රේම කිරීමට නොපුලුවන් අයට ප්‍රේම කිරීම, ජාතීන් ගෝලයන් කිරීම වැනි තවත්), උන් වහන්සේ හැකියාව දෙනවා එය කිරීමට. සමහරු ශුභාරංචි සේවයට දීමනාව ලබා තිබෙන ලෙස තවත් කෙනෙකු ලබා නැති වෙන්න ඇති. නමුත් දෙවියන් වහන්සේ සියලු කිතුනුවන්ට ආඥා කරනවා සාක්‍ෂිදැරීමට හා ගෝලත්වයට ගෙන ඒමට (මතෙව් 28:18-20; ක්‍රියා 1:18). අපට ශුභාරංචි සේවයට දීමනාව තිබෙනවාද නැද්ද යන්න කෙසේ වූවත් අපට ශුභාරංචි සේවය කිරීමට කැඳවා ඇත. යම් කිතුනුවකු දෙවියන් වහන්සේගේ වචනය ඉගෙන ගැනීමට දැඩි උත්සාහ දරා ඔහුගේ ඉගැන්වීමේ හැකියාව දියුණු කිරීමට උත්සාහ කරනවා නම් ඔහුට හැකියාව තිබෙනවා ඉගැන්වීමේ දීමනාව ඇති කෙනෙකුට වඩා දීමනාව ගැන නොසලකා හරින කෙනෙකුට වඩා හොඳ ගුරුවරයෙකු වීමට.

අප ක්‍රිස්තුස් වහන්සේව ලබා ගන්නා අවස්ථාවේදීම අපට ආත්මික දීමනා දෙනු ලබයිද? හෝ දෙවියන් වහන්සේ සමග අපගේ ගමන් කිරීම මත එය තීරනය වේද? පිළිතුර නම් දෙකම යන්නයි. සාමාන්‍යයෙන් ආත්මීක දීමනා දෙනු ලබන්නේ ගැලවීම ලබන අවස්ථාවේදීය. නමුත් එය ක්‍රියාත්මක වන්නේ ආත්මික වර්ධනයත් සමගමය. ඔබගේ සිතේ ආශාවන් ඔබගේ ආත්මික දීමනාව තුළ ලුහුබැඳ හා වර්ධනය කරගත හැකිද? එවැනි ආත්මික දීමනා පසුපස ගොස් සොයා ගත හැකිද?

1 කොරින්ති 12:31 මෙය හැකි බව සඳහන් කරයි. “වඩා උතුම් දීමනා වලට ආශා වෙයල්ලා” ඔබට දෙවියන් වහන්සේගේ යම් දීමනාවක් ඉල්ලීමට හැකියාව තිබෙන අතර ඒ පිළිබඳව මහත් උනන්දුවක් දැක්විය යුතුය එය දියුණු කර ගැනීමට. ඒ අවස්ථාවේදීම, එය දෙවියන් වහන්සේගේ කැමැත්ත නොවේ නම්, ඔබ කෙතරම් ඒ පිළිබඳ ආශාවූවත් උන් වහන්සේ ඔබට එය නොදේ. දෙවියන් වහන්සේ ඉතාමත් ප්‍රඥාවන්තයි, එමෙන්ම උන් වහන්සේ දන්නවා ඔබ උන් වහන්සේගේ රාජ්‍යය උදෙසා මොන දීමනාවෙන්ද යමක් කළ හැක්කේ කියා.

අපට මොන තරම් දීමනා තිබුණත්, අපව කැඳවා ඇත්තේ යම් දීමනාවල් වර්ධනය කිරීම සඳහාය. ආගන්තුක සත්කාර කිරීමට, කරුණාවෙන් ක්‍රියා කිරීමට, එකිනෙකාට සේවය කිරීමට, ශුභාරංචිය ප්‍රකාශ කිරීමට තවත්. අප දෙවියන් වහන්සේට ප්‍රේමයෙන් සේවය කරන විට උන් වහන්සේගේ මහිමය උදෙසා එකිනෙකා ගොඩ නැගීම පිණිස, උන් වහන්සේ උන් වහන්සේගේ නාමයට මහිමය ගෙනෙයි උන් වහන්සේගේ සභාව වර්ධනය කරයි, අපට විපාක දෙයි (1 කොරින්ති 3:5-8, 12:31-14:1). අප උන් වහන්සේව අපගේ ප්‍රීතිය කර ගන්නවා නම් උන් වහන්සේ අපට පොරොන්දු වෙනවා, අප‍ෙග් හදවතේ ආශාවන් උන් වහන්සේ අපට දෙන බවට (ගීතාවලිය 37:4-5). මෙයින් නියත වශයෙන්ම අපව සූදානම් කරයි උන් වහන්සේට සේවය කිරීමට ඉන් අපට සෑහීමට පත්වීමක් හා හේතු සාධකයක් ගෙනෙයි.



English



නැවතත් සිංහල මුල් පිටුවට

ආත්මික දීමනා දෙවියන් වහන්සේ බෙදාහරින්නේ කෙසේද? මම දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්නාවූ දීමනාව මට දෙවියන් වහන්සේ දෙනු ලබයිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries